ජනාධිපති සමග සාකච්ඡාවෙන් පසු වර්ජනයෙන් ඉවත් වුනා – ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය

A Sri Lankan lottery seller adjusts his stall display near a roadside market in Colombo.

අද (05) පස්වරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පවත්වන ලද සාකච්ඡාවකින් පසු වර්ජනයෙන් ඉවත් වූ බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය පවසා සිටියි.

ලොතරැයි පතක මිල රුපියල් 30 ක් දක්වා ඉහළ දැමීමට සහ කොමිස් මුදල් ඉහළ නොදැමීමට විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවි නියෝජිතයන් විසින් වර්ජනයක් දියත් කළ අතර ඉදිරියේදී අදාළ ගැටළු සදහා විසදුම් ලබා දෙන බවට ජනාධිපතිවරයා විසින් පොරොන්දු වීම මත වර්ජනයෙන් ඉවත් වන බවත් හෙට (06) සිට ලොතරැයි අලෙවිය සිදුකරන බවත් සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Comments

comments

LEAVE A REPLY