රංගන ශිල්පී සුමින්ද සිරිසේනට ඇමතුමක්වත් දෙන්න..!

0
2015

රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා සමග කල කතාව මෙසේ සටහන් කරනුයේ ඔහුගේ රංගනයට, ඔහුගේ කතාවට කැමැති, ඔහුට ආදරය කළ රසික කැල වෙත ඔහුගේ අලුත්ම තොරතුරු කියන්නටය.

“2012 මැයි මාසයේ මට උණ හැදිලා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වුණා. එතැනදී මට සිහිය නැතිවෙලා. දවස් දෙකක්ම සිහිය නැතුව ඉඳලා තියෙනවා. පසුව සිහිය ආවත් මාස දෙකක් පමණ රෝහල් ගතවෙලා ඉන්න සිද්ධ වුණා. ඊට පස්සෙ ඇවිදින්න බැරිවුණා. දැන් භෞත චිකිත්සක ප්‍රතිකාර කරනවා. එදා කඩිසරව ඇවිදපු මම අද එහෙ-මෙහෙ යන්නෙ හරිම හෙමින් හරිම පරෙස්සමින්.”

අවසන් වරට රගපෑ නාට්‍යය පිලිබදව ඔහු දැක්වූ අදහස් මෙසේය…

“මට හොඳට මතකයි. අන්තිමට රඟපෑවේ ‘සේපාලිකා’ ටෙලි නාට්‍යයේ. එහි වළව්වක නිළමේ කෙනෙක් හැටියට තමයි මම රඟපෑවේ. මගේ අසනීපයෙන් පස්සෙ බුද්ධදාස විතානාච්චි ඒ චරිතය රඟපෑවා. ඒ වගේම තමයි ‘බොරළු පාර’ ටෙලි නාට්‍යයත් මම රඟපාමින් සිටි එකක්.

මගේ ජීවිතය ගැන හුඟක් දේවල් තියෙනවා ලියන්න. පරණ දේවල් ලියලා පොතක් ලෙස පබ්ලිෂ් කළොත් හොඳයි කියලා හිතනවා. ඒත් දැන් ලියන්න අමාරුයි. අකුරු රවුම් කරන්න බෑ. දැන් ටික ටික ඒකට උත්සාහ කරනවා. මම පුතා එක්ක කතා කරල තියෙන්නේ කොම්පියුටර් එකක් අරගෙන ටයිප් කරන්න.

තනිය ඉන්නකොට හරිම දුකක් දැනෙනවා. අපි හැමදාම ජීවත්වෙන්නෙ නෑනෙ. බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ හැටියට අපි මේ තත්ත්වයට පත්වෙනවා. ඒ ගැන හිතලා හිත හදාගන්නවා. පසුගිය දවසක අනුෂා ගෝකුල ප්‍රනාන්දු සංස්කෘතික අධ්‍යක්ෂ තුමිය ඇවිත් බලල ගියා. කලාකරුවො විවේක තිබෙන වෙලාවට ඇවිත් බලලා යනවා.

වේදිකාවේ, රූපවාහිනියේ, සිනමාවේ මගේ රංගනයන් දැකපු මගේ රසිකයන්ගෙන් මම ආදරයෙන් ඉල්ලන්නේ මාව බලන්න එන්න.

අඩුම තරමේ ටෙලිෆෝන් කෝල් එකක් හරි දෙන්න පුළුවන්නම් හොඳයි.
ඔහුගේ දුරකතන අංකය – 033 2226061

ලිපිනය 29/3, ශ්‍රී බෝධි පාර, ගම්පහ.

(මුලාශ්‍රය- රසඳුන)

Comments

comments

LEAVE A REPLY