දැකලාවත් නෑ කියපු ඇවන්ගාඩ් ලොක්කා එක්ක විජයදාස සවාරි ගිය හැටි

avanguard mega dealඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් අල්ලස් ලබාගත්තේ නැතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කාර්යාලය ගොඩනැඟීමට ආධාරයක් කරන්නැයි ඉල්ලා සිටි බවයි ඔහු පෙන්වා දුන්නේ.අද කොළඹ දී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.විශාල මුදලක් වැය කර ඇවන්ට්ගාඩ් සමාගමේ සේවකයින් පිරිසක් පසුගියදා විහාර මහදේවීයට  ගෙන්වා තමන් අල්ලස් ලබාගත් බවට චෝදනා කළ බවත්, තමන් කිසිවිටෙකත් ඔහුගෙන් අල්ලස් නොගත් බව එහදී සදහන් කලේය.

එසේ වුවද තමාගේ කාර්යාලයේ වැඩ කළ කපිල රත්නායක නැමැත්තා සේනාධිපතිගෙන් අල්ලස් ගත්තාදැයි තමන් නොදන්නා බවත්, එසේම  ඔහු දූෂිතයෙකු නිසා  පක්ෂයෙන් ඉවත් කළ බවත්, ෆොන්සේකා පැවසීය.කපිල රත්නායක ප්‍රාඩෝ රථයක් භාවිතා කළ බවද එය කොහෙන්දැයි ඇසූ විට එය තමාගේ ඥාති සහෝදරයෙකුගෙන් ලැබුණ එකක් යැයි පැවසූ බවද ඔහු කියා සිටියේය.

එය ඇවන්ට්ගාඩ් සභාපතිගෙන් ලැබුණු එකක්දැයි නොදන්නා බව පැවසූ සරත් ෆොන්සේකා මහතා කෙසේ වෙතත් හමුදාවෙන් පලාගිය සෙබළුන් ඇවන්ට්ගාඩ් සමාගමේ සේවය නොකරන්නේ නම් එය ඔප්පු කර පෙන්වන ලෙසද නිශ්ශංක සේනාධිපතිට අභියෝගයක් කළේය.

සේනාධිපති හමුදාවේ සේවය කළේ අවුරුදු 6ක් බවද, තමන් අවුරුදු 40ක් හමුදාවේ සේවය කළ බවද ඔහු කීවේය.එසේම ඇවන්ට්ගාඩ් සභාපති දෙන්නේ පුංචි පුංචි අල්ලස් නොව මිලියන 500, 600 අල්ලස් බවත්, ඔහු හා සබඳතා පැවැත්වූ විජයදාස රාජපක්ෂ තමන් කළ අභියෝගයට මෙතෙක් පිළිතුරු නැති බවත්, ඔහු ඉන්නේ “කටේ පිට්ටු හිරවෙලා” වගේ බවත්, හෙතෙම පෙන්වාදුන්නේය.

2006දී විජයදාස රාජපක්ෂගේ පවුලේ සාමාජිකයින් හා සේනාධිපතිගේ පවුලේ සාමාජිකයින් ඩිස්නිලන්තයේ සංචාරය කළ බවත්, එහිදී  ඉඳුම් හිටුම්, ප්‍රවාහන පහසුකම් සම්පූර්ණයෙන් දැරුවේ සේනාධිපති විසින් බවත්, ෆොන්සේකා පැවසීය.
එවැනි සමීප සබඳතාවයක් නිශ්ශංක සේනාධිපති සමග විජයදාස රාජපක්ෂගේ ඇති බවත් එය හෙළි කළ යුතු බවත්, එසේ නොකරන්නේ නම් තමාට වෙලේ විදානේ  යැයි කියන විජයදාස රාජපක්ෂ ගැන තවත් කරුණු හෙළි කිරීමට සුදානම් බවත්,‍ ඔහු අවධාරණය කළේය.11013038_10153183068331960_6495592492127287987_n 12301465_10153183068591960_8428269860947717639_n 12301589_10153183067856960_5442042365527253902_n 12308306_10153183067821960_5236769342412991524_n 12310525_10153183067866960_8597031213826844038_n 12310656_10153183067786960_7910249342314071080_n 12310699_10153183068011960_183622462088888864_n 12313625_10153183068401960_927344462348894912_n 12314123_10153183067911960_5828019389508667734_n 12316263_10153183067741960_1777295194882178935_n 12316633_10153183067901960_3865882953799563011_n 12316675_10153183068341960_7278254271872760355_n 12341145_10153183068221960_6510180107166886706_n 12341264_10153183068201960_6038201813449377430_n 12341297_10153183068096960_4048929675765912946_n 12346365_10153183068226960_6246827310042349661_n 12347966_10153183068471960_3507269008284837405_n 12360132_10153183068051960_932158202364217700_n 12360151_10153183068336960_552768760643951517_n 12360185_10153183068506960_9135584667098401963_n 12366389_10153183068501960_396683153230912452_n 12366476_10153183068116960_4031257098672566627_n 12368971_10153183067851960_1519634517562087463_n

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY