ප්‍රෙෂර් අගයන් ලෝකයේම වෙනස් වෙයි – වෙනස්‌ වූ ප්‍රෙෂර් අගයන් මෙන්න..!

මෙතෙක්‌ පුද්ගලයෙකුගේ සාමාන්‍ය රුධිර පීඩන අගය සේ සැලකුණු 140-90 අගය 130:80 දක්‌වා අඩු කිරීමට ඇමරිකානු හෘද සංගමය විසින් පියවර ගෙන තිබේ.

ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින අධි රුධිර පීඩන තත්ත්වයට පිළියම් යෙදිය යුතු බව පවසමින් ඇමරිකානු හෘද සංගමය විසින් මෙම නව රුධිර පීඩන අගය පිළිබඳව මාර්ගෝපදේශන මාලාවක්‌ ඇමරිකා එක්‌සත් ජනපදයේ කැලිෙඩනියා නගරයේ පැවැති සංගමයේ වාර්ෂික සමුළුවේදී එළි දක්‌වා ඇත. මේ අනුව මින් ඉදිරියට 130 (80 ක රුධිර පීඩන අගයක්‌ පවතින අය පළමු අදියරයේ අධි රුධිර පීඩන තත්ත්වයෙන් පෙළෙන අය ලෙස සැලකේ.

120-129 මුල් අගය පවතින (සිස්‌ටොලික්‌) හා 80 ට වැඩි (ඩයස්‌ටොලික්‌) අය වැඩි වෙමින් පවතින රුධිර පීඩන තත්ත්වයෙන් පෙළෙන අය ලෙසත් 130-139 (සිස්‌ටොලික්‌) 80-89 (ඩයස්‌ටොලික්‌) අගයක්‌ ඇති නම් පළමු අදියරයේ අධි රුධිර පීඩනයෙන්ද, 140:90 අගයක්‌ පැවැත්ම දෙවැනි අදියරයේ අධි රුධිර පීඩනයෙන්ද පෙළෙන බව සැලකේ.

අධික අධි රුධිර පීඩන අගය ලෙස 180 ට වැඩි (සිස්‌ටොලික්‌) 120 ට වැඩි (ඩයස්‌ටොලික්‌) සැලකේ. මෙම තත්ත්වයෙන් පෙළෙන්නන් රෝග තත්ත්වයට බෙහෙත් ලබාගත යුතු අතර අවයවලට හානි සිදුව ඇත්නම් රෝහල්ගත විය යුතු බවට නිර්දේශ කර තිබේ.

මෙම නව රුධිර පීඩන අගයන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟම ඇමරිකා එක්‌සත් ජනපදයේ පමණක්‌ මිලියන 30 ක්‌ දෙනා අධිරුධිර පීඩන තත්ත්වයෙන් පෙළෙන ලැයිස්‌තුවට එක්‌ව ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද අලුතින් අධි රුධිර පීඩන තත්ත්වයට පත්ව ඇති ජනතාවගෙන් බහුතරයට රෝග තත්ත්වය සඳහා බෙහෙත් ලබා ගැනීම අවශ්‍ය නොවන බවත් ඔවුනට තම ආහාර පාලනය කිරීම ව්‍යායාම සිදු කිරීම ඇතුළු ජීවන රටාවේ වෙනස්‌කම් හරහා රෝග තත්ත්වය පාලනය කර ගත හැකි බවත් වෛද්‍යවරු පවසති.

ඒමන්ති මාරඹේ

Facebook Comments

more recommended stories

%d bloggers like this: