Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට ප්‍රථම වරට අපේ රට එක්වෙමින් ජනාධිපති ලොවට කියු දේ..!                 මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා (PHOTOS)                

අම්පාර සමන්තුරේ ළිඳකට වැටුණ අලි පැටියෙක් ගොඩ ගත් හැටි..! (VIDEO)

අම්පාර සමන්තුරේ පොලිස් බල ප්‍රදේශයේ නින්දවුර්, අල්ලිමුල්ල ප්‍රදේශයේ කුඹුරුයායක ළිඳකට වැටුණ අලි පැටියකු ගොඩ ගෙන මුදා හැරීමට අම්පාර වනජීවි සෞඛ්‍ය ඒකකයේ නිලධාරීහු සමත් වූහ.

වෙල්යායේ සිලින්ඩර් බස්සවා ඉදිකළ ළිඳක අලි පැටියා වැටී සිටි අතර, ඇතින්න සමග තවත් අලින් කීපදෙනෙක් පැටියා රැකවල් කරමින් එම ස්ථානයේ රැඳී සිටියහ.

රැකවලේ සිටි එම අලි රංචුව පැටියා ගොඩ ගැනීමට පැමිණි වනජීවි නිලධාරීන්ට පහරදීමට තැත් කළහ.

පසුව අම්පාර වනජීවී සෞඛ්‍යය ඒකකයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මව් ඇතින්න නිර්වින්දනය කරනු ලැබීමෙන් අනතුරුව, වනජීවි නිලධාරීහු ‘බැකෝ’ යන්ත්‍රයක් යොදා ගනිමින් ළිඳේ සිලින්ඩර් ඉවත්කර අලි පැටියා ඉවතට ගත්හ.

ළිඳට වැටීම නිසා අලි පැටියාගේ සිරුරේ සීරීම් තුවාල වූ අතර වනජීවි නිළධාරීහු ඒවාට ක්ෂණික ප්‍රථිකාර ලබා දුන්හ.

නිරිවින්දනය කරන ලද ඇතින්නගේ සිරුරේ තිබුණ තුවාල වලටද ප්‍රතිකාර කිරිමෙන් අනතුරුව පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර විසින් ඇතින්නිය නැවත සිහි ගන්වනු ලැබුණි.

අනතුරුව,මඳ වේලාවක් එම ස්ථානයේ රැඳී සිටි ඇතින්න පසුව පැටියාද කැටුව කැලෑ ප්‍රදේශයට ගමන් ගත්තාය.