සෝම හිමි අපවත් වී දහතුන් වසරයි..! (VIDEO)

0
554

නිර්මල වූ බුදු දහම රැක ගැනීම උදෙසා සුවිසල් මෙහෙයක් ඉටුකළ ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී මේ මස 12 වැනි දිනට වසර දහතුනකි. වසර පනස් පහක ජීවන චාරිකාවක් වසර විසි නවයක ශාසනික සේවයක් නිම කළ අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ ජීවන තතු මතකයට නංවන්නට අප සිතුවේ ඒ නිසාවෙනි.

වර්ෂ 1948 අප්‍රේල් මස 24 වැනි දින ගංගොඩවිල ප්‍රදේශයේ ජීවත් වූ වීරතුංග ආරච්චිලාගේ ධර්මදාසටත් හෙට්ටිගේ චාලට් නෝනාටත් හා හා පුරා කියා පුංචි කොලු පැටියකුගේ මුහුණ බැලීමට හැකිවිය. පෙනුමෙන් පින්වන්ත කොලු පැටියාට මවුපියන් නම තැබුවේ සෝමරත්න ලෙසිනිග සෝමරත්න පවුලේ වැඩිමලා වූයේ සහෝදරියන් දෙදෙනකු සහ සහෝදරයන් දෙදෙනකුද පවුලට එකතුවූ නිසාවෙනි.

පුංචි සන්ධියේ සිටම සෝමරත්න කොලු ගැටයාට තිබුණේ ධර්මය ගැන පිපාසාවකි. ඔහු නිතර ධර්මය පිළිබඳ පොතපත ඇසුරු කරන්නට විය. දහම් අධ්‍යාපනය ලබමින් ධාර්මිකයන්ගේ ඇසුර ලබමින් දහම් පිපාසාව නිවාගන්නට උත්සාහ කළේයග ධර්මය සොයා යන මේ තරුණයාට ශාසනය පිළිබඳ ඇතිවූයේ දැඩි ඇල්මකි. ගිහි දිවිය අතහැර ශාසනයේ සාමාජිකයකු වන්නට ඔහු තුළ උපන් කැමැත්ත තම මවුපියන්ට දන්වා සිටියත් තම වැඩිමහල් පුතණුවන් පවුලෙන් වෙන්වී ශාසනික සේවයට යනවාට හිත එකඟ කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. මවුපියන්ගේ අකැමැත්ත පිට ශාසනයට ඇතුළත්වීම නොහොඳ යැයි සිතූ නිසාදෝ ශාසනයේ පැවිද්දකු වීමේ ආසාව මැඬගන්නට සෝමරත්න තරුණයා නිතර උත්සාහ කළේය. නමුත් ඔහු ධර්මයට තිබූ ළැදියාව අතහැරියේ නැත. ඔහු ධර්මය සොයා ගියේයග ඒ පිළිබඳ දැනුම නොව අවබෝධය ගොඩනඟා ගැනීමට ඔහු උත්සාහවන්ත විය.

කාලය ගෙවී ගියේයග සෝමරත්න තරුණයා විසිහය වියට පා තැබීය. පාසලෙන් ඉවත්ව තමන්ගේ පවුලේ ව්‍යාපාරයක් කරගෙන ගියද ගිහිගෙට බැඳී සිටින්නට ඔහුට කිසිදු ආසාවක් නොවීය. ඔහු නිතර පන්සල ඇසුරෙහි යෙදී ධර්මය සොයන්නට උත්සාහ කළේය. මෙසේ පන්සල ඇසුරේ සිටි සෝමරත්න තරුණයාගේ හස්ත රේඛා බලා අම්පිටියේ රාහුල නාහිමියන් කීවේ සෝමරත්නගේ සිතේ තිබූ අදහසට තවත් දලු ලා වැඩෙන වචන පෙළකිග ,මහණ වුණොත් නරකද පුතා..? නාහිමියන් කළ විමසීම කලක් තිස්සේ ඔහු තුළ තිබූ අදහස අවදි කළේය. පැවිදි දිවියට එළැඹීමට ඔහු නැවතත් මවගෙන් පියාගෙන් අවසර පැතීය.
ගිහිගෙට බැඳ තබන්නට කෙතරම් උත්සාහ කළද පුතුගේ අරමුණ මේ සංසාරික ජීවිතයේ කෙළවරක් දකින්නට පහසු මඟ තෝරා ගැනීම යැයි වැටහුණු හෙයින් හතර වරිගයම නිවන් යන පිනට දායකවීමට සෝමරත්න තරුණයාගේ මවුපියෝ සිත එකඟ කර ගත්හ. ලද අවසරයෙන් ගිහිගෙය හැර ගිය සෝමරත්න තරුණයා 1974 වර්ෂයේ සැප්තැම්බර් 20 වැනි දින මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමියන් හා අම්පිටියේ රාහුල මා හිමියන්ගේ භාරකාරත්වය යටතේ ගංගොඩවිල සෝම නමින් මහණ විය.
ගංගොඩවිල සෝම හිමියන්ට පැවිදි බිමට එක්වී ශාසනයේ තනතුරු ලුහුබැඳ යෑමේ අවශ්‍යතාවක් නොවීය. උන්වහන්සේ මඩිහේ පඤ්ඤාසීහ හිමි ආරම්භ කළ තුරුණු සවිය සංකල්පයට පණ දෙමින් තරුණයන් ශීල සමාදාන වැඩසටහන්වලට සම්බන්ධ කර ගත්හ.
මෙලෙස උන්වහන්සේ කළ සේවය නිසා බොහෝ දෙනකුගේ අවධානය උන්වහන්සේ වෙත යොමුවන්නට විය.
මේ අතරතුර වාරයේ උන්වහන්සේ විවිධ ස්ථානයන්හි සංවාදශීලී ධර්ම දේශනා පවත්වමින් ධර්ම ඥානය බෙදා දෙන්නටද කටයුතු කළහ. සෝම හිමියන්ට තිබුණේ විචිත්‍ර ධර්ම කථික හැකියාවකිග ඒ ධර්ම කථික හැකියාව උන්වහන්සේට ලැබුණේ පැවිදි වීමටත් පෙරාතුවයග උන්වහන්සේ ඒ හැකියාව බෞද්ධයන්ගේ හිත සුව පිණිස යෙදවූහ. දිනෙන් දින උන්වහන්සේ පෙන්වූ දහම් මඟයන්නට බොහෝ දෙනා එක්රොක් වූහ.
හොඳ දේ යහපත් සිතින් විඳ දරා ගත නොහැකිව ඊට බාධා පමුණුවන මිනිසුන් කොහේ කොතැනත් සිටිය හැකිය. සෝම හිමියන්ටද තමන් වහන්සේ කළ උදාරතර සමාජ මෙහෙය ඉවසන්නට නොහැකි වූ පුද්ගලයන් අනන්ත අප්‍රමාණ මුණගැසී තිබිණි. ඔවුන්ගෙන් උන්වහන්සේගේ ගමනට විවිධ බාධක එල්ලවූ අවස්ථා එමටයග සෝම හිමියන්ගේ යහපත් කර්තව්‍ය නතර කරන්නට බාධා එල්ල කළ පුද්ගලයෝ බුදුන්ට ගල් පෙරළා දේවදත්තගේ කාර්ය ඉටු කරමින් සිටියහග කුමන බාධක පැමිණියත් උන්වහන්සේ සිය දහම් ගවේෂණය හෝ දහම බෙදාදීමේ උදාරතර කර්තව්‍යය නතර කර නොදැමූහ.
උන්වහන්සේ එක් ප්‍රදේශයකට සීමා නොවූහග උන් වහන්සේට අවශ්‍ය වූයේ දහම් අවබෝධය නොලැබෙන ඇත්තවුන්ට ධර්මාවබෝධය ලබාදීමටය.
සෝම හිමියන්ට හිතෛෂී පුද්ගලයන් කෙතරම් එපා යැයි කීවද බෙහෝ දුෂ්කර ප්‍රදේශවලට පාද චාරිකාවෙහි යෙදී දහම් දෙසුමට උන්වහන්සේ අදිටන් කර ගත්තේ ඒ නිසාවෙනි.
පිණ්ඩපාතයෙහි වඩිමින් ලැබෙන දෙයක් ආහාරයට ගෙන ඉතාම දුෂ්කර ප්‍රදේශවලට ගොස් ජනතාවට ධර්මාවබෝධය ලබාදෙනු පිණිස සෝම හිමියන් ඉටුකළ මෙහෙය අපරිමිතය.
අනෙකුන් යහමඟ යැවීමට ප්‍රථම තමන් හරිමඟ යා යුතුය යන්න උන්වහන්සේ අකුරටම ඉටු කර පෙන්වූහග උන්වහන්සේ ධර්මය පිළිබඳ ගවේෂණය කරමින් භාවනාවෙහි යෙදෙමින් තමන්ගේ ආධ්‍යාත්මය ගොඩ නඟා ගත්තා සේම එකී අවබෝධය අන්‍යයන් හට බෙදා දී යහමඟ යන පරපුරක් ගොඩනැඟීමට දිවා රෑ ඉටු කළ සේවය අපරිමිතය. ධර්මාවබෝධය බෙදා දෙනු වස් උන්වහන්සේ ග්‍රන්ථ සම්පාදනයේද යෙදුණහග සෝම හිමියන් රචනා කළ රාහුල මාතා කෘතිය එවන් වූ මාහැඟි ග්‍රන්ථයකි.
බෞද්ධයෝ මෙන්ම අන්‍යාගමික පුද්ගලයෝද සෝම හිමියන් දෙසූ දහම් මඟ අවබෝධ කරගෙනල ඒ මඟ ගමන් කිරීමට පෙලඹුණහග ලාංකේය ජනයා සේම විදෙස් රටවල දහම් පිපාසාවෙන් පෙළෙන පුද්ගලයන්ට ධර්මය දේශනා කරමින් සංසාර සාගරයෙන් එතෙර වන්නට මඟ කියා දෙනු වස් උන්වහන්සේ විදෙස් රටවලටද වැඩිසේක.
උන්වහන්සේ 1986 වසරේදී ඕස්ට්‍රේලියාවට වැඩම කළේ කලකට ප්‍රථම තුරුණු සවියට සම්බන්ධ වී සිටි තැනැත්තියක හා ඇගේ සැමියා විසින් කරන ලද ආරාධනාවකට අනුවය. ඒ අනුව උන්වහන්සේ වික්ටෝරියා බෞද්ධ සංගමයේ ආරාධනාවක්ද පිළිගෙන එහි වැඩම කර මාස හයක පමණ කාලයක් එරට වෙසෙන ලාංකේය ජනතාවට හා සුදු ජාතිකයන්ට දහම් දෙසමින් සිය ශාසනික මෙහෙවර ඉටු කරන්නට කැපවූහග උන්වහන්සේ දෙසූ දහම වැලඳගෙන ඒ මඟ ගමන් කිරීමට විදේශිකයන්ද යොමු වූයේ බුදු දහමේ හරය සෝම හිමියන් පෙන්වා දුන් අපූරුව පිළිබඳව ඉමහත් පැහැදීමෙනි.
සෝම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඕස්ට්‍රේලියාවේ විහාරයක්ද ඉදිවිය.
ලංකාවෙහි මෙන්ම ඒ එතෙර බිමෙහිද උන්වහන්සේට බාධා එල්ල වන්නට පටන් පටන් ගැනුණේ උන්වහන්සේ කීමට ඇති දෙය කෙළින් කී නිසාවෙනිග සෝම හිමියන් අවනත කරගෙන වෙනත් ප්‍රයෝජන ගැනීමට මාන බැලූ පුද්ගලයන් උන්වහන්සේට එල්ල කළ පීඩනය අපමණයග උන්වහන්සේ ඒ සෑම පීඩනයකටම මුහුණ දුන්හ. වැරැදිකාරයකු කර රටින් තමන් වහන්සේව පලවා හැරීමට දරන තැත උන්වහන්සේට නොවැටහුණා නොවේග වරදකරුවකු ලෙස නිකරුණේ හංවඩු ගැසී පලායන පැවිද්දකු වීමට උන්වහන්සේට වුවමනා වූයේ නැතග උන්වහන්සේ ඒ සියල්ල දැඩිව දරාගෙන සිටියහ.
ගංගොඩවිල සෝම හිමියන් බෞද්ධයන්ගේ පිනට පහළ වූ භික්ෂු නමකි. උන්වහන්සේ තමන්ගේ ආධ්‍යාත්මික අභිවෘද්ධියට කටයුතු කරමින් අන් සැමට ආධ්‍යාත්මික අභිවෘද්ධිය සලසන වස් කටයුතු කළහ.
උන්වහන්සේට ශාසනික සේවය ඉටු කරන්නට බොහෝ කල් ඉතිරිව තිබිණිග එහෙත් නොසිතූ මොහොතක නොසිතූ ලෙසක උන්වහන්සේට ශාසනික මෙහෙවර අත හරින්නට සිදුවිය. ඒ රුසියන් රජයෙන් පිරිනැමූ ආචාර්ය උපාධියක් ලබා ගැනීමට එරටට වැඩම කර සිටියදී අපවත්වී වදාළ හෙයිනිග උන්වහන්සේගේ අපවත්වීම මතභේදයට තුඩු දුන්නකි. නමුත් මේ සියල්ල තිබියදී උන්වහන්සේගේ නික්ම යෑම බෞද්ධ ශාසනයට මහා හිඩැසක් ඉතිරි කරනු නිසැකය.

තිලිණි කෞශල්‍යා විජේසිංහ

Comments

comments

LEAVE A REPLY