ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල බඹරකන්ද සිඳී යමින් පවතිනවාලූ..! (Video)

ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වශයෙන් වාර්තා තබමින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සවිමත් කළ බඹරකන්ද ඇල්ල සිඳී යමින් පවතින බව වාර්තා වනවා. උසින් අඩි 790ක් වන බඹරකන්ද ඇල්ල සිදි ගියහොත් ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල ජාතියට අහිමි වීම ස්වභාව සුන්දරත්වයට මෙන්ම සංචාරක කර්මාන්තයටද මරු පහරක් වනු ඇත.

බදුල්ල-කොළඹ මහා මාර්ගයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයට අයත් කළුපහන හංදියේ සිට දකුණු කඳුකර දෙසට විහිදී ඇති වීරකෝන්ගම මාර්ගයේ කි. මී. 4 ක්‌ ගිය පසු මෙම ඇල්ලට ළඟා විය හැක.
දිය ඇල්ල කරා ලඟා වීමට මේ වන විට හොඳ මාර්ග පද්ධතියක්‌ද සකස්‌ කර තිබෙන අතර, ඇල්ල නැරඹීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව යම් මුදලක්‌ ද අය කරයි.

නමුත් දිය ඇල්ල රැක ගැනීමට මේ වන තෙක් කිසිම බලධාරියෙක් හෝ පරිසර සංවිධාන කිසිවක් මැදිහත්ව නොමැති බව‍ත් ගම්වාසීන් පවසනවා.

මේ පිළිබදව අදහස් දක්වන ගම්වාසීන් පවසන්නේ දිය ඇල්ලට ජලය කිණිහිරිය, වෙස්‌ට්‌ හපුතලේ, යාලතැන්න, තේ වතුකරය හරහා පැමිණෙන අතර, මෙම ජලය අතර මගදී නීතිවිරෝධි ලෙස බට යොදා ජලය ගැනීමෙන් දිය ඇල්ලට පැමිණෙන ජල ප්‍රමාණය අඩුව තිබෙන බවයි.
තේ වතු කම්කරුවන් විසින් එම ප්‍රදේශවල ඉඩම් බලෙන් අල්ලා ගෙන එළවළු වගා කරන බවත් , ඔවුන් විසින් බට යොදා ජලය ලබා ගැනීමත් , කැළෑ එළි කිරිමත් නිසා ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල සිඳි යමින් පවතින බවත් මෙවැනි පාරිසරික විනාශයන්ට මේ බඹරකන්ද ඇල්ල ද මැදිවී තිබෙන හෙයින් රජය මැදිහත්ව අනවසර ජලය ලබා ගන්නන්ට හා අනවසර ඉඩම් අල්ලා ගත් අයට නීතිය ක්‍රියාත්මක කළොත් මෙම ඇල්ල රැක ගත හැකිවෙන බව තමන් විශ්වාස කරන බවත් ගම්වාසීන්ගේ අදහසයි.

Facebook Comments

more recommended stories

%d bloggers like this: