බන්ධනාගාර වෙඩි තැබීම – විමර්ශන වාර්තා හමස් මල්ලේ -සැකකරුවන් නිදැල්ලේ..!

0
1141

2012 නොවැම්බර් 09 වැනි ද වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් 27 දෙනකු මිය ගොස් 2016 නොවැම්බර් මස 09ට වසර හතරක් සපිරුණත් ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නැතැයි ද, එම සිදුවීමට තවමත් සාධාරණයක් ඉටු වී නැතැයි ද කියමින් මාධ්‍යවේදී කසුන් පුස්සවෙල මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර දැන් මාස ගණනාවක් අවසන්ය.

හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ, වත්මන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන්, හිටපු බන්ධනාගාර ඇමැති ගජධීර, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් එම පැමිණිල්ලේ වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.

මෙම වෙඩි තැබීම අහඹුවක් නොවන බවත්, මිය ගිය පිරිස ලැයිස්තු ගත කර ඒ අනුව මැරූ බවට ඇසින් දුටු සාක්කි ඇති බවත්, මේ සම්බන්ධයෙන් කළ විමර්ශන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවත් එම පැමිණිල්ලේ සඳහන්ය.

එම පැමිණිල්ලේ මෙසේ ද සඳහන්ය.

15967614_10207407384853971_892042464_o‘‘ඝාතන  පිළිබඳ සෙවීමට ත‍්‍රිපුද්ගල කමිටුවක් එවකට බන්ධනාගාර අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර පත් කළ අතර, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු බන්ධුල අතපත්තුගේ ප්‍රධානත්වයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති ගුණසේන තේනබදු සහ එවකට බන්ධනාගාර  අමාත්‍යාංශයේ නීති උපදේශකව සිටි ලලිත් අන්ද්‍රාහැන්නදි එම කමිටුව විය. වසර එකහමාරක් පුරා හෙළිනොකරමින් සිටි එම කමිටු වාර්තාව 2014 වසරේ ජනවාරියේ දී එවකට විෂය භාර චන්ද්‍රසිරි ගජධීර අමාත්‍යවරයා විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට බාර දෙන ලදී. එම කමිටු වාර්තාව හෙළි නොකළ අතර  පසුගිය ආණ්ඩුව කිසිඳු පරීක්ෂණයක් ද සිදු නොකරන ලදී.

යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ප්‍රධාන මැතිවරණ පොරොන්දු අතර කැපී පෙනෙන පොරොන්දුවක් වූ මෙම ඝාතන සෙවීමේ පොරොන්දුව තවමත් ඉටු නොකරමින් සිටී. ඝාතනයට පත් වූ රැඳවියන්ගේ දෙමව්පියන් සහ සිවිල් සංවිධාන 2015 වසරේ පෙබරවාරි 17 වැනිදා යුක්තිය ඉල්ලා උද්ඝෝෂණයක් සිදු කළ අතර එහිදී දින 100 ආණ්ඩුවේ අධිකරණ නියෝජ්‍ය අමාත්‍යව සිටි සුජීව සේනසිංහ විසින් පොරොන්දුවක් ලබා දුන්නේ මේ පිළිබඳව සොයා බලන බවට ය. ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී. විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක සහ විශ්‍රාමලත් පරිපාලන නිලධාරී නීතීඥ එස්. කේ. ලියනගේ  මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ. මාස පහක කාලයක් තුළ අදාළ ත්‍රිපුද්ගල කමිටුව සිද්ධිය  ඇසින් දුටු රැඳෙවියන්ගෙන් සහ බන්ධනාගර නිලධාරීන්ගෙන් සාක්‍ෂි ලබාගෙන නැවත  පුළු‍ල් පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දී තිබේ. ඒ නව වාර්තාව ඉකුත් වසරේ ජුනි මස 9 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍යවරයාට  බාර දී තිබේ. නමුත් මේ වන තුරු එම වාර්තාව හෙළි කිරීමට හෝ ඒ පිළිබඳව සොයා බැලීමට කිසිදු පියවරක් ගෙන නොමැත.

2012 වසරේ නොවැම්බර් මස 9 වැනිදා මෙම ඝාතන 27 වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ අතර, බන්ධනාගරය තුළට ආයුධ සහිතව සෝදිසි සඳහා යැයි කියමින් යුද හමුදාවට ඇතුලූ විය නොහැකි නමුත්, එලෙස සන්නද්ධ හමුදා එවන ලද්දේ කුමණ නිලධාරියෙකූ ගේ අණට අනුව ද? ලැයිස්තුවකට ගෙන යම් යම් තෝරා ගත් රැඳවියන් ඝාතනය කළේ කුමක් සඳහා ද? එය  කාගේ වුවමනාවක් ද? යන්න තවමත් හෙළි නොකර තිබේ. යුද හමුදාවට එවැන්නකට අවසර ලබා දිමේ බලය ඇත්තේ සේනාධි නායකයාට හෝ ආරක්ෂක ලේකම්වරයාට වේ. නමුත් මේ වන තුරු ජනාධිපතිවරුන් දෙදෙනෙකු, ඇමැතිවරුන් දෙදෙනෙකු සහ කමිටු දෙකක් විසින් මෙරට සිදු වූ බරපතළම ඝාතනයන් සැඟවීම තුළ ඇත්තේ සැකයකි.

තොරතුරු දැනගැනීමේ පනත වැනි වැදගත් පනත් සම්මත කිරීමට ද, යුක්තිය හා මානව හිමිකම් වෙනුවෙන් වග වන බවට ද පොරොන්දු වූ ඔබ ආයතන සහ  ජනපති – අගමැති ප්‍රමුඛ  ආණ්ඩුව මේ වනතුරුත් මෙම ඝාතන පිළිබඳව නිහඬව සිටීම ගැන ඇත්තේ කණගාටුවකි. වසර හතරක් පුරා මාධ්‍යවේදියෙකු ලෙසත්, යුක්තිය අපේක්ෂා කරන සිවිල් පුරවැසියෙකු ලෙසත් මේ පිළිබඳව   මා හෙළි කර තොරතුරු ද, ප්‍රසිද්ධ මාධ්‍යයට ලබා දිය නොහැකි මෙම ඝාතන වලට අදාල ජායාරූප සාක්ෂි සහ ඇසින් දුටුවන් ගේ හඬ පට ද විශ්වාසනීය ආයතනයක් වෙනුවෙන් ලබා දීමට වුව හැක. හඬක් නැගිය නොහැකි එම රැඳෙවියන් පිළිබඳව පරීක්ෂණ කඩිනම් කරන ලෙසත්, නැවත එම ඝාතනයන්ට අනුබල දුන්නන් පිළිබඳව සොයා බලන ලෙස ද මින් ඉල්ලා සිටිමි.

කසුන් පුස්සෙවෙල.
මාධ්‍යවේදී.

ලැයිස්තුවක් සහිත බිල්ලන් අවුත් දණ ගස්වා මරා දැමූ බවට බිත්තිය පසාරු කරගෙන ගිය මූණිස්සම් උස ද…

උණු ලේ දහරා සහිත නිසල සිරුරු අත ලඟට පාන්දර නොතිබූ තුවක්කුවක් උදෑසන අවුත් තිබීම ද..

ඔවුන්ගේ මරණයන් සැලසුම් කළ ඝාතන බවට සාක්ෂි සපයනු ඇත..

මීට සිව් වසරකට පෙර අද වන් රාත්‍රියක පාන්දර වැලිකඩ බන්ධනාගාරයේ පුස්තකාළය අසල දී…

15032321_10206935749423380_1109930310560601135_n

( ඉහළ ජායාරූපය 2012 වසරේ නොවැම්බර් 10 වැනිදා පාන්දර ජංගම දුරකථනයකින් ලබා ගත් එකක් වන අතර එහි තුවක්කුවක් නොමැත.උදෑසන මාධ්‍යයට නිකුත් කළ ජායාරූප තුළ තුවක්කුවක් තිබේ.
ඔවුන්ව පසාරු කරගෙන ගිය මූණිස්සම් පිටුපස බිත්තියේ වැදී ඇති අතර ඒවා මිනිස් සිරුරකින් අඩ උසක තිබේ.ඒවායෙහි බේරුණු ලේ පාරවල් ඒ අසලම සිට වුන්ට වෙඩි තැබූ බවට සාක්ෂි නොවේ ද??)

Comments

comments

LEAVE A REPLY