හක්ක පටස් කා අසාධ්‍ය වූ තවත් අසරණ අලි පැටවෙකුට ප්‍රතිකාර..! (VIDEO)

බලන්න මේ අසරණ – අහිංසක ඇස් අපිට කියන්නේ මොනවද කියලා..?
යලිත් මෙවන් කුරිරු ලොවක උපදින්නට නොලැබේවා කියලද ?
හම්බන්තොට යෝජිත අලි කලමනාකරණ රක්ෂිතයේ තම්මැන්න වැව ආසන්න ප්‍රදේශයේදී හක්ක පටස් කෑමෙන් මුඛය තුවාල වී අසාධ්‍යව සිටි අලි පැටවෙකු අද උදෑසන අපි සොයා ගත්තා.
පසුව උඩවලව ඇත් අතුරු සෙවනේ වෛද්‍ය වරුන් ඇතුලු කාර්ය මංඩලය පැමිණ මේ අසරණයාට ප්‍රතිකාර කරනු ලැබුවා.ඉන්පසුව වැඩිදුර නේවාසික ප්‍රතිකාර සඳහා ඇත් අතුරු සෙවනට රැගෙන ගියා.

කුරිරු මිනිසුන්ගේ අමානුෂිකත්වය නිසා මේ අසරණයින් විඳින දුක ඔබටත් දැනෙනවාද..?

මෙවැනි ව්‍යවසනයන්ගෙන් මෙම අසරණයන් යම්තාක් දුරට හෝ බේරා ගැනීමට නම් මෙම යෝජිත රක්ෂිතය වනජීවී රක්ෂිතයක් බවට ප්‍රකාශයට පත් කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වුවද නොකෙරෙන දේ වන්නේද එයයි..!

Pubudu Prasanna

Facebook Comments

more recommended stories

%d bloggers like this: