යහපාලනය වෙනුවෙන් නව තරුණ සංවිධානයක් කරළියට..?

යහපාලන රජය ස්ථාපිත කිරීම සඳහා කැපවීමෙන් ක්‍රියාකල තරුණ කොටස් කිහිපයක් එක් වී නව සිවිල් සංවිධානයක් ගොඩනැගීම සඳහා මේ දිනවල සාකච්ජා කරමින් පවතින බවට අතීශය විශ්වාසදායී ආරංචිමාර්ග තහවුරු කර සිටියි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් දැඩි කැපවීමෙන් ක්‍රියාකල මෙම කණ්ඩායම වසර දෙකක් අවසානයේදී යහපාලන රජය විසින් යහපාලන ප්‍රතිපත්තීන් වලට සිදුකර තිබෙන හානිය පිළිබඳව දැඩි කලකිරීමෙන් පසුවන බව වාර්තා වී ඇත.

තවදුරටත් නිහඬව සිටීමෙන් මහජනතාව තුල ජනාධිපතිවරයා කෙරෙහි වූ විශ්වාසය බිද වැටීමට ලක්වන නිසා සැබෑ යහපාලනයක් බිහි කිරීම සඳහා සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව ජනාධ්පතිවරයා සතු වගකීම පිළිබඳව පැහැදිලි කිරීම සහ ඒ පිළිබඳ මහජන මතය නියෝජනය කිරීම මෙම සංවිධානයේ අරමුණ වී තිබේ.

නුදුරේදීම රජයේ තනතුරුවල නියැලී සිටින තරුණ සිවිල් ක්‍රියාකාරිකයින් කිහිප දෙනෙක් සිය තනතුරු වලින් ඉවත් වී මෙම සංවිධානයට සම්බන්ධ වීමට නියමිත අතර ඒ සමඟම පක්ෂ දේශපාලනයෙන් තොර බොහෝ තරුණ පිරිසක් මේ හා සම්බන්ධ වීමට කැමැත්ත පල කර ඇති බවද වාර්තා වී ඇත.

1 COMMENT

LEAVE A REPLY