ශ්‍රී ලංකාවේ මියුසික් විඩීයෝ කලාවට හොලිවුඩ් තාක්ෂණය ගෙනා අ‍යේෂ් විජේරත්න ජීවන රඟ මඩලින් සමු ගනි..!

යොවුන් පරපුර අතර අතිශය ජනාදරයට පත්වූ ගීත රැසක රූප රචනා අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ අයේෂ් විජේරත්න හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් අප අතරින් වෙන්ව ගොස් තිබෙනවා.

කළුතර දකුණ ප්‍රදේශයේ උපන් අයේෂ් විජේරත්න The Colombo Films හි අධ්‍යක්ෂකවරයෙකු ලෙසින්ද ඔහු කටයුතු කරමින් සිටියා.

මිහිදු ආරියරත්න ගේ ”යන තැනක ඉන්න සෑමදා” ලිහිරු පෙරේරාගේ ”ලබැඳියේ” ඩැඩී සංගීත කණ්ඩායමේ ”ඇයි කලේ” වැනි ගීත රැසක රූප රචනා අයේෂ් විජේරත්නගේ අධ්‍යක්ෂණයෙන් හැඩවූ ජනප්‍රිය රූප රචනා වනවා.

මේ අතර මෙරට ගීත රූප රචනා කලාවට නවතම තාක්ෂණය මුසු කළ VFX කලාවද මැනවින්ම ප්‍රගුණ කර සිටි ප්‍රවීණතම අධ්‍යක්ෂකවරයා වූයේ අයේෂ් විජේරත්නයි. මෙරට ගීත රූප රචනා කලාවේ පසුතල නිමැයුම හා සංස්කරණය ඉහළ මානයකට ගෙන ගිය අයේෂ් විජේරත්නගේ වියෝව මෙරට ගීත රූප රචනා කලාවට මිල කල නොහැකි පාඩුවක් වන බව කලාකරුවන් පවසා සිටිනවා.

මියයන විට අයේෂ් විජේරත්නගේ වසය අවුරුදු 38ක්.

අයේෂ් විජේරත්න අධ්‍යක්ෂණය කළ නිර්මාණ කිහිපයක් නිමැවු අයුරු පහතින් ,

Facebook Comments

more recommended stories

%d bloggers like this: