“දූෂණයට එරෙහි රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කරගැනීම උදෙසා ජනතාවට වගකීමක් තියෙනවා..! (VIDEO)

“දේශපාලන බලපෑමට යටත් නොවී රාජකාරිය කරන නිලධාරීන් විශාල ප්‍රමාණයක් අපේ රාජ්‍ය සේවයේ ඉන්නවා දූෂණයට එරෙහිව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කරගැනීම සඳහාත් ජනතාව වෙත සැළකියයුතු බරක් වගකීමත් තියෙනවා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඊයේ (10) මහරගමදී පැවති කොළඹ දිස්ත්‍රික් දිරිය පුරවැසි සමිති සමුළුවේදී පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ දිරිය පුරවැසි සමිති දිස්‍ත්‍රික් සමුළු මාලාවේ දිරිය පුරවැසි සමිතිවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්‘ගමට දිරියක් – රටට බලයක්’යන තේමාව යටතේ ඊයේ පැවති කොළඹ දිස්ත්‍රික් සමුළුව සඳහා ජවිපෙ නායක අනුර දිසානායක මහතා, ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙයෂ්ඨ කථිකාචාර්ය අනිල් ජයන්ත මහතා, සාහිත්‍යවේදී නන්දන වීරසිංහ මහතා, ජවිපෙ මුල් පෙලේ ජ්‍යෙ‍යෂ්ඨ සාමාජිකයෙකු වූ ඔස්මන් මහතා ඇතුළු ජවිපෙ කොළඹ දිස්ත්‍රික් නායකයින් සහ දිරිය පුරවැසි සමිතිවල නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා

“අද මොකක්ද රාජය නිලධාරීන්ට සිද්ධ වෙමින් තිබෙන්නේ? මංගාව තිබෙනවා නැවත පදිංචිකිරීම්, පුණුරුත්තාපන හා බණ්ධනාගාර අමාත්‍යාංශයේ කාර්යාලය අරගෙන ගියා වෙන තැනකට. රජයේ තක්සේරුව ලක්ෂ තිහයි. හැබැයි ලක්ෂ 50 ගානේ ගන්න කිව්වා. එම නියෝගයට යටත් වුනේ නැහැ ජ්‍යෙණෂ්ඨ සහකාර ලේකම් ලංකා සේනාරත්න මහත්මිය සහ සහකාර ලේකම් නිකරි කාන්තන් මහතා. තනතුරු දාල යන්න වුනා.

ඒ වගේම නැවත පදිංචිකිරීම්, පුණුරුත්තාපන හා බණ්ධනාගාර අමාත්‍යාංශයේ ගණකාරධිකාරීවරයා, වසන්ත පෙරේරා මහතා ඒකේ චෙක්පතට අත්සන් කරන්න බැහැ කිව්ව. ඊට පස්සේ ගණකාධිකාරීවරයා මාරු කළා. ඒ ගණකාධිකාරිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තීරණයක් අරගෙන විශ්‍රාම යනතුරු ඒකේ හිටිය.

ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයට ගත්තු බිල්ඩින් එකට, මාසික කුලිය මිලියන 24යි. මාස 08ක් තිස්සේ ගිහිල්ල නැහැ. ඉට පස්සේ ආවා මේ චෙක්පතට අත්සන් කරන්න කියලා. එම වවුචර්පත් සහතික කිරීම ප්‍රතික්ෂේප කළ එහි අතිරේක ලේකම් රසිකා අභේධීර මහත්මියව මාරුකරලා දැම්ම.

ඒ විතරක් නෙවෙයි කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා, ආණ්ඩුවේ මන්ත්‍රීවරු 58 දෙනාට ලක්ෂ 07 ගානේ මාසික කුළියකට වාහනයක් ගන්න. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ, මම මේක අත්සන් කරන්නෑ කිව්වා. අගමැතිවරයා සයින් ඕ රිසයින් කිව්වා. ඒ නිසා අපි දන්නවා මේ නිලධාරීන්ට බලෑම් එනවා. හැබැයි ඒ බලපෑමට යටත් නොවී රාජකාරිය කරන නිලධාරීන් විශාල ප්‍රමාණයක් අපේ රාජ්‍ය සේවයේ ඉන්නවා. දූෂණයට එරෙහිව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් ආරක්ෂාකරගැනීම සඳහාත් ජනතාව වෙත සැලකියයුතු බරක් වගකීමක් තියෙනවා.” යනුවෙන් පැවසීය.

more recommended stories