වොක්ස් වැගන් කම්හල ඇරඹුම ජනවාරි 3

0
2033

කුලියාපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත වොක්ස් වැගන් කර්මාන්ත ශාලාවේ කටයුතු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 3 දා. ආරම්භ කිරීමට නියමිත බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය.

සිරිකොත පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව ඉදිකිරීමට නියමිත දිනයේදීම කුරුණෑගල මත්තේගම කර්මාන්ත ශාලාව මාස් සමාගම විසින් ආරම්භ කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා පැවසීය.

මීට අමතරව ජනවාරි 5 වන දා හොරණ ප්‍රදේශයේදී දේශීය හා ඉතාලි සමාගම් හවුල්ව විශාල කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට නියමිත බවත් එමගින් තරුණ තරුණියන් සඳහා රැකියා 3000ක් ද වක්‍ර රැකියා 10000ක් ලබාදීමට හැකිවන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මීට අමතරව ලබන වසරේදී නව කර්මාන්ත රැසක් ආරම්භ කිරීමට නියමිත බවත් ඒ අතර කුරුණෑගල නගර සංවර්ධන ව්‍යාපෘතිය, හලාවත කල්පිටිය සංචාරක කලාපය, පන්නල කුලියාපිටිය ඉංගිරිය කර්මාන්ත පුරවරය, ඉරණවිල මාදම්පෙ, බිංගිරිය ආර්ථික සංචාරක කලාපය ආදි ව්‍යාපෘති රැසක් ආරම්භ කරමින් මෙරට සංවර්ධිත රටක් බවට පත්කිරීමට කටයුතු යොදන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.

Comments

comments

LEAVE A REPLY