හෘදයාබාධ ඇතිවීම වැළැක්‌වීමට හැකි ‘පැස්‌ටා’ වර්ගය මෙන්න..!

ඉතාලියේ පීසා නගරයේ ටස්‌කනි ප්‍රදේශයේ විද්‍යාඥයන් පිරිසක්‌ විසින් හෘදයාබාධයන් ඇතිවීම වැළැක්‌වීමට හැකි අලුත්ම වර්ගයේ ‘පැස්‌ටා’ විශේෂයක්‌ නිපදවා තිබේ.

මෙම නව ‘පැස්‌ටා’ විශේෂය නිපදවා ඇත්තේ ‘ඩ්‍රරම්’ වර්ගයේ තිරිඟු පිටි හා පරිපූර්ණ බාර්ලි පිටි එකට මිශ්‍ර කර තනාගත් මිශ්‍රණයකින් බව එම විද්‍යාඥයෝ කියා සිටිති. මෙම පැස්‌ටා වර්ගය නිපදවීමට යොදාගෙන ඇති පරිපූර්ණ බාර්ලි පිටිවල ‘බීටා ග්ලුකන්’ නමැති නව රුධිරවාහිනී වර්ධනය කිරීමට සමත් තන්තු (µයිබර්) විශේෂය විශාල වශයෙන් අන්තර්ගතව පවතින බව වාර්තා වී තිබේ. “බීටා ග්ලුකන්” නමැති තන්තු විශේෂය හරහා වර්ධනය වන නව රුධිරවාහිනී අයෙකුට හෘදයාබාධයක්‌ වැළඳීමට යැමේදී එය වළක්‌වන ‘ස්‌වාභාවික බයිපාස්‌’ සැත්කමක්‌ ලෙස ක්‍රියා කරන බව අනාවරණය වී තිබේ.

ඉතාලියේ මෙම නව ‘පැස්‌ටා’ විශේෂය නිපදවා ඇති විද්‍යාඥයෝ පිරිස මීයන් සම්බන්ධයෙන් එය අත්හදා බලා ඇති අතර එහිදී එම නව පැස්‌ටා විශේෂය ලබාදුන් මීයන්ට හෘදයාබාධයන් වැළඳීම සාමාන්‍ය තිරිඟු පිටිවලින් නිපදවූ පැස්‌ටා ආහාරයට ලබාදුන් මීයන්ට හෘදයාබාදයන් වැළඳීමේ හැකියාවට වඩා සෑහෙන මට්‌ටමකින් අඩු වූ බව තහවුරු කරගෙන තිබිණි.

මෙම සොයාගැනීම සිදුකළ විද්‍යාඥයන්ගේ කණ්‌ඩායමේ ප්‍රධානියා වන මහාචාර්ය වින්සෙන්සේ ලයහෙට්‌ටි පවසනුයේ මෙම නව පැස්‌ටා විශේෂය මිනිස්‌ සිරුරෙහි හටගන්නා ආතතියට පත් හෘද රෝගවලට එරෙහිව ක්‍රියා කරන බවයි.

 

ඒමන්ති මාරඹේ

Facebook Comments

more recommended stories

%d bloggers like this: