ආරක්ෂක හේතුන් මත බුර්කාව තහනම්..!

ලොව පුරා අද වනවිටදී බුර්කව පිළිබඳව කතාබහක් ඇතිව තිබෙනවා. ලංකාව තුලද විටින් විට බුර්කාව තහනම් කල යුතුයැයි සමාජ ජාල හරහා කතාබහක් ඇතිවුවා.

නමුත් අද වනවිටදී මොරොක්කෝව සියලු රටවලට ප්‍රථමයෙන් බුර්කාව තහනම් කිරීම සඳහා කරයුතු කරමින් සිටිනවා.

එරට වාර්තාවලට අනුව පැය 48 ඇතුලත තමන්ගේ අලෙවි සැල්වල තිබෙන ඇඳුම් තොග අවසන් කරගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

මෙයට හේතුව මොරොක්කෝ රජය නිල නිවේදනයක් නිකුත් නොකලද, නම සඳහන් නොකළ රජයේ නිලධාරියෙකු බි.බි.සීයට සඳහන් කර තිබුනේ මෙම තීරණය ගෙන ඇත්තේ ආරක්ෂක හේතුන් මත බවයි.

කෙසේවුවද, 6 වෙනි මොහොමඩ් රජු නායකත්වය දරන උතුරු අප්‍රිකානු රාජධානියක් වන මොරොක්කෝව තුළ බුර්කාව පිළිබඳව ගෙන ඇති නව තීරණය සම්බන්ධයෙන් බෙදුනු අදහස් මතුවෙමින් ඇතැයි වාර්තා වේ.

 

LEAVE A REPLY