12 අරගෙන ඒකාබද්දෙට යනවැයි කියූ ඇමති අරුන්දිකව ඇමති කමින් ඉවත් කරයි..! (Breaking News)

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අරුන්දික ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල නිවේදනයක එසේ සඳහන් වෙනවා. ආණ්ඩුවේ සාමුහික වගකීම කඩ කරමින්, නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ නිකුත් කිරීම මීට ආසන්නතම හේතුව බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත්තේ. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර තිබෙන අතර එය අද (12) සිට බලපැවැත්වේ.

නියොජ්‍ය අමාත්‍ය ඇරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබා ගැනීමට පසුගිය  27 පෙරවරු 9.30 ට මුල්‍ය අපරාධ විමර්ශක කොට්ටාසයට කැඳවා තිබූනා. ඒ මිග් යානා ගනුදෙනුවේදි  මුල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී සිටින  ජාත්‍යන්තර වරෙන්තු නිකුත් වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග විරතුංග සමඟ ජපානයේදි ජායාරුපයකට පෙනි සිටිම සම්බන්ධ සිද්ධියක් පිළිබඳ කරුණු වීමසීමක වන බව සඳහන්. මුල්‍ය අපරාධ විමර්ශක කොට්ටාසයට පමිණ යන අවස්ථාවේදී අරුන්දික ප්‍රනාන්දු තමන් ඇතුළු 12 දෙනෙකු ඇමති ධුර අතහැර ආණ්ඩුවෙන් ඉවත් වන බව සඳහන් කර සිටියා. මෙම පිරිස ඉවත් වන්නේ මුල් වටයට බවත් තවත් පිරිස් ඉදිරියේදී ඉවත් වන බවත් ඔහු කියා සිටියා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ අරුන්දික ප්‍රනාන්දු අතර ඇතිවූ වලිය..!

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී උණසුම් වචන හුමවාරුවක් සිදුව ඇතැයි වාර්තා වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය දා පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී අරුන්දික ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ. ඒකාබද්ධ විපක්ෂයට මෙන් වෙනම පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ශ්‍රීලනිප ඇමතිවරුන්ටද අවසර ලබාදෙන ලෙසත්,
එසේ නොවේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට කැපවිය යුතු බවත්, තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග සිටීමෙන් පාක්ෂිකයන්ගේ කලකිරීමට ලක්වීමට සිදුවනු ඇති බවත් ආණ්ඩුවේ ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති නොවන නිසා ශ්‍රීලනිප අනන්‍යතාව රැකගනිමින් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීම සඳහා ඇමතිවරුන් කණ්ඩායමක් ද තීරණය කර ඇති බවයි.

මෙම අවස්ථාවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය අත්හැර මිනීමරුවන් දූෂිතයන් සමග ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවත්, එක්සත් ජාතික පක්ෂය සමග එක්වීම නිසා මහින්ද රාජපක්ෂ මහතාගෙන් රටත්, පක්ෂයත් බේරාගැනීමට හැකි වූ බවයි. නමුත් මෙම ප්‍රකාශයට අරුන්දික ප්‍රනාන්දු මහතා විරෝධය පළකිරීමත් සමග මධ්‍යම කාරක සභාව දැඩි උණසුම් ස්වභාවයක් ගත් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

එහි දී අදහස් දක්වමින් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කර ඇත්තේ ඉදිරි මැතිවරණවලදී පක්ෂය දිනවීමට අවශ්‍ය නම් බිම් මට්ටමේ සහාය ඇති ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව ගමනක් යා යුතු බවයි. එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රේම්ජයන්ත් මහතා පෙන්වා දී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට මේ මොහොතවනවිට වැඩි ජනතා ප්‍රසාදයක් තිබෙන බවත්,ඔවුන් සමග එකතු නොවුවහොත් ඉදිරි මැතිවරණ පරාජයට පත්වීමට ඉඩ ඇති බවත්, එක්සත් ජාතික පක්ෂයේ සියලු වැරදිවලට තමන් ඇතුළු කණ්ඩායමට කර ගැසීමට සිදුවන බැවින් වෙන්වීමට අවසර ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ තමන් හෝ මහින්ද රාජපක්ෂ මහතා හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඊළඟ ජනාධිපතිවරණයට තරග නොකරන බවත්,ඒ සඳහා ඇමතිවරුන් කණ්ඩායම එක්වී වැඩපිළිවෙළක් සකස් කරන ලෙසෙයි.

Facebook Comments

more recommended stories

%d bloggers like this: