හිත ලෙඩවුණොත් හැමදේම අවුල් – ඒක නිසා මෙන්න හිතට බෙහෙත්..!

ඇගේපතේ අමාරුකම්වලට ඉක්මනින් බෙහෙත් ගන්න බොහෝ දෙනෙක් ඔලූවේ අමාරුකම්වලට බෙහෙත් ගැනීම කල් අරිනවා. එහෙමත් නැත්නම් මනසේ නිරෝිගිතාව ගැන අමතක කරලාම දානවා. කායිකව වගේම මානසිකවත් නිරෝගී අය විතරයි ලෝක ජනගහනයේ නිරෝගී මිනිසුන් ගොඩට එකතු වෙන්නෙ.

මානසික සෞඛ්‍යය ගැන උනන්දු අයට වටිනා උපදෙස් කිහිපයක් මේ..

ඇසුරු කරන අය හරියට තෝරාගන්න.

සමාජ සත්වයින්වන මිනිසුන්ට සමාජ සම්බන්ධතා අවශ්‍ය වෙනවා. ඒ සමාජ සම්බන්ධතාත් අනිවාර්යයෙන් අවශ්‍යයි මානසික සෞඛ්‍යයයට. මිතුරන් ඇසුරු කරද්දී  වැදගත්ම දේ තමයි සැහැල්ලූ, මනසට නිදහස් සල්ලාපයක යෙදෙන්න පුළුවන් වෙන එක. මේ වගේ මිතුරු සමාගමකට පස්සේ අපිට හිතට හරි සැහැල්ලූවක් දැනෙන්නේ ඒ නිසා තමයි. ඒ වගේම දෙවෙනි දේ තමයි බුද්ධිමය සංවාද. අපිට හිතමිතුරෝ ඉන්න  ඕන සමාජෙ ගැන කාලීන මාතෘකාවක්, බුද්ධිය කළඹවන මාතෘකාවක් වගේ  ඕනම දෙයක් ගැන ගැඹුරු සංවාදයකට යන්න පුළුවන්. හැබැයි ඒ වගේ සංවාදෙකට යන්න  ඕන තමන් හරි කියන්න හෝ තමන් දැවැන්තයෙක් කියන්න නෙවෙයි. තමන්ගේ මානසික සංවර්ධනය වෙනුවෙන්. ඉතින් මේ කියන අල්ලාප සල්ලාප සහ සංවාද කියන දෙකටම අපිට යහපත්, බුද්ධිමත් මිතුරන් අවශ්‍යයි.
මනස වඩන ක‍්‍රීඩා කරන්න

මනසට ව්‍යායාමයක් වෙන ක‍්‍රීඩාවක නිරතවීමෙන් මානසික නිරෝගීතාව ඉහළ යන බව විද්‍යාඥයන් පවසනවා. චෙස්, සුදොකු, ප‍්‍රහේලිකා පිරවීම,චෙකර්ස් වගේ ක‍්‍රීඩා මේ ගොන්නට අයිති වෙනවා. කාලය කා දමන පරිගණක ක‍්‍රීඩා අතරේ සමහර ක‍්‍රීඩා තියෙනවා මනසට ව්‍යායාම සපයන ඒවා. තාර්කිකව කල්පනා කරලා ක‍්‍රීඩා කරන්න  ඕන ක‍්‍රීඩා හැම එකක්ම පාහේ මේ ගොන්නේ තමයි.

මේ වගේ ක‍්‍රීඩාවක් ඉගෙන ගන්න එකෙන් තියෙන වාසිය වෙන්නේ බුද්ධිමය හැකියාවන් දියුණු වෙන එක විතරක්ම නෙවෙයි.  හිත එකග කරගන්න හැකියාවත් ලැබෙනවා. මනසට සැහැල්ලූවකුත් ලැබෙනවා. අන්න ඒ නිසා විවේකයෙන් ඉන්න වෙලාවක මේ වගේ ක‍්‍රීඩාවක යෙදුණට පාඩුවක් නෑ.  ඕන නම් එහෙම ස්මාට්ෆෝන් එකට දාගෙන නිදහසේ ඉන්න වෙලාවට ප්ලේ කරන්නත් පුළුවන්.

අගනා විනෝදාංශවල නියැළෙන්න.

විවේකී වෙලාවට පොතක් කියවන එක බොහොම හොඳ පුරුද්දක්. හොඳ සංගීතයට ඇහුම්කන් දෙන එකත් එහෙමයි. හොඳ චිත‍්‍රපටියක් බලන එකත් එහෙමයි. මේ දේවල් වලින් ඇත්තටම අපේ රසවින්දනය විතරක් නෙවෙයි, පර්යාවලෝකනයත් දියුණු වෙනවා. අපි හිතන්න පුරුදු වෙනවා. ලෝකේ දිහා, ජීවිතේ දිහා, මිනිස්සු දිහා වඩාත් පුළුල් විදියට බලන්න හුරු වෙනවා. ඒ වගේම අපිට සතුටක් ලැබෙනවා.  හැබැයි මේ දේවල් කරන්න  ඕන ලෝකෙට පේන්න නෙවෙයි. ලෝකෙට පේන්න දේවල් කරා කියලා තමන්ගේ මානසික සෞඛ්‍යය යහපත් වෙන්නෙ නෑ.

උදාහරණයක් විදියට ඔබ කියවන්න අකමැති විදියේ සම්භව්‍ය පොතක් අමාරුවෙන් කියවීමෙන් ඔබ මානසිකව නිරෝග වෙන්නෙ නෑ. කියවන්න අහන්න බලන්න  ඕනෑ තමන් කැමති විදියේ ඒවා තමයි.

එක වරකට එක දෙයයි.

ජීවිතේ විඳීම සම්බන්ධ දේවලදී එක මොහොතක එක දෙයක් කරන තරමට අපිට ජීවිතේ විඳින්න හැකියාව ලැබෙනවා.මේ කෙටි කාලේදි අනවශ්‍ය විදියට ජීවිතය කලබල කරගන්නෙ ඇයි?

එක වරකට බොහෝ වැඩ ගණනක නිරත වෙන්න පුලූවන් වීම හොඳ හැකියාවක් තමයි. විශේෂයෙන්ම කාර්යාල ජීවිතයේදී. හැබැයි ඔබේ පුද්ගලික ජීවිතේට ඒ කලබලබව අරං එන්න එපා. මොකද ජීවිතේ බොහෝ දේ ඒ කෙරුවාවෙන් මග ඇරෙන්න පුලූවන්..

දුකට ඇලෙන්න එපා.

යහපත් මානසික සුවතාවයකින් ඉන්න කෙනෙක්ට හිත්තැවුල්වල සදාකල් ඇලී ගැලී ඉන්නෙ නැතුව ජීවිතේ සාමය හොයාගන්න පුලූවන්. ජීවිතේ හැමෝටම ප‍්‍රශ්න එනවා. දුක හිතෙනවා. සම්බන්ධකම් කැඩෙනවා. සාමාන්‍යයෙන් මෙහෙම වෙලාවලදී වෙන්නේ බොහෝ අය ඒ දුක අනුභව කරමින්, දුකේ ගැලිලා ඉන්න එක තමයි. ඒත් ඇත්තටම දුකේ ගැලිලා ඉන්න එක වැරදි තෝරාගැනීමක්. වෙන විදියකට කිවුවොත් අපි දුක තෝරාගන්නා තාක්කල් දුකේ තමයි. හැබැයි අපිට පුලූවන් නැගිටලා තමන් ප‍්‍රශ්නේ විසඳගෙන සතුටින් ඉන්නවා කියන එක තෝරගන්න. අනිවාර්යයෙන්ම ඒක එක ?කින් හෝ දෙකකින් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. සමහර විට සති ගාණක් යයි.

කාර්යාලයත් ගෙදරත් කියන්නේ එක තැනක් නොවේ.

පුද්ගලික ජීවිතය සහ වෘත්තිය ජීවිතය ඉරක් ගහලා බෙදලා තියාගන්න බැරි බව ඇත්ත. හැබැයි දිගින් දිගටම උත්සාහ කරනකොට මේ දෙක අතරේ සමතුලිතබවක් ගොඩනගාගන්න හැකියාව ලැබෙයි. ඒක යහපත් මානසික සුවතාවයකට සෑහෙන්න වටිනවා.

ඇත්තටම අපිට ඔෆිස් එකේ ප‍්‍රශ්නයක් තියෙනවා නං ඒක ගෙදර ආවට පස්සෙත් නොහිතා ඉන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේක පොඞ්ඩක් පුහුණුවක් ලබාගත්තොත් කරන්න බැරි නෑ. ඒ කියන්නේ ගෙදර ඉන්නකොට ගෙදර මිනිස්සු ගැන හිතන එක, තමන් විවේකයෙන් ඉන්නකොට කරන්න ආස දේවල් කරන එක තමයි මේකට හොඳම ක‍්‍රමේ. ඒ වගේම ඔෆිස් එකේ ඉන්නකොට ගෙදර මිනිස්සු ගැන හිතුවත්, තමන්ගේ විනෝදාංශ වගේ පුද්ගලික දේවල් නොකර ඉන්න එකත් මේකට ඇතුළත්.

මනස වෙනුවෙන් ඇගටව්‍යායාම.

මානසික සමබරතාවය ඇතිකරගන්න එක අත්‍යාවශ්‍ය පියවරක් තමයි ශාරීරික සමබරතාවය ඇතිකරගැනීම. වෙනත් විදියකට කිවුවොත් මනස හොඳට හදාගන්න නම් ශරීරයත් හොඳට තියාගන්න වෙනවා. අන්න ඒ නිසා හෙට ඉඳන් හරි කමක් නෑ අඩුම තරමින් දවසකට පැය බාගයක්වත් ව්‍යායාම කරන්න වෙන් කරන එක හොඳයි.

ශරීරයට ව්‍යායාම අඩු වුණාම මිනිසුන් රෝගී වෙනවා. එතකොට මානසික සෞඛ්‍යයට එය කෙළින්ම බලපානවා. මේ නිසා ව්‍යායාම කිරීම අදම අරඹන්න.

සඳමාලි වර්ණසූරිය

Facebook Comments

more recommended stories

%d bloggers like this: