ස්ටාර් වෝස් ‘ලියා’ කුමරිය දිවියෙන් සමුගනී..!

ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ ‘ලියා’ කුමරියගේ චරිතයට පණපොවමින් සුවහසක් ජනතාවගේ ආදරයට පාත්‍ර වූ හොලිවුඩු නිළි කැරී ෆිෂර් මියගොස් තිබෙනවා. මියයන විට ඇය 60 වන වියේ පසුවුණා.

කැරී ෆිෂර් සිය නවතම ග්‍රන්ථය වන ‘ද ප්‍රින්සස් ඩයරිස්ට්’ ප්‍රවර්ධනය කිරීමට ඇය ලන්ඩනය බලාගොස් තිබූ ඇය ලන්ඩනයේ සිට ලොස් ඇන්ජලිස් නුවර දක්වා පියාසර කල ගුවන්යානයක් තුලදී හටගත් හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කරනු ලැබුවා. කෙසේ නමුත් එම අවස්ථාවේදී ඇයට ප්‍රථමාධාර ලබාදී තිබුනා.

එහිදී විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඇයගේ හෘදස්පන්දනය යළි ලබාගැනීමට විනාඩි 15ක් පමණ ගත වූ බවයි. පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල හොලිවුඩු නිළි කැරී ෆිෂර් ප්‍රතිකාර ලබමින් සිටියදී අවසන් සුසුම් හෙලුවා.

LEAVE A REPLY