දහසක් කෙණෙහිලි කම් මැද අවසන් වුන මොරගහකන්ද ව්‍යාපෘතිය.

0
396

මොරගහකන්ද මහා ජලාශ ව්‍යාපෘතිය මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍ය ධූරය දරන විට ආරම්භ කරන ලදී.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන එවකට සිටි දේශපාලන නායකත්වය ලබානොදෙන අතර විදෙස් ණය පවා ලබාගැනීම වලක්වයි.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධෛර්යය හා කැපවීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය වන මූලික ප්‍රතිපාදන කෙසේ හෝ සටන් කර රාජය තුලින්ම ලබාගැනීමට ඔහු සමත් විය.
2007 ජනවාරි 25වන දින මෙම රුපියල් බිලියන 90ක යෝධ සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹීය. ව්‍යාපෘතියේ සාර්ථකත්වය දරාගත නොහැකිවූ හිටපු ජනාධිපති වරයා එම ඇමති ධූරය චමල් රාජපක්ෂ තම සහෝදරයාට ලබාදෙන අතර ඒ හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා වඩාත් ප්‍රියකල කෘෂිකර්ම හා ගොවිජන සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරය ඔහුට අහිමි කරයි.
මෙසේ දහසක් කෙනෙහෙලි කම් මැද එදා ඒ ඇරඹි මොරගහකන්ද මහා ජාලාශ ව්‍යාපෘතියේ දියවර රැඳවීම 2017 ජනවාරි 11වනදා මෛත්‍රී ජනපතිඳුන් ගේ සුරතින් සිදුකෙරෙන අතර එකල සිහිනයක් වූ මොරගහකන්ද අද යතාර්ථයක් වී හමාරය.
මාතලේ,කුරුණෑගල ,ත්‍රිකුණාමලය ,පොළොන්නරුව,අනුරාධපුරය දිස්ත්‍රික්කයන්හි කෙත් බිම් යල මහ දෙකන්නයේම අස්වැද්දීමට ම්නෙන්ම උතුරේ ජනතාවටද මෙම මොරගහකන්ද කළුගඟ යෝධ වාරි ව්‍යාපෘතිය සමත් වන අතර ජනතාවට පිරිසිඳු පානිය ජලය ද මින් ලැබේ.
මේ සමඟම ඇලහැර ඇල ඉදීවීමද ආරම්භ වී අනාදිමත් අනාගතයකට කැඳවා ගෙන යන දියවර සිහිනය මෙසේ සැබෑවෙයි.

Comments

comments

LEAVE A REPLY