රුසියානු රාජ්‍ය නිලධාරින් 35ක් ඇමෙරිකාවෙන් පිටුවහල් කෙරේ – ඔබාමා පුටින්ගෙන් ගේම ඉල්ලයි..!

නිමාවුන ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ පරාජයට රුසියානු සයිබර් ප්‍රහාර හේතු වූ බව ජනාධිපති බැරක් ඔබාමාගේ කණ්ඩායම චෝදනා කළා. මේ හේතුවෙන් වොෂින්ටනයේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 35 දෙනෙකු පිටුවහල් කිරීමට ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා නියෝග කර තිබෙනවා.

ඒ අනූව ඔවුන්ට සිය පවුල් සමග ඇමරිකාවෙන් නික්මීමට පැය 72ක කාලයක් ලබාදී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ජනාධිපති ඔබාමාගේ කණ්ඩායම චෝදනා කරමින් පවසන්නේ පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ පරාජයට රුසියානු සයිබර් ප්‍රහාර හේතු වූ බවයි.

මේ අතර ඇමෙරිකාව විසින් රුසියාවට නව සම්බාධක පැනවීමටත් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් රුසියාව ඇමරිකානු ජනාධිපතිවරණයට මෙලෙස බලපෑම් එල්ල කළ බවට එල්ල වන චෝදනා ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරනවා.

මේ අතර අදාල තීරණයට එරෙහිව දැඩි පියවරක් ගන්නා බවට රුසියානු බලධාරීන් පොරොන්දු වී තිබෙනවා. මෙමගින් දෙරට අතර ඉදිරියේදී ගොඩනැගීමට තිබෙන සබඳතා පලුදු විය හැකි බවයි රුසියානු බලධාරීන් වැඩිදුරටත් පවසන්නේ.

Comments

comments

LEAVE A REPLY