ඔබාමාගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවවාදයක්..!

පවුලේ ව්‍යාපාරයක් කළමනාකරණය කරන ආකාරයෙන් ධවල මන්දිරයේ සිට රට පාලනය කිරීමෙන් වළකින්නැයි තමන් නව ජනාධිපති අනුප්‍රාප්තිකයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවවාද කරන බව අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසනවා.

ඔහු මේ බව ප්‍රරකාශ කර ඇත්තේ ඒ බී සී රූපවාහිනිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීයි. ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු පෘථිවියේ ඇති විශාලතම සංවිධානයේ ප්‍රධානියා තමන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් සිතට ගතයුතු යැයිද බරක් ඔබාමා ප්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රරම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රුසියාව අන්තර්ජාලය හරහා බලපෑම් කළ බව අමෙරිකානු බුද්ධි අංශ මීට පෙර චෝදනා කළා.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔබාමා ප්‍රකාශ කර ඇත්තේ සයිබර් ප්‍රහාරයන්ගෙන් සහ අන්තර්ජාලය හරහා වැරදි තොරතුරු සන්නිවේදනය වීමෙන් ප්‍රජාතන්ත‍්‍රවාදයට ඇතිවිය හැකි බලපෑම පිළිබඳ තමන් අවතක්සේරුවකින් සිටි බවයි.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් පිළිබඳ තමන් අවතක්සේරුවකින් නොසිටි බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

Comments

comments

LEAVE A REPLY