ඌවේ මහ ඇමතිට ඇප ලැබෙයි..! – පරීක්ෂණ ඉදිරියටම

බදුල්ල දෙමළ බාලිකා මහ විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධියට අදාළව අද (23) දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇප මත මුදා හැර තිබෙනවා.

අද පෙරවරුවේ මහ ඇමතිවරයා නීතිඥයෙකු මාර්ගයේ බදුල්ල පොලිස් ස්ථානයට පැමිණ භාර වුණා.

ඒ අනුව මහ ඇමතිවරයාව බදුල්ල පොලිසිය විසින් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

ගුරුවරිය දණගැස්වු ඌවේ මහඇමති අත්අඩංගුවට..!

ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක අද දිනයේ නීතිඥයෙකු මාර්ගයෙන් බදුල්ල පොලිසියට පැමිණ භාර වී තිබෙනවා. කෙසේ වෙතත් එහිදී මහ ඇමතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ දෙමාපියන් පිරිසක් ඊයේ (22) එම විදුහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වූවා.

මෙම විදුහලේ විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඌව පලාත් ප්‍රධාන අමාත්‍යවරයාට චෝදනා එල්ල වූවා.

ජනාධිපති උපදෙසින් අපක්ෂපාතී පුළුල් පරීක්ෂණයක්..!

ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දිස්ති‍්‍රක්කයේ විදුහලක විදුහල්පතිනියකට හිංසා කළ බවට සඳහන් කෙරෙන තොරතුරු සහ පොලීසියට කර ඇති පැමිණිලි අනුව ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පුළුල් පරීක්ෂණයක් වහාම සිදුකරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම මෙම පරීක්ෂණය අපක්ෂපාතීව සිදුකිරීම සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු ඌව පළාත් ආණ්ඩුකාරවරයා යටතට පත්කරගන්නා ලෙස ද ජනාධිපතිවරයා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වෙත උපදෙස් ලබා දී ඇත.

මේ පිළිබඳ සිදු කෙරෙන අපක්ෂපාතී පරික්ෂණ වාර්තාවේ සඳහන් කෙරෙන ඕනෑම නීතිමය කි‍්‍රයාමාර්ගයක් කඩිනමින් ගන්නා ලෙස ද ජනාධිපතිවරයා පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Facebook Comments

more recommended stories

%d bloggers like this: