Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට ප්‍රථම වරට අපේ රට එක්වෙමින් ජනාධිපති ලොවට කියු දේ..!                 මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා (PHOTOS)                

මිනිස්සු එකතුවෙලා පිළිකා රෝහලට අරන් දුන්නු පෙට් ස්කැනරයට අවශ්‍ය දේවල්වත් අමාත්‍යංශයෙන් තාමත් නෑ..!

අතිවිශාල මුදලක් වැය කරමින් මහරගම අපේක්ෂා රෝහල වෙත ලබා දී ඇති පෙට් ස්කෑන් යන්ත්‍රය රෝගීන් වෙනුවෙන් භාවිතයට ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

මේ‍ යන්ත්‍රය සඳහා අවශ්‍ය විශේෂ රසායනික වර්ණක ආනයනය කර රෝහල් වෙත ලබා නොදීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇත.

කොළඹ ජාතික රෝහල වෙත මීට වසර හතරකට පෙර ගෙන එන ලද පෙට් ස්කෑන් යන්ත්‍රය මේ හේතුවෙන්ම නිසි භාවිතයෙන් තොරව පවත්නා බව ද වාර්තා වී තිබේ.

පෙට්ස්කෑන් පරීක්ෂණයක් සඳහා විශාල මුදලක් වැයවේ.

මේ වියදම කිසි සේත්ම රෝගියෙකු හට දරාගැනීමට නොහැකි බැවින් පිළිකා රෝගීන්ට සහනයක් ලෙස මේ විශේෂිත රසායනික වර්ණක සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෝ පෞද්ගලික අංශය මගින් ආනයනය කොට ලබාදී මේ යන්ත්‍ර දෙක රෝගීන් වෙනුවෙන් භාවිතයට ගැනීමට කටයුතු කළ යුතුය.

එමෙන්ම අපට වාර්තා වන ආකාරයට මෙම පෙට් ස්කැනර් යන්ත්‍ර සඳහා පුහුණුව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කිහිප දෙනෙක් පිටරටක පුහුණුවකට ගොස් මෙම යන්ත්‍ර සඳහා පුහුණුවීමට යෙදවිය යුතු වූවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ඇතැම් වෛද්‍යවරුන්ගේ කඹ ඇදිල්ලක් නිසා එයද නතර වී ඇති බවයි.

දැනට සෞදි රජයෙන් නොමිලේ දුන් පෙට් ස්කැනර් යන්ත්‍ර ජාතික රෝහලේ මීමැස් මොර ඒකකයේ පැය 24ම ඒසී ඇතිව නිකන් තිබෙන අතර, මහජනතාව විසින් මුදල් පරිත්‍යාගයෙන් ලබා දුන් පෙට් ස්කැනරයද පිළිකා රෝහලේ බිල්ඩිමක් තුළ ඔහේ නිකන් තිබෙන්නට හැර තිබෙනවා.

 

තවත් විස්තර බලාපොරොත්තුවන්න……..