ප්‍රභාකරන් හිටියා නම් අද අගමැති – තමිල්නාඩුවේ ජයලලිතා වෙන්නට යන යූඇන්පී ඇමතිනි විජයකලා

එල්ටීටීඊ නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් අද ජීවත්ව සිටියා නම් අග්‍රාමාත්‍ය ධුරයට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට වුවද ඔහු සුදුසු වන බව, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ සවස පැවති උත්සවයකදී ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී ඇය ප්‍රකාශ කර තිබුනේ, “ප්‍රභාකරන් යනු වත්මන් ලෝක නායකයින් සමග සැසඳීමේදී පෞර්ෂත්වයෙන් හා වීරත්වයෙන් පිරිපුන් අයෙකු බවත්, ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු දෙමළ ජනතාව අසරණ වී සිටින බවයි
එමෙන්ම,

“අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානය සමගින් එකතු වී යහපාලන ගමනක් ආරම්භ කර තිබෙනවා. උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම රජයේ අරමුණයි. අප ඡන්ද ගැනීමේ අරමුණින් මේ දේ සිදුකරන්නේ නැහැ. පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මෙහි සිදුවුණේ මොනාද කියල හැමෝම දන්නවා. උතුරේ අවංකව වැඩ කරන ග්‍රාම නිලදාරීන් දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් කියල සේවයෙන් පහ කර දැමුවා. අද සිටින අපගේ ජනාධිපතිවරුන් සමගින් සසදා බැලුවොත් ප්‍රභාකරන් මෙන් නායකයෙක් සොයාගන්නට වත් බැහැ.ඔහු අද ජීවත්න් අතර සිටියානම් අගමැතිවී සිටින්නටද, ඉඩ තිබුනා,නැතිනම් මන්ත්‍රිවරයෙක් ලෙසින්ද ඉන්නට තිබුනා. ඒත් අපගේ අවාසනාවට එසේ සිදු සුනේ නෑ.”

image48මෙම කථාවත් සමග සිහිගැන්වුනේ දෙමළ ඩයස්පෝරාව සමගින් එක්වී සිට ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය තව දුරටත් වවාගෙන කමින් තමිල්නාඩුවේ දෙමළ ඡන්ද දිනා ගැනීමට වෙර වෑයම් දැරූ ජයලලිතා ජෙයරාම් බවයි එහි සිටි මාධ්‍යවේදීන් අප සමග කියා සිටියේ.

යුද්ධයෙන් පසු උතුරේ සංවර්දනය වෙනුවෙන් කළ යුතු ජනතාවගේ යටිතල පහසුකම් පමණක් නොව, මානසිකවද ඔවුන්ව යහපත් චේතාන්විත ගමනක් සඳහා රැගෙන යෑම සඳහා ඇප,කැපවී ක්‍රියාත්මක වන රටේ ප්‍රබල පක්ෂ දෙකක එකතුවෙන් ගමන්ක් අරඹා ක්‍රියාත්මක වන වර්තමානයේ තවදුරටත් ප්‍රභාකරන්ව වීරයෙක් ලෙස අරුත් ගන්වන්නේ හුදෙක්ම තම ඡන්ද පදනම ගොඩ ගසා ගැනීමට බවයි පෙනෙන්නට තිබෙන්නේ.

එක්සත් ජාතික පක්ෂ ප්‍රබල ක්‍රියාකාරිනියක් වන විජයකලා මහේශ්වරන් පිළිබඳ විනය ක්‍රියාමාර්ගයක් නොගන්නේ මන්දැයි විමතියට කරුනක් වෙනවා. දිනපතාම මෙවැනි ජාතීවාදී ප්‍රකාශයන් සිදුකරමින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් අතින් ඝාතනය වූ මිනීමරු ත්‍රස්තවාදි නායකයාව තව තව වීරයෙක් කරමින් දෙමළ ජනතාවගේ මානසිකත්වය ජාතීවාදී කඳවුර වෙතම රඳවාගෙන තබා ගන්නේ අනාගත දරු පරම්පරාවම අනතුරකට ඇද දැමීමට බවයි පෙනී යන්නේ.
ගිනි ගැනීමකින් විනාශයට ලක්වූ කිලිනොච්චිය පොදු වෙළද සංකීර්ණයේ වෙළඳුන් හට, නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් වන්දි පිරිනැමීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණ අතර, මෙම වන්දි පිරිනැමීම සඳහා නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 74 ක් වෙන්කර තිබුණා. මේ සියල්ල පසුගිය කාලවලදී සිදු නොවුන දේවල්. විජයකලාට ඔතරම් ප්‍රභාකරන් පිළිබඳව ආදරයක් , ආශාවක් තිබේනම් දෙමළ ඩයස්පෝරාවෙන් අවශ්‍ය මුදල් ගෙන යාපන දෙමළ ජනතාව හට ලබා දෙන්නට තිබුනා නොවේද..?

LEAVE A REPLY