රුසියාව තේ තහනම ඉවත් කරයි – යලිත් සිලෝන් ටී රුසියාවට..! (Video)

ශ‍්‍රී ලංකා තේ සදහා රුසියාව විසින් පනවන ලද තේ තහනම ඉවත් කර ඇත.

දෙරටේ නියෝජිතයන් අතර පැවති සාකච්චාවකින් පසු මෙම තහනම ඉවත් කිරිමට රුසියානු රජය තීරණය කල බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ මහතා පවසයි.

මෙම දෙසැම්බර් මස 30 දා සිට යලිත් රුසියාව විසින් මෙරටින් තේ මිලදී ගැනීමට නියමිතය.

පසුගිය 18 වනදා සිට රුසියාව විසින් ශ‍්‍රී ලංකාවේ තේ තහනම් කරනු ලැබුබේ මෙරට තේ තොඟයක කෘමියෙකු සිටියේ යයි පවසමිනි.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවය මෙම තහනම ඉවත් කර ගැනීමට විශේෂයෙන් බලපෑ බව වෛද්‍ය සමන් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපතිවරයා වෙත තහනම ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ලිපියක් ද යොමු කර තිබූ බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙරටින් ආනයනය කළ තේ තොඟයක කෘමියෙකු සිටි බවට එල්ල වූ චෝදනාවලින් පසු පසුගිය 18 වනදා සිට රුසියාව අදාළ තහනම පනවා තිබුණි.

පසුගිය රජය සමයේ යුරෝපා සංගමය තහනම් කල GSP+ අත් හිටුවීම සහ යුරෝපා මත්ස්‍ය තහනම එකල රජයේ අදුරදර්ශී රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලි හමුවේ ලංකාවට පැනවූ අතර එදා එම තහනම ඉවත් කිරීමට තබා සාකච්චා කිරීමට පවා ජාත්‍යන්තරය ප්‍රතික්ෂේප කල අතර එදා තහනමට ලක්වූ එම සහනද වත්මන් රජයේ යහපාලන ප්‍රතිපත්ති හේතුවෙන් නැවත ලබා ගැනීමට හැකිවිය.

රටක් ලෙස පක්ෂ පාට භේධයෙන් තොරව පිළියම් සෙවිය යුතු වූ මෙම රුසියානු තේ තහනම අවස්ථාවේ කාලකන්නි ලෙස දේශපාලනය කරපින්නා ගනුමින් සතුටු වූ සමහරකට හා රජයට චෝදනා එල්ල කල සමහර පුද්ගලයින්ට මේ තීන්දුව හමුවේ මෛත්‍රී පාලනයක් තුල ජාත්‍යන්තරය අප සමග සිටිනබව නැවත වරක් ඔප්පු කොට දී හමාරය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: