Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට ප්‍රථම වරට අපේ රට එක්වෙමින් ජනාධිපති ලොවට කියු දේ..!                 මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා (PHOTOS)                

බුද්ධගයාවට බෝම්බ ගැසූ නරුමයන්ට පවු පඩිසන් දෙයි..!

ලොව පුරා බෞද්ධයන්ගේ වන්දනීය ගෞරවයට පාත්‍ර වූ බුද්ධගයා විහාරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූයේ පසුගිය 2013 වසරේදීය. මෙම බෝම්බ ප්‍රහාර වලින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා තෙනමක් ඇතුලු පස්දෙනෙක් තුවාල ලැබූ අතර විහාරයටද දැඩි හානි සිදුව තිබුනි.

මෙලෙසින් බුද්ධගයා විහාරයට ප්‍රහාරයක් එල්ල වීම දැඩි ආන්දෝලනයට තුඩු දුන් අතර සිදුවීමෙන් අපහසුතාවයට පත්වූ ඉන්දීය රජය මේ පිළිබදව කඩිනමින් පරීක්ෂණ ආරම්භ කළා.

මේ අනුව අදාල විමර්ෂණ වලින් සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඉන්දීය මුජහිඩීන් නැමැති සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ බවටද හදුනාගෙන තිබුනා.

බුද්ධගයා බෝම්බ ප්‍රහාරය පිළිබදව නඩුව විභාග වූයේ පැට්නාහි පිහිටි විශේෂ විමර්ෂණ අධිකරණයක වූ අතර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනාම ජීවිතාන්තය තෙක් සිරදඬුවම් ලබාදීමට එම අධිකරණය තීන්දු කර තිබෙනවා.

ඉන්දීය ජාතිකයන් වන උමාර් සිද්ධික්, අසාරුදීන් කුරේෂී, ඉමිටියාස් අන්සාරී, හයිදර් අලි සහ මුජිබුල්ලා අන්සාරී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ ත්‍රස්තවාදීන් වෙති.