මාස 7 කිරිකැටි බිළිඳා කාමරයක සිරකර, පාටියක ජොලි කරන්න ගිය හිත්පිත් නැති මව. (PHOTO)

තම බිළිඳා පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා එම බිළිඳා මියයාමට සැලැස්වීමේ චෝදනා මත 17 හැවිරිදි තරුණ මවක් රුසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය සිය බිළිඳා කාමරයක දමා එහි දොර අගුලු දමා මිතුරන් සමග සාදයකට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සතියක පමණ කාලයක් බිළිඳා තනිව සිට ඇති අතර ක්‍රම ක්‍රමයෙන් එම බිළිඳා මරණයට පත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම 17 හැවිරිදි තරුණියට රුසියානු අධිකරණයක් විසින් වසර 6 හමාරක සිර දඩුවම් නියමකර ඇති බවයි විදෙස් පුවත් සේවා කියාසිටියේ.

අධිකරණයෙන් ඇයට සිර දඩුවම් නියම කිරීමෙන් අනතුරුව ද ඇය හැගීම් විරහිතව සිටි බව සඳහන්.

මාස 9 ක් වයසැති බිළිඳා ඝාතනය කිරීමට මෙම තරුණිය සැලසුම් කර ඇත්තේ ඇය නව අධ්‍යාපන ආයතනයකට ඇතුලත්වීමත් සමග බවට අනාවරණ වී ඇතැයි ආරක්ෂක අංශ අධිකරණයේදී ප්‍රකාශකර තිබෙනවා.

මෙම තරුණියගේ සැමියා ආරක්ෂක හමුදාවට බැඳීම හේතුවෙන් දරුවා රැක බලා ගැනීමේ වගකීම ද පැවරී ඇත්තේ ඇයටයි.

මිතුරන් සමග සාදවලට සහභාගී වීමට යාමේ දී දරුවා කාමරයේ තබා දොර අගුලුලා යන බව ඇය සඳහන් කර තිබෙනවා.

පසුගිය දිනක ද එලෙස ගොස් සතියක් පමණ මිතුරන් සමග ගතකර ඇතැයි සඳහන්.

එම සතියක පමණ කාලය තුල ඇතිවු කුසගින්න සහ විජලනය හේතුවෙන් බිළිඳා ක්‍රමයෙන් මරණයට පත්වී ඇති බවටයි වෛද්‍ය පරීක්ෂණවලිදී හෙළිවී ඇත්තේ.

මෙම සතියක කාලය තුල 17 හැවිරිදි තරුණ මව යළි නිවසට පැමිණ ඇතත් ඒ පැමිණ ඇත්තේ සිය සුරතල් සුනඛයාට ජලය ලබාදීමටයි.

එම අවස්ථාවේ දී හෝ ඇය සිය බිළිඳා පිළිබඳ සොයා බැලීමක් සිදුකර නැහැ.

මෙම සිද්ධිය පිළිබඳ රුසියාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි කතාබහක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍යවල සඳහන්.

මෙම තරුණියට චෝදනා කරමින් විශාල පිරිසක් විවිධ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම නඩු තීන්දුවට ද ඇතැම් පිරිස් චෝදනා කර තිබෙනවා.

ඔවුන් පෙන්වාදී ඇත්තේ සිය දරුවා ඝාතනයට ලබාදුන් මෙම සිර දඩුවම කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

Facebook Comments

more recommended stories

%d bloggers like this: