මාධ්‍යය , සයිටම් සහ ආණ්ඩුව පෙරලීම.

රාජපක්ෂවරුන්ට අනීතිකව සේවය කළ පුද්ගලයන් ජනාධිපති වරණයෙන් අනතුරුව තමන්ට කුමන ඉරණමක් අත්වේවිදැයි භීතිකාවකින් පෙළුණ බව නොරහසකි. එහෙත් වැඩි කාලයක් ගත වෙන්නට මත්තෙන් දූෂණ වංචා සහ අපරාදවලට සම්බන්ධ පුද්ගලයන්ගෙන් සැලකිය යුතු පිරිසක් අලුත් ආණ්ඩුවේ රැකවරණය ලබා ගැනීමට සමත් වන්නේය. තවත් පිරිසක් තමන්ට කිසිවක් සිදු වන්නේ නැත යන විශ්වාසයෙන් පෙර පරිදිම විරාජමානව සිටිනු පෙනේ. තවත් පිරිසක් වත්මන් ආණ්ඩුව දූෂිත බව පවසමින් ආණ්ඩුව පෙරළා දමන බවට අභියෝග කරන තත්වයක් ද විද්‍යාමාන වේ.

රාජපක්ෂ පාලනය වෙනස් කිරීමට සැබවින්ම උවමනාවක් තිබුණේ මේ රටේ නීති ගරුක පුරවැසියන්ටය. විපක්ෂයට ඒ වෙනුවෙන් වැඩ පිළිවෙළක් තිබුණේ නැත. රනිල් වික්‍රමසිංහ මහතා බලා සිටියේ අධික ණය බරට යටවී රාජ්‍ය පාලනය තව දුරටත් කරගෙන යාමට නොහැකි වූ තැන දී තමන්ගේ අවස්ථාව ලබා ගැනීමටය. රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමේ සටනක වික්‍රමසිංහ මහතා නොසිටියේය. සටනකින් තොර බලය ලබා ගැනීම ඔහුගේ කැමැත්ත විය. සටන් කර බලය ලබා ගැනීම තමන්ට අනභිමත බව රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම වන්නට පුළුවන. වරක් සරත් ෆොන්සේකාටත්, දෙවනුව මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ජනාධිපති වරණයේ දී තරඟ කිරීමට ඉඩ දෙන්නේ වික්‍රමසිංහ මහතා සටන්කාමී නායකයෙකු නොවන නිසාය.

දූෂණ වංචා සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම, නැවත දූෂණ වංචාවලින් තොරව රාජ්‍ය පාලනයට අවශ්‍ය පියවර ගැනීම ජනාධිපති වරයාගේත් අගමැති වරයාගේත් පරම වගකීමකි. මෙහි වැදගත්කම හා අවශ්‍යතාව ජනාධිපති වරයාට සිවිල් සංවිධාන වසරකට වැඩි කාලයක් තිස්සේ පෙන්වා දී ඇත. සිවිල් සංවිධාන නඟන හඬට ඇහුම් කන් දෙමින්, ඔවුන් පෙන්වා දෙන කරුණු කාරණ සලකා බලා ජනාධිපතිවරයා පොරොන්දු වූයේ කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට අගමැතිවරයා සමඟ සාකච්ඡා කොට පියවර ගන්නා බවයි. කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා කිහිප වතාවක්ම උත්සාහ ගත්ත ද අගමැතිවරයා ඒ සඳහා නිසි සහයෝගයක් නොදක්වමින් කල් මරන අන්දම කනගාටුදායකය. අගමැතිවරයා කැබිනට් සංශෝධනයකට අකමැත්ත පළ කිරීමට හේතු ගණනාවක් පවතින බව පෙනේ. ඒ හේතු අතර ප්‍රධානතම හේතුව වන්නේ රාජපක්ෂ පවුලට රැකවරණය ලබා දීම බව පෙනී යයි. ඵලදායක අන්දමේ කැබිනට් සංශෝධනයක් සිදු වනවා නම් එහිදී නීතිය හා සාමය භාර අමාත්‍යාංශය තීරණාත්මකය. කවර අමාත්‍ය පදවියක් වෙනස් කළත් සාගල රත්නායකගේ අමාත්‍ය පදවිය වෙනස් කිරීමට අගමැතිවරයා එකඟ වන්නේ නැත. ඒ සඳහා මහින්ද රාජපක්ෂගේ අනුමැතිය අගමැතිවරයාට ලැබෙන්නේ ද නැත.

රාජපක්ෂවරුන්ගේ දූෂණ චෝදනා සහ අපරාද සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයා සූදානම් නැති බව පෙනේ. මෙතෙක් කල් සිදු කළේ ඔවුන් සම්බන්ධ දූෂණ චෝදනා සහ අපරාද කසල ගොඩක් සේ අවුස්සමින් ජනවාරි 08 වෙනසට කැපවුණ පුද්ගලයන්ට බයිස්කෝප් පෙන්වීමකි. ඒ බයිස්කෝප් පෙන්වීම ද නතර කරන තැනට අගමැතිවරයා පත්ව සිටින බවය පෙනෙන්නේ.

එෆ්සීඅයිඩී එක දැනටමත් දිය කර හමාරය. රහස් පොලීසිය අධෛර්යට පත් කරන කටයුතු අපමණය. අගමැතිවරයා සිය අගසව් සේ සලකා කටයුතු කරන සාගල රත්නායක එළිපිටම රාජපක්ෂවරුන්ට හිතෛශීව කටයුතු කරන බවට තොරතුරු කීප වතාවක්ම අනාවරණය වී ඇත.

ඇවන්ගාඩ් එකට එළිපිට කඩේ ගිය අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ තමන් අධිකරණ ඇමති වී සිටින තාක්කල් රාජපක්ෂවරුන්ට නීතිය ක්‍රියාත්මක ඉමට ඉඩ ලබා නොදෙන බව කියන්නේ ජනාධිපතිවරයාගෙත්, අගමැතිවරයගෙත් රෙදි ගලවමින්ය.

ව්‍යවස්ථාව සංශෝධනය කර විධායක අගමැති වීම වික්‍රමසිංහ මහතා දකින එක් සිහිනයකි. අනෙක් සිහිනය වන්නේ ශ්‍රීලනිපය දෙකඩ කර ජනාධිපති පදවිය ලැබීමේ සිහිනයයි. වික්‍රමසිංහ මහතා වැඩි කැමැත්තක් දක්වන්නේ දෙවනුව සඳහන් කළ සිහිනය දැකීමටය. ඒ සිහිනය පහසුවෙන් සුව නින්දක් තුළ දී දැකිය හැකිය යන්න අගමැතිවරයාගේ තේරුම් ගැනීම වන්නට පුළුවන. මේ සිහිනය වෙනුවෙන් අගමැතිවරයා උපදෙස් ගැනීම සඳහා මහින්ද ඳී බැසිල් පරිහරණය කළ පොත තෝරා ගෙන ඇති බව පෙනේ. එය නම් ජයග්‍රහණය වෙනුවෙන් අසීමිතව ධනය වැය කිරීමය. බැඳුම්කර වංචාව රටට රහසක් නොවනවා මෙන්ම අර්ජුන අලෝසියස්ගේ මාධ්‍ය ජාලය හා අරක්කු කොම්පැණිය ද මේ වන විට රටට රහසක් නොවේ. කනගාටුවෙන් වුව කිව යුතු වන්නේ මහින්ද රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට ධන බලයෙන් 2015 දී දිනන්නට බැරි වුණ බව අගමැතිවරයාට අමතක වී තිබෙන බවයි. ඒ කාරණාව අගමැතිවරයා තේරුම් ගත යුතුය. එසේ නම් වෙනත් ප්‍රබල සැලසුමක් අවශ්‍ය වන්නේය. ඒ කුමක් ද? එබඳූ සැලසුමක් ගැන ද අගමැතිවරයාගේ අවධානය යොමු වී ඇති බව පෙනේ.

ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට හැකි වුවහොත් විධායක ජනාධිපති පදවිය අහෝසි වන්නේය. ඉක්බිතිව රාජ්‍ය පාලනය සඳහා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමය සිදු වන්නේ. ව්‍යවස්ථාව වෙනස් කළහොත් එහි ගෞරවය හිම වන්නේ ජනාධිපතිවරයාටය. රටේ සියලු ප්‍රගතිශීලී බලවේග එකතු වන්නේ ජනාධිපතිවරයා සමඟය. පාර්ලිමේන්තු මැතිවරණ යකින් මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයග්‍රහණය නිසැකවම හිමි වන්නේය. වික්‍රමසිංහ මහතාගේ ගජමිතුරු කැළ මැතිවරණයක දී එතුමා දැනටමත් පරාද කොට අවසන්ය.

ඊළඟ මැතිවරණයකට තරඟ කිරීමට මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ කැඳවා ගැනීම අගමැතිවරයාගේ සැලැස්මේ ලියවී ඇතුවාට සැකයක් නැත. මහින්ද රාජපක්ෂ කරළියට එන්නේ අගමැතිවීමට නොව, මෛත්‍රීපාල සිරිසේන මහතා පරදවා වික්‍රමසිංහ මහතාට සිය යුතුකම ඉටු කිරීමටය. එහිදී මහින්ද රාජපක්ෂ එක ගලෙන් ද්විත්ව ඵල නෙළා ගැනීමට කල්පනා කරනු ඇත. එකක් මෛත්‍රීගෙන් පළිගැනීමය. අනෙක රනිල්ට කෘතගුණ දැක්වීමය. කිසියම් හේතුවක් නිසා, විස්මය ජනක ප්‍රාතිහාර්යකින් හෝ මහින්ද රාජපක්ෂගේ දරුවන් සහ බිරිඳ අධිකරණයෙන් දඬුවම් ලැබීම ඉරණම බවට පත්වුවහොත් මහින්ද රාජපක්ෂට තව දුරටත් දේශපාලනය කළ හැකි තත්වයක් ඉතිරි වන්නේ නැත. අගමැතිවරයා රාජපක්ෂ පවුලට රැකවරණය ලබා දීමේ අවකාශය දුර්වල වුවහොත් මේ තත්වය ඇතිවීම අනිවාර්ය වේ. එවිටත් පාර්ලිමේන්තු මැති වරණයකට හෝ ජනාධිපති වරණයට ප්‍රතිවාදියා මෛත්‍රී විය හැකිය. මෛත්‍රී පරාද කිරීමට උපක්‍රමයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ කැඳවීම වික්‍රමසිංහ මහතාට තිබෙන අවසන් තුරුම්පුව වන්නේය. රට පාලනය කිරීමට නීති ගරුක පුරවැසියන් ගෝඨාභයට වරමක් ලබා දෙන්නේ නැත. ඒ බව වික්‍රමසිංහ මහතාම හොඳින් තේරුම් ගෙන තිබෙනවා විය යුතුය. එහෙත් ශ්‍රීලනිපයේ සිංහල බෞද්ධ ඡන්දවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂට ලබා ගැනීමට හැකි වනු ඇත. විධායක අගමැතිවීම හෝ විධායක ජනාධිපතිවීම යන දෙකෙන් එකකට වික්‍රමසිංහ මහතාට ගෝඨාභය අධිකරණ ක්‍රියා මාර්ගවලින් ඉවත් කොට රැක ගැනීමේ උවමනාව එය වන්නට පුළුවන.

සයිටම් සහ බුදු දහම.

මේ වන විට රටේ ප්‍රධානතම ප්‍රශ්න දෙකක් මාධ්‍ය විසින් ඉස්මතු කර ඇත. ඒ රටේ ඇත්ත ප්‍රශ්න යට යවමින්ය. බුදු දහම වනසනවා යැයි කියමින් අස්ගිරි, මල්වතු මහ නායක හිමිවරුන්ද ප්‍රකාශ නිකුත් කරන්නේ ඒ අනුවය.එයින් බලපෑමක් සිදුවීම ගැන ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට ගානක්වත් නැත. හරිනම් කල යුත්තේ මෙවැන් ප්‍රකාශයකින් පසු තම නියෝජිතයෙක් යවා එම ප්‍රශ්නය නිරාකරනය කර නැවත මහනායක හිමිවරුන් ලවා ප්‍රකාශයක් නිකුත් කරවා ගැනීමය. ඒ සම්බනධයෙන් සත්‍ය කරුණු මහනායක හිමිවරුන්ට අවබෝධ කරඊමය.එය එසේ වන්නේ නැත. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් තම තමන්ගේ මාධ්‍ය අංශ වලට පටවා ගත්තේ ජනවාරි 8 විප්ලවයට සහය දුන් අයව කියමින්ය. ඒත් ඒ කිසිම කෙනෙක් මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංග දෙපලට හෝ යහපාලන ආණ්ඩුවේ අරමුණ කරා යන ගමනකට තම මාධ්‍ය හැසිරවීම සම්බන්ධයෙන් දැනුවත් භාවයකින් ක්‍රියා කරන්නේ නැත. එක් පාර්ශවයක මාධ්‍ය යන ගමන තීරණය කරන්නේ රටේ පෞද්ගලික මාධ්‍ය ජාලයකින් වන අතර අනෙක් පාර්ශ්වය ක්‍රියාත්මක කරන්නේ මෙලෝ දෙයක් දන්නේ නැති පිරිසක් එකතු වීය.ඉතින් කෙසේ මහනායක හිමිවරු තියා රටේ පොදු මහජනතාව සත්‍ය දැන ගන්නට ඉඩක් තිබේද..?

සයිටම් එක පටන් ගත්තේ රාජපක්ෂ සමයේදීදී යන්න පවා දැන් මහජනතාවට අමතක වන තරමට රාජපක්ෂලාට හිතවත් මාධ්‍ය හසුරුවනු ලබයි.ඒසඳහා ආණුවෙන් කිසිඳු වැඩපිළිවෙලක් දියත් වන්නේ නැත.ජනාධිපතිවරයා සයිටම් ප්‍රශ්නය විසඳීමට ඕනෑවටත් වඩා නම්‍යශීලී වෙමින් දිය හැකි විසඳුම් සියල්ල දී හමාර වූවත් ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුගැනීමට නොහැකිව තමන් කර ඇති දූෂණ වංචා වලින් භයේ පෙලෙන අයගේ කූට උපක්‍රම වලින් සයිටම් ප්‍රශ්නය ආණ්ඩු පෙරලීමක් දක්වා දියත් කිරීමටයි උත්සහ ගන්නේ. ඒ සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලං කරගෙන ඇති තමන්ගේ මාධ්‍ය මෙහෙයවන්නන්, දේශපාලන න්‍යයාචාර්යවරුන්ට ගානක්වත් නැත. ඔවුන්ට ඇති එකම ඉලක්කය වන්නේ ඉදිරි අනාගතයේ පත්වන ආණ්ඩුඅනාධිඔවකින් තනතුරක් ලබා ගැනීමය. මේ පිළිබඳ තොරතුරු ඇතත් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් තවදුරටත් නිහඬව මේ පිළිබඳ බලා සිටින්නේනම් අනාගතයේ ඇතිවන තත්වය වඩාත් භයංකාර වනු ඇත.

more recommended stories