රටවල් 174 ක් අභිබවා Best Model of the World තරඟයේදී අපේ රටේ නම ඉහලින්ම තැබූ මොහොතේ සතුට..!

පසුගිය 08 වනදා සිට 12 වනදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවර පැවති Best Model of the World 2017 තරගයේදී රටවල් 174 ක් නියෝජනය කරමින් පැමිණ සිටි තරඟකරුවන් අභිබවා එම තරඟාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයේ ඉහලම තැනක රඳවන්නට කුරුණෑගල ගලේවල ප්‍රදේශයේ පදිංචි  ජනුක රාජපක්ෂට හැකියාව ලැබුනා.

එසේම මෙම ක්ෂේස්ත්‍රයේ තරඟාවලියකින් ලංකාවේ තරුණයෙකු ජයග්‍රහනය කළ ප්‍රථම අවස්ථාවද මෙය වනවා.

මෙම තරඟාවලියේදී ජයග්‍රාහකයා ප්‍රකාශයට පත්කල අවස්ථාවේදී ඔවුන් සතුට සැමරුවේ මෙලෙසින්,

 

එසේම ජනුක රාජපක්ෂ ජයග්‍රහණය ලබාගැනීමෙන් පසු ලංකාවට පැමිණි අවස්ථාවේ  ගුවන් තොටුපළේ සිට නිවස දක්වාම විශේෂ පිළිගැනීම් උත්සව රැසක්ද සංවිධානය කර තිබුනා.

 

Facebook Comments

more recommended stories

%d bloggers like this: