ආන්ඩුව පෙරලන්න තියෙන අන්තිම චාන්ස් එකත් අතේ මාට්ටු..! (VIDEO)

0
21713

වත්මන් ආණ්ඩුව මෙම වසරේදී පෙරළා දමන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පැවසුවා. ඊට ප්‍ර‍තිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසුවේ තමා ස්විට්සර්ලන්තයේ සංචාරයක නිරතවන බවත් ඒ කාලයේදී ආණ්ඩුව පෙරලා බලය ලබාගන්නා ලෙසයි.

එවන් කතාබහක් පවතින මේ සමයේ, ආණ්ඩුව පෙරළිය හැකි එකම ආකාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී අද (06) පැහැදිළි කළා. ඒ සඳහා ජනාධිපතිවරයා සහ කතානායකවරයා යන දෙදෙනාගේම පක්ෂපාතීත්වය ලබාගත යුතු බවයි ඔහු සඳහන් කළේ.

“කෙනෙකුට කියන්න පුළුවන් පාර්ලිමේන්තුවෙ ඉන්න මන්ත්‍රීවරු ගණන් කරල ආණ්ඩුවට නෙවෙයි වෙන කෙනෙකුටයි වැඩිපුර ඉන්නේ කියල. හැබැයි ඒ වැඩේ කරන්නත් කතානායකයි ජනාධිපතියි ඒ පැත්තට ඉන්න ඕන… ඒක තමයි ඇත්ත තත්වය. එහෙම නැතුව ඒක කරන්නත් බැහැ. ඔබ තුමන්ලට මතක ඇති ප්‍රේමදාස ජනාධිපතිතුමාට විරුද්ධව දෝශාභියෝගයක් ආව. මමත් අත්සන් කළා. එක්සත් ජාතික පක්ෂයමයි ඒ වැඩේ පටන් ගත්තෙ… අන්තිමට කට්ටිය අත්සන් කරල ඇරිය… මොකක්ද වුණේ… දෝෂාභියෝගයට වෙච්ච දෙයක් නැහැ. මොකද කතානායක තුමයි ජනාධිපතිතුමයි එතනදි එකතුවුණා. අත්සන් කරපු දෝශාභියෝගෙට වෙච්ච දේකුත් නැති වුණා. කරූ ජයසූරිය කතානායකකුමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමයි දෙන්න අල්ලගත්තොත් තමයි වෙන ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙන්නේ. හැබැයි 2020 වෙනකම් ඒක කොරන්න හම්බවෙන්නේ නැහැ වෙන කාටවත්. මම ඒක පැහැදිළිව කියනව.”

Comments

comments

LEAVE A REPLY