හම්බන්තොට සිද්ධියේදී හෙළි වුනු මාධ්‍යයේ නිරුවත ගැන හෙළි වුනු කථාව.

උද්ගත වූ තත්වයේදී නාවික හමුදාවේ පැමිණීම ඇතැම් මාධ්‍ය විසින් හුව දැක්වුයේ එය බරපතල නිතිය කඩ කිරීමක් ලෙස හුව දක්වමින්ය. නමුත් කිවයුත්තනම් නාවික හමුදාව, අනෙකුත් හමුදාවන්ගෙන් සහ පොලිසියෙන් වෙනස් වන බවය.

එනම් නාවික හමුදාව ජාත්‍යන්තර සම්මුතීන්වලට අනුව කටයුතු කිරීමට බැඳී ඇත. ඕනෑම රටක වරායකට නිත්‍යානුකුලව සහ සද්භාවයෙන් ඇතුළු වූ නාවික යාත්‍රාවකට, නැංගුරම්අ ලා තුබූ කාලය තුල එකී රාජ්‍යයේ ස්වෛරීත්වයට හෝ නීතියට හානිකර ලෙස කටයුතු කර නැතිනම්දා කාර්යය අවසානයෙහි අවහිරයකින් තොරව එකී වරායෙන් පිටව යාමේ අයිතිය ජාත්‍යන්තර සම්මුතීන් මගින් තහවුරු කර ඇත. එවන් පිටවයාමක් කුමන හෝ ආකාරයකින් වලක්වන්නේද එය අන්තර්ජාතික සාගර ප්‍රඥප්ති උල්ලංගනය කිරීමක් වන අතර එය සාමාන්‍ය භාෂාවෙන් කිවහොත් මුහුදු මංකොල්ලකෑමක් වන්නේය. එසේ නැව් රඳවා තබා ගැනීම එම නව අයත් රාජ්‍යයෙහි ස්වෛරීත්වයට කරනු ලබන හානියක්ය. එවන් අවස්ථාවක එකී රටෙහි නාවික හමුදාපතිවරයා ඍජුවම ඊට මැදිහත්විය යුතු අතර එසේ නොකළහොත් වෙනත් ඕනෑම රටක නාවික හමුදාවකට එකී වරායට පැමිණ එම නැව් මුදාගත හැකිය. එබැවින් මෙහිදී අප නාවුක හමුදාපතිවරයා සිදුකොට ඇති කාර්යය නිවැරදිය. එමෙන්ම ඇතැම් මන්දමානසිකයින් ඔහුගේ ඇඳුම පිළිබඳව දොස් පවරනු දැකීමි.
 
ඔවුන් නාවික හමුදාව පිළිබඳව මෙලෝ හසරක් නොදන්නාවුන් බවනම් පැහැදිලිය. නිල පැහැති ටි-ෂර්ට් එකත් කොට කලිසමත් නාවික හමුදාවේ මුහුදු ඇඳුම (SEA RIG) ලෙස භාවිත වෙයි. නවක සිටින ඕනෑම තරාතිරමක අයෙකුට මෙය හැඳීමේ හැකියාව ඇත. එනයින් අද්මිරල්වරයාගේ ඇඳුම පිළිබඳව වූ දුර්මතය පුස්සක් බව මොලේ ඇති අයවලුන්ට වැටහෙනු ඇත. මාධ්‍යවේදියාට හෝ කිසියම්ම අයෙකුට අහේතුකව පහරදුන්නනම් එය වැරදිය. නමුත් වරාය සිමාන්විත ප්‍රදේශයක් බැවින්, සේවය කරන්නන් හට හැරෙන්නට වෙනත් අයවලුන්ට ඊට ඇතුළුවීමට අනුබල දුන්නෝ කවුරුන්ද? වෙනත් කිසිදු මාධ්‍යකරුවෙකු එහි සිටි බවක් පුවත් මගින් අනාවරණය නොවිය.
 
එසේනම් ඔහු පමණක් එහි ගියේ ඇයි? ඔහුහට අවසර ලැබීමකින් වරායට ඇතුළු වූයේනම්, නාවික හමුදාවත් උද්ගොෂකයිනුත් අතරට ඔහු ගියේ මන්ද? මධ්‍යවෙදියෙකු රටක හමුදාපතිවරුන්වත් නොහඳුනන්නේද? ප්‍රවෘත්තිය විකාශනය කල මාධ්‍ය ආයයතනද මෙහි ඇති නීතිමය තත්ත්වය විමසුයේ ආචාර්ය නිතිඥ්ඥ ප්‍රතිභා මහානාමහේවා, නිතිඥ්ඥ මේජර්ගෙ අජිත්න්ය ප්‍රසන්න වන්නවුන්ගේන්ය. මොවුන් දෙදෙනාම අන්තර්ජාතික සාගර විද්‍යාව පිලිබඳ දැනුමක් ඇති අයවලුන් නොවන අතර ලංකාවේ සිටින ඒ පිලිබඳ හසල දැනුමක් ඇති විනිසුරු පී ඒ රත්නායක මහතාගෙන් විමසීමක් නොකළේය.
 
එක්කෝ මාධ්‍ය ආයතන එතුමන් ගැන නොදන්නේය, නැතිනම් දන දැනම තොරතුරු තාක්ෂණ නිතිය පිලිබඳ ආචාර්යවරයෙකුන්ගෙන් හා සාමාන්‍ය නිතිඥ්ඥකුගෙන් මේ පිළිබඳව විමුසවා විය යුතුය. ප්‍රශ්නයේ දෙපැත්තක් ඇත. මාධ්‍ය කලයුත්තේ සියල්ල නිවැරදිව හෙලිකිරිමය, නැතුව ඔවුන්ට හිතෙන හිතෙන දේ කීම නොව. බොහෝමය ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ගේ කෙරුවාව ඔවුන්ගේ සමකාලින පාසල් මිතුරන් හා අසල්වාසීන්, නෑදෑයන් නොදන්නවා නොවිය යුතුය.
 
Ahinsaka Koss

Comments

comments

LEAVE A REPLY