කෑම කෑවට පසු වැරදිලාවත් මේ දේවල් නම් කරන්න එපා..!

ලෝකයේ බොහෝ දෙනෙක් ආහාර ගත් විගසම කරන්නට පුරුදු වී ඇති ඉතා නරක පුරුදු කීපයක් වෛද්‍යවරුන් පෙන්වාදී තිබෙනවා.

සමහර පුද්ගලයන් ආහාර ගත් විගස සිදුකරන නරක පුරුදු සෞඛ්‍යට එතරම් හානි නොවන බව සුළුකොට තකනවා.

එහෙත් විශේෂයෙන්ම සඳහන් කල යුතු කාරණය වන්න්නේ, එම සුළුවෙන් සිතන නරක පුරුදු වල ප්‍රතිපල ලැබෙන්නේ ටික කාලයක් ගතවුණු පසුවයි.

ඔබත් මේ කියන්න යන පුරුදු වල යෙදී සිටිනවා නම් ආහාර වලින් ලැබෙන නිසි පෝෂණ කොටස් හා සෞඛ්‍ය ඉහල මට්ටමක පවත්වා ගැනීම වැනි තත්වයන් ඔබට අහිමිවී යාවි.

එසේනම් අපි දැන් බලමු එම නරක පුරුදු මොනවාද කියා.

තේ පානය කිරීම.

ආහාර ගැනීමෙන් පසු තේ පානය කිරීමට සමහර පුද්ගලයන් ඇබ්බැහි වී සිටිනවා. ඔවුන් සිතන්නේ තේ පානය කිරීම ආහාර දිරවිමට පහසු වන බවයි. එහෙත් ඉන් සිදුවන්නේ අහාර දිරවීමට බාධා ඇති කිරීම කිව්වොත් ඔබ විශ්වාස කරනවාද.

තේ වල අම්ලගතිය වැඩි නිසා ආහාර වල ඇති ප්‍රෝටීන කොටස් දිරවීම පමා කරන අතර රසායනික සංයෝග මඟින් ආහාර වල ඇති යකඩ වැනි පෝෂ්‍ය කොටස් උරා ගනු ලබනවා. ඔබට අහාර ගැනීමෙන් පසු තේ බීමට දැඩි ආශාවක් තිබෙනවා නම් ආහාර ගැනීමෙන් පැයකට පසුව තේ පානය කිරීමට පුරුදු වන්න.

දුම්පානය කිරීම.

බොහොමයක් පිරිමි පුද්ගලයන්ට නැතිවම බැරි දෙයක් ලෙස දුම් වැටි හැදින්වීමට පුළුවන්. බෙහෝ දෙනෙක් අහාර ගත් විගසම දුම්වැටි පානය කිරීමට පුරුදුවී සිටිනවා. ඇත්තෙන්ම දුම්පානය කිරීම කොහෙත්ම හොඳ සෞඛ්‍ය පුරද්දක් නොවන බව අමුතුවෙන් කීමට අවශ්‍ය වන්නේ නැහැ.

එහෙත් අහාර ගැනීමෙන් පසු දුම්පානය කිරීම වඩාත් භයානක බව පරියේෂණයක් මගින් හෙළිවී තිබෙනවා. ඔබත් අහාර ගත් විගස දුම්පානය කරන්නේ නම් එම දුම්වැටියේ බලපෑම දුම්වැටි10ක බලපෑමකට සමානවන බව තහවුරු කරගෙන තිබෙනවා.

පළතුරු අහාරයට ගැනීම.

බොහෝ නිවෙස් වල ආහාර ගැනීමෙන් අනතුරුව පළතුරු අතුරුපසක් ලෙස අහාරයට ගැනීම සාමාන්‍ය පුරුද්දක් වී තිබෙනවා. එහෙත් එය එතරම් හොඳ පුරුද්දක් නොවනවා කිව්වොත් ඔබ විශවාස කරන එකක් නැහැ. එයට හේතුව වන්නේ පළතුරු වඩා ඉක්මනින් ජීර්ණය වීම සිදුවන නිසයි.

දිරවීමට කල්ගතවන ප්‍රධාන අහාරයකින් පසු පළතුරු ආහාරයට ගත් විට ඒවා වැඩි වේලාවක් ආමාශයේ සිරවී තිබීම සිදුවනවා . එමනිසා පළතුරුවල ඇති නිසි පෝෂණය නොලැබී යනවා මෙන්ම අමාශගත ආසාදනයන්ට ලක්වීමේ අවදානමක් ද පවතිනවා.

මේ සදහා ඔබ කලයුතු වන්නේ ආමාශය හිස්ව තිබෙනවිට පලතුරු ආහාරට ගැනීමයි. උදෑසන අහාරයට පෙර පළතුරු ගැනීම වඩාත් යෝග්‍ය බව වැඩිදුරටත් පැවසීමට පුළුවන්.

ඇවිදීම.

ඔබත් ආහාරගත් විගසම ඇවිදීමට පුරුදුවෙලා ඉන්නවනම් අදම එය නවතා දමන්න. මෙමගින් අජීර්ණ තත්වයන් මෙන්ම ආමාශයේ අම්ල ගතිය වැඩිවී කෑම උගුරට ඒමට පුළුවන්. ආහාර ගැනීමෙන් පසුව ඔබ අවිදිනවානම් විනාඩි 30කට පසුව ඇවිදීම වඩාත් සුදුසු වනවා.

නිදාගැනීම.

ආහාර අනුබව කල විගස නින්දට යෑම සෞඛ්‍ය ගැටළු රැසකට හේතු වෙනවා. ආහාර ආමාශයේ පවතින විට ඔබ නින්දට යාම නිසා නින්දේ දී ගෙරවීම මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවෙන්න පුළුවන්.

ඒ වගේම නිදා ගන්නා ඉරියව්ව ආහාර දිරවීමට අවශ්‍ය අම්ල නිසි ලෙස ස්‍රාවය නොවීම නිසා ආහාර ජීර්ණයට බලපෑමක් ඇති වනවා පමණක් නොවේ තරබාරු බව ඇතිවීමටද එය හේතුවනවා. මේ සදහා ඔබ කලයුතු වන්නේ ආහාර ගැනීමෙන් පැය දෙකකට පමණ පසුව නින්දට යාමට පුරුදු වීමයි.

ශීත ජලය පානය කිරීම.

මෙය බොහෝ දෙනෙක් සිදුකරන තවත් එක් නරක පුරුද්දක් ලෙස හැදින්වීමට පුළුවන්. අහාර ගැනීමෙන් පසු සිසිල් ජලය පානය කිරීම ආහාර ජීර්ණයට බධා ඇති කරනවා. සිසිල් ජලය වෙනුවට ආහාර ගැනීමෙන් පසු උණුසුම් ජලය පානය කිරීම වඩාත් සුදුසු වනවා. එමඟින් ආහාර වල පෝෂ්‍ය කොටස් නිසි පරිදි ශරීරයට උරාගැනීමට උපකාරීවනවා.

ස්නානය කිරීම.

ආහාර දිරවීම සඳහා අමාශය වෙත වඩා හොඳින් රුධිරය සංසරණය වීම සිදුවිය යුතුයි. එහෙත් නෑමෙන් පසු සිරුරේ උෂ්ණත්වය පාලයන කිරීම සඳහා ශරීරයේ ඉහළ කොටසේ රුධිර සංසරණය වේගවත් වීම සිදුවනවා. එම නිසා ආමාශ ප්‍රෙද්ශයේ රුධිර සංසරණය අඩුවීමෙන් ආහාර දිරිවීමේ ක්‍රියාවලියට බාධා ඇති වන්න පුළුවන්. මේ සදහා ඔබ කලයුතු වන්නේ අහාර ගැනීමෙන් පසුව අවම වශයෙන් විනාඩි 30ට පසුව ස්නානය කිරීමයි.

මෙතෙක් කල් අප සුළුකොට තැකු මෙවැනි සෞඛ්‍යට අහිත කර පුරුදු ඔබටත් තිබේනම් අදම ඒවා නවතා දමන්න. එමගින් ඔබට සෞඛ්‍යසම්පන්න ජිවිතයක් ගතකිරිමට පුළුවන්.

අප අද ඔබට ගෙනආ මෙම කරුණු පිලිබදව ඔබ සිතන්නේ කුමක්ද? ඒ පිලිබදව ඔබගේ අදහස කමෙන්ට් එකක් ලෙස දක්වන්න. ඔබගේ මිතුරන්ටත් මේ ගැන දැනගන්න Share කරන්න.

Facebook Comments

more recommended stories

%d bloggers like this: