අමුතු සිහින දකින 2 වසරේ දෝණි. (Video)

අපි හැමෝම පොඩිකාලේ 5 වසරේදී මගේ රට ගැන රචනාවක් ලිවුවා මතක ඇති ,

මගෙ රට ශ්‍රී ලංකාවයි . එය ඉන්දියන් සගාරයෙන් වටවී ඇත. එය “සංවර්ධනය වෙමින් පවතී “.

ඔබත් මමත් මේක මේ විදිහටම ලීවා.අපේ අම්මලා තාත්තලාගෙන් ඇහුවත් එයාලා ලියල තියෙන්නෙත් ඕකම තමයි.
පොඩ්ඩක් අත්තම්මල සීයලාගෙන් අහල බලන්න..එත් උත්තරේ ඕකම තමයි. මේ සංවර්ධනය වෙමින් පවතී කියන තැන මාරම ප්‍රශ්නයක් තියනවා.  හරි කමක් නෑ ඒ ගෙවුණු අතීතෙට දැන් කරන දෙයක් නෑ.හැබැයි අපේ අනාගතේ දරුවන්ටත් ඒකම ලියන්න වෙනවා නම් අනිවාර්යෙන්ම වැරැද්ද අපේ.

අපිට ඒ දේ වෙනස් කරන්න පුළුවන්,ඒ වගේම ඒ දේ අපි කල යුතුමයි ,මොකද අපි අද මෙතනට එන්න අපේ මුතුන් මිත්තන් ගොඩක් කැපකිරීම් කළා ,වෙනස් උනා ,නැත්තම් අපි තාමත් කොළ අතු ඇදගෙන ගල්ගුහාවක ඉදියි.
අපි දැන් වෙනස් වෙන්න ඕනි ලෝකෙත් එක්ක ,ඒ වගේම ,ඒ තීරණේ හරියටම ,ඉක්මනටම ගන්න ඕනි.

අපි කොහොමද එහෙම කරන්නේ ?

“අපේ රට දියුණුවෙමින් පවතී ” කියන එක වෙනස් කරන්න නම් අපි අපේ රටේ දු දරුවන්ට ලංකාව ජයගන්නවා වගේම මේ ලෝකය ජයගන්න හැටිත් කියල දෙන්න වෙනවා,එයාලගේ මනස කොටු කරන්නේ නැතිව හිතන්න ඉඩ දෙන්න වෙනවා,,
ඒ හැමදේකටම කලින් මේ දේ අපි කල යුතුයි කියල අපේ මේ කොටු වෙලා හිරවෙලා හිතන මානසිකත්වය අයින් කර ගන්න ඕනි.

ඉස්සර වගේ නෙවේ ,දැන් ලෝකය ජයගන්නවා නම් ලේසිම ක්‍රමය තමා අන්තර්ජාලය. අම්මෝ…එපා එපා එකේ තියෙන්නේ නරක දේවල්එ…හෙම කියන්න අද සමාජය හුරුවෙලා ඉවරයි. මමත් පිළිගනවා නරක තියනවා,අද ළමයෙකුට පොන් එකක් හම්බවුනු ගමන් එයා යන්නේ නරක හොයාගෙන .මොකද ? අපි එයාව හිරකරලා,පීඩනයකට ලක් කරලා ඉවරයි.

අපි කරන්න ඕනි ඒ දරුවනට හොද ඉලක්කයක් දීලා ඒ හොද දේට යොමු කරලා මේ ලෝකයත් එක්ක තරග කරන්න ,දිනන්න කියල දෙන එක,ඉලක්කයක් ලැබුනහම ඒ පස්සේ යනවා ,නරක පස්සේ යන්න හිතන්නේ නෑ .
ඒ වගේ පොඩි කාලෙම හොද ලොකු ඉලක්කයක් අරගෙන වැඩකරන පුංචි දුවෙක් ගැනයි මේ කතාව ,

මේ දෝණිගේ සිහිනය තම you tuber කෙනෙක් විදිහට subscribe ලා 100000 සිමාව පහුකරන ලංකාවේ ලාබාලම කෙනා වෙන්න, ලෝකේ නම් පොඩිම කෙනාගේ වයස දන්නේ නෑ,එත් ලංකාවේ නම් පොඩිම කෙනා මේ දියණිය තමයි .මේ වෙනුවෙන් පාසල් වැඩ කරන ගමන් එයා ගොඩක් මහන්සි වෙනවා,

මෙයා ඉන්නේ මහනුවර,තෙල්දෙණිය කියන ගමේ ,අම්මලා අප්පච්චිලගේ උදවු ඇතිව මෙයා ගොඩක් මහන්සි වෙලා වීඩියෝ හදනවා,ඒ වගේම පාසල් වැඩ,ක්‍රීඩා වැඩ ,නැටුම් වගේම සිංදු කියන්නත් මෙයා දක්ෂයි.

ගෙදර කට්ටිය කියන්නේ මෙයා දැන් පාඩම් වැඩ කරන්නේ මේ විදිහටලු,එයා කියන්නේ එයාගේ ආසාව දැන් මේ පොඩිවට කලාට තව ඉස්සරහට ලෝකෙම ඉන්න පොඩි අය කැමැති කැමැති දේවල් එය මේ විදිහට වීඩියෝ වලින් ඉදිරිපත් කරනවා කියලයි.එයා හරිම අසා දෙයක් තමයිලු ඉගෙන ගත්තු දෙයක් තව කෙනෙක්ට කියලා දෙන එක,මේ වීඩියෝ වලට ඔයාලගේ අදහස් අනුව ඉස්සරහට එයාගේ වැරදි හදාගෙන මේ ගමන යන්න ඕනි කියල තම අපිත් එක්ක කීවේ.

ඉතිං මේ පුංචි දියණිය අපෙනුත් පොඩි දෙයක් ඉල්ලනවා ,ඒ සල්ලි වත් ,සල්ලි වියදම් වෙන වැඩක්වත් නෙවේ,

මේ අවුරුද්දෙම එයාට subscribes 100000 සීමාව පසු කරගෙන යන්න ඔයාලත් පහල තියන link එකෙන් ගිහින් එයාගේ babe girl කියන youtube චැනල් එකේ වීඩියෝ එකට පහලින් තියන රතුපාට බටන් එක ඔබලා subscribe කරන කියන අහිංසක ඉල්ලීමයි.

Facebook Comments

more recommended stories

%d bloggers like this: