19 හැවිරිදි ලහිරු කුමාරගෙන් ටෙස්ට් කඩුලු හයක්..!

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කේප් ටවුන් හි පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී දකුණු අප්‍රිකාව ලකුණු 392 කට දවාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරුණ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ලකුණු 122 කට කඩුලු හයක් දවාගැනීමට සමත්වීම කැපී පෙනිණ.

පසුගිය නොවැම්බර් මාසයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරග වදිමින් ටෙස්ට් පිටියට අවතීර්ණ වූ දහ නම හැවිරිදි ලහිරු සිය තුන් වැනි ටෙස්ට් තරගයේදීම කඩුලු හයක් දවාගැනීමට සමත්වීම ක්‍රීඩාලෝලීන්ගේ සහ විචාරකයන්ගේ අවධානයට ලක් වී තිබේ.

ලහිරු කුමාර පසුගිය වසරේ 19 න් පහල ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු විය.

පෝර්ට් එළිසබෙත් හි පැවති දකුණු අප්‍රිකාවට එරෙහි පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 206 ක පරාජයක් අත්විය.

මේ අතර කණ්ඩායම තේරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවෙන් බලපෑම් එල්ලවන බව පවසමින් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සිය ඉල්ලා අස්වීම ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වෙත භාර දුන් නමුත් අමාත්‍යවරයා එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

 

bbc

Facebook Comments

more recommended stories

%d bloggers like this: