හිරකාරයෝ එකිනෙකා මරා ගනී..!

බ්‍රසීලයේ ඇමසෝනස් නගරයේ පිහිටි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයින් සිරගතකල බන්ධනාගාරයක දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ බන්ධනාගාරයේ ඇති ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොමැති වීම මෙම ගැටුමට හේතුවී ඇති බවයි.

මේ අතර බන්ධනාගාරයේ සිටි රැඳවූවන් බොහෝ දෙනෙකු සාඕ පාලෝ නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පිරිස් බවයි වාර්තා වන්නේ.

බ්‍රසීල බලධාරීන් පවසන්නේ පසුගිය දශක දෙකක කාලය තුල සිදුවූ දරුණුතම ලේ වැගිරීම මෙය බවයි.

Comments

comments

LEAVE A REPLY