යහපාලන ලොක්කා මහරගම ගෙදර ගත්තේ බැඳුම්කර ගණුදෙනුවෙන්ද..?

2342

මහරගම, විද්‍යාකර මාවතේ අක්කර කිහිපයක විශාල ඉඩමක පිහිටි සුවිසල් නිවසක් මීට සති කිහිපයකට පෙර යහපාලන ආණ්ඩුවේ ලොකුම ලොක්කෙකු විසින් මිලදි ගෙන ඇති බව දැන ගැනිමට ඇත. එම ලොක්කා එම නිවස මිලදී ගැනීමත් සමග එම නිවසට යන මාර්ගය රජයේ වියදමින් අලුතෙන් කාපට් යොද පිලිසකර කිරීමද සිදුවෙන බව මාධ්‍ය වාර්තා කරා ඔබට මතක ඇති. පිහිනුම් තටාක, ටෙනිස් ක්‍රීඩා පිටි ආදියද මෙම පරිශ්‍රය තුල පිහිටා ඇති බවත් මේ වන විට ප්‍රභු ආරක්ෂකයන් මෙම නිවසේ ආරක්ෂාවට යොදවා ඇති බවද එම පුවත් වාර්තා කර තිබුනා.

එම නිවස රුපියල් ලක්ෂ 4000 ක මුදලකට මිලදී ගෙන ඇති බවද පැවසේ. මෙම නිවස මුල් වරට ගොඩනගා ඇත්තේ මහරගම ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයකුව සිටි මාර්ටින් පෙරේරා මහතා විසින් බවත් පසු කාලයේදි ඔහු ව්‍යාපාරික වශයෙන් බංකොලොත් වීම නිසා මාළු සුරංග නමින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට ඒ විකුණා තිබෙන බවයි වාර්තා කර තිබුනේ. ඔහු පසුගිය රාජපක්ෂ රෙජීමය හා ඉතා සමිපව කටයුතු කළ අයකු වන අතර යුද හමුදාවට මාළු ඇතුලු ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවකු ලෙසද කටයුතු කර ඇති බවයි වාර්තා වූයේ.

ඉදිරි දේශපාලන දැක්මක් වෙනුවෙන් සුවිශාල මාධ්‍ය ජාලයක් ඇරඹීම සඳහා දැනට පවතින මාධ්‍ය ජාලයන්හී සේවය කරන මාධ්‍යවේදීන් ඉතා විශාල මුදලක් දී ලබා ගැනීම ආරම්භ කිරීම සහ මෙවැනි නිවෙස් සහ දේපල මිලදී ගනීම් පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිශන් සභාව හෝ පසුගිය රජයේ දූෂණ පමණක් හොයන පොලිස් මූල්‍ය අපරාධ කොඨ්ඨාශය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ගැන අපි විමහියට පත් වෙමු.

Comments

comments

LEAVE A REPLY