රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට සියලුම සාක්ෂි හෙළි වූ විල්පත්තු විනාශයේ විගනකාධිපති වාර්තාව මෙන්න..!

විලත්තයිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාවෙන් බදුර්දීන්ගේ වන සංහාරයේ සත්‍ය තත්වය හෙලි වූයේය.

“විලත්තයිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාව” ලෙස නම් කර ඇති මෙම වාර්තාව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා විසින් සකස් කර ඇත.

විල්පත්තු වන විනාශයට එරෙහිව පසුගිය වසර කිහිපය පුරා පරිසරවේදීන් හා විල්පත්තුව සුරකිමු සංවිධානය ඇතුළු පරිසර සංවිධාන විසින් කරන ලද බලපෑම් වල ප්‍රතිපලයක් වශයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විල්පත්තු වන විනාශය පිලිබඳ විශේෂ විගණන පරීක්ෂණයේ වාර්තාව 2017 දෙසැ. 20 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කථානායකවරයාට භාර දී තිබෙන බවත් සඳහන්.

විලත්තයිකුලම් රක්ෂිත වනාන්තරයේ සිදු කර ඇති වන හායනය සහ නැවත පදිංචි කිරීම් සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවත්, එම රක්ෂිත වනාන්තර ඉඩම් නිදහස් කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබියදී බලහත්කාරයෙන් වනය විනාශ කර ඇති බවත්, එහි පදිංචි කළ ජනතාව යුද්ධයෙන් අවතැන් වුවන් නොවන බවත්, පදිංචි කොට ඇති පවුල් වලින් 80% ක් නිවාස වල දීර්ඝ කාලීනව ජීවත් නොවන බවත්, එයින් පෙනී යන්නේ ඔවුන්ට පදිංචිය සඳහා වෙනත් ස්ථාන වල නිවාස ඇති බවත්, රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා රක්ෂිත ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලියට බලපෑම් කොට ඇති බව සහ ඔහුට ඒ සඳහා අධිකාරිමය බලයක් නොමැති බවත් යන කරුණු සහ තවත් විශාල කරුණු ගණනාවක් මෙම විගණන පරීක්ෂණයෙන් අනාවරණය කරගෙන ඇත.

මෙම විගණකාධිපති වාර්තාව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්, එම වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත්, මෙම දැවැන්ත වන විනාශයට මුලික වූ රිෂාඩ් බදුර්දීන් ඇතුළු පද්ගලයින්ට තරාතිරම නොබලා පොදු දේපළ පනත යටතේ දඬුවම් කරන ලෙසත් විල්පත්තුව සුරකිමු සංවිධානය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටී.

“විලත්තයිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාව” පහතින්,

Facebook Comments

more recommended stories

%d bloggers like this: