විමල් “E වාට්ටුවට” – පිටතින් කෑම ගේන්න අවසර ඉල්ලයි..!

රිමාන්ඩ් බාරයට පත් කැරුණු හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ(10) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ ‘ඊ‘ වාට්ටුවට යොමු කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටිය දී රිමාන්ඩ් බාරයේ සිටියේ ද, හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් බාරයේ සිටියේ ද මෙම ‘ඊ‘ වාට්ටුවේය.

රිමාන්ඩ් කැරුණු වීරවංශ මහතා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයට ගියේය.

සිර වාට්ටුවට යොමු කළ වීරවංශ මහතා හිටපු ජනපති සමග කතා බහ කිරීමට කාර්යාලය වෙත ගෙනු එනු ලැබීය.

මේ අතර විමල් වීරවංස මහතාට පිටතින් ආහාර ලබා ගැනීම සඳහා එහි අධිකාරිවරයාගෙන් අද (11) ඉල්ලීමක්  කර ඇති අතර ඒ අනුව ඔහුට අදාළ අවසරය අද සිට ලබා දී ඇතැයි වාර්තා වේ.

Facebook Comments

more recommended stories

%d bloggers like this: