Apple iPhone 8 එළියට – මෙන්න සම්පූර්ණ විස්තරේ..! (VIDEO)

මේ වෙනකොට Mobile Phone කියන දේ කෑම, බිම තරමටම අපිට නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. ඒ වගේම තමන්ගේ තත්වේ පෙන්නන දෙයක් විදිහටත් සමහරු Mobile Phone ඉස්සරහට දාගෙන ඉන්නවා. මොන Phone එක පාවිච්චි කරත් ගොඩක් දෙනා එකෙන් කරන්නේ Call ගන්න එකයි, Internet යන එකයි තමයි. ඒ ඇරෙන්න සමහරු Phone පාවිච්චි කරන්නේ තමන්ගේ තත්වේ පෙනන්න. විශේෂයෙන්ම ඔය apple phone ලග තියෙන ගොඩාක් අය එකට අදාලයි.

හැබැයි class එකට වඩා දෙයක් Apple පාවිච්චි කරද්දී ලැබෙනවා. ඒ තමයි සෞඛ්‍යට තියෙන ගුණය. මොකද Apple Phone හදන්නේ මිනිසාගේ ශරීරයට හිතකර අමුද්‍රව්‍ය වලින්. Apple ගැන අලුත්ම ආරංචිය අපිට මේ දැන් ලැබුනා, iPhone 8 මේ මාසේ 12 වෙනිදා එලිදක්වනවා කියල Apple සමාගම නිවේදනය කරලා තියෙනවා. එක සැප්තැම්බර් 22 වනදා ඉඳලා වෙළඳපලට දාන්න තමයි Apple සමාගම Plan කරලා තියෙන්නෙ. ඒ වගේම මේ iPhone 8 එළිදැක්වීමට සමගාමීව අලුත්ම Apple Watch එකත් එදාටම Release කරන්න තමයි එයාලගේ බලාපොරොත්තුව.
iPhone 8 එකේ පහසුකම් සහ මිල ගණන් පහතින් දක්වලා තියෙනවා.

– Dual-lens 3D camera
– Augmented reality capabilities
– Curved glass casing
– Wireless charging
– 5 inch (12.7 centimeter) and 5.8 inch (14.7 centimeter) model, will have a wraparound OLED screen
– Aluminum back will be replaced with two reinforced glass panes and a metal frame in the middle
– Facial recognition
– 128GB එකක මිල ඇමරිකානු ඩොලර් 999 ක් රුපියල් වලින් 136,953.00
– 256GB එකක මිල ඇමරිකානු ඩොලර් 1,099 ක් රුපියල් වලින් 167,234.83

ඒ වගේම එන්න තියෙන iPhone 8 එකේ පහසුකම් සහ පෙනුම ගැන පහත Video එකෙන් ඔබට බලාගන්න පුළුවන්.

මීට අමතරව Apple සමාගමේ අලුත්ම නිෂ්පාදනය වන Apple TV Box එකත් ඔවුන් එළිදක්වන්න සුදානමින් ඉන්නවා. Apple TV Box එකේ උස අඟල් 1.4 ක්, පළල අඟල් 3.9 ක් සහ බර ග්‍රෑම් 425 ක් වෙනවා. මෙය 4K HDR තාක්ෂණයෙන් යුතු වනවා. ඒ නිසා Cable හෝ Satellite විකාශන වලට වඩා වැඩි තාක්ෂණයක් මෙය සතු වෙනවා. A8 චිප් එකක් සහිත Decorder මාදිලි දෙකක් වෙළඳපොළට දාන්න එයාලා කටයුතු කරලා තියෙනවා. 32 GB සහිත Decorder එකක් ඇමරිකානු ඩොලර් 129 කටත්, 64 GB සහිත Decorder එකක් ඇමරිකානු ඩොලර් 199 කටත් මිල නියමකර තියෙනවා. මේ TV එකේ සියළු පුර්ණ පහසුකම් අත් විඳින්න නම් ඔබට 4K HDR සේවා ලබා දෙන රූපවාහිනී මාධ්‍යයකට සම්බන්ධ කරන්නනම වෙනවා. එහෙමත් නැත්තන් Internet හරහා Netflix හරි Amazon Prime Video වෙත සම්බන්ධ වුනත් TV එකේ සියළු පුර්ණ පහසුකම් අත් විඳින්න ඔබට පුළුවන් කියල තමයි Apple සමාගම කියන්නේ.

more recommended stories