ජනතාවට හොරා මත්තල විකුණූ ලන්සුව “ඩොලර් මිලියන 320ද..? මිලියන 295 ද..?”

මත්තල ගුවන් තොටු‍පොළ ඉන්දීය සමාගමකට බදුදීම සඳහා වන අවසන් වටිනාකම පිළිබඳව මේ දිනවල අවසන් සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සහ සංවර්ධන කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

විෂය භාර අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (08) පැවැති මාධ්‍ය හමුවක දී මේ බව අනාවරණය කෙරිණ.

එහි දී අනාවරණය කෙරුණු තොරතුරුවලට අනුව මත්තල ගුවන් තොටු‍පොළ වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති ලන්සුව ඇමෙරිකානු ඩොලර් මිලියන 320කි. ඉන්දියාව ඒ වෙනුවෙන් ඉදිරිපත් කර ඇත්තේ ඩොලර් මිලියන 295ක ලන්සුවකි.

දෙපාර්ශ්වයේ මිල ගණන් අතර වෙනසක් පැවැතිය ද ඉදිරි මාස 3 ඇතුළත මෙම බදු ගිවිසුමට අදාළ අවසන් එකඟතාවන්ට පැමිණිය හැකි බව අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ රජයේ තක්සේරුකරු විසින් තක්සේරු කළ මිලට වඩා අඩු මිලකට ගනුදෙනුව අවසන් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා නොකරන බවයි.

මත්තල ගුවන් තොටු‍පොළ ඉන්දියාවට බදුදීම සම්බන්ධයෙන් වන මූලික වටයේ සාකච්ඡා වාර 03ක් මේ වන විට පවත්වා අවසන් බවත් ඒ සඳහා ප්‍රවාහන, විද්‍යා හා තාක්ෂණ සහ ‍පොදු ව්‍යාපාර සංවර්ධන යන අමාත්‍යාංශවල ‍ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් සහභාගි වී ඇති බවත් මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණි.

නයන තරංග ගමගේ

Facebook Comments

more recommended stories

%d bloggers like this: