භික්ෂුවක් ගිණි තබාගනී..!

4205

දෙවන ලෝක යුද සමයේ ලිංගික වහලුන් ලෙස කොරියානු ස්ත්‍රීන් යොදා ගැනීම වෙනුවෙන් වන්දි ලබා ගැනීම සඳහා ජපානය සමඟ එළැඹි ගිවිසුමට විරෝධය පාමින් බෞද්ධ භික්ෂුවක් සිරුරට ගිනිතබා ගෙන තිබෙනවා. බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලැබීමෙන් අනතුරුව රෝහල්ගත කරන ලද 64 හැවිරිදි දකුණු කොරියානු ජාතික භික්ෂුව තවමත් සිහිසුන් තත්වයේ පසුවනවා. දෙවන ලෝක සංග්‍රාමය සමයේ කොරියානු කාන්තාවන් ලිංගික වහල් මෙහෙයේ යෙදැවීම සම්බන්ධයෙන් පවතින මතභේද නිරාකරණය කරගැනීමට ජපානය සහ දකුණු කොරියාව 2015 වසරේදී එකඟත්වයකට පැමිණියා.

කොරියානු ජාතික කාන්තාවන් අති බහුතරයක් ඇතුළු ලක්ෂ දෙකකට අධික කාන්තාවන් පිරිසක් දෙවන ලෝක යුද්ධය සමයේ ජපානයේ හමුදා ගණිකා කඳවුරුවල බලහත්කාරයෙන් සේවයේ යෙදැවුණු බව විශ්වාස කෙරෙනවා.

එම ශෝචනීය අත්දැකීමට මුහුණ දුන් කොරියානු කාන්තාවන් වෙනුවෙන් ඩොලර් මිලියන නවයකට ආසන්න වන්දි අරමුදලක් පිහිටුවීමට ජපානය එකඟත්වය පළ කළා.

මෙම එකඟතා ගිවිසුමට එරෙහිව බෞද්ධ භික්ෂුව තම සිරුරට ගිනිතබාගෙන ඇත්තේ දකුණු කොරියානු ජනපතිනි පාර්ක් ගුන්-හේට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුරදී යි.

දකුණු කොරියානු ජනපතිනිය බලයෙන් පහකරන ලෙස බලකරමින් සෝල් නුවර දියත්වෙන මෙම විරෝධතාව නොකඩවා සති එකොළහක් තිස්සේ පවතිනවා.

Comments

comments

LEAVE A REPLY