Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

“එස්.බී ,ඩිලාන් වැනි ප්‍රබල චරිත සමගයි මම එකට දේශපාලනය කලේ..! – පා.ම චතුරගෙන් හෙළිදරව්වක්..!

එස්.බී. දිසානායක හා ඩිලාන් පෙරේරා වැනි අය සමගින් වසර ගණනාවක් තිස්සේ දේශපාලනය කල පලපුරුද්ද තමනට ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි චතුර සේනාරත්න මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා මේ බව සඳහන් කලේ දැනට ප්‍රබල මහජන විරෝධයක්පවතින වත්මන් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග වලට එරෙහි වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනෙක් ඇමතිකම් වලින් ඉවත් වීම පිටුපස සිටින්නේද පාර්ලිමේන්තු මන්ත‍්‍රි චතුර සේනාරත්න මහතාදැයි සැකයක් ඇතැම් දේශපාලකයන් තුළ තිබෙන බවත් ඒ පිළිබඳව මන්ත්‍රීවරයාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදීයි.

එයට පිළිතුරු සපයමින් මන්ත්‍රීවරයා සඳහන් කලේ එස්.බී. දිසානායක ප්‍රබලයන් ඇසුරු කිරීමට තමන්ගේ පියා හරහා අවස්ථාව ලැබුනු බවත්, ඒ ඔස්සේ දැවැන්ත විරෝධතා අරගල කර ඇති බවත් ඩිලාන් පෙරේරා මහතා වැනි ප්‍රබලයන්ද ඒ සඳහා සහභාගී වූ බවත්, දේශපාලනය කල බවත් සඳහන් කරමිනි.අව ඔවුන්ගෙන්

අවශ්‍ය නම් ඒ බව ඩිලාන් පෙරේරා වැනි අයගෙන් අසා තහවුරු කර ගැනීමේ හැකියාවක් පවතින බවත් ඔහු සඳහන් කලා.

එමෙන්ම එස්.බී. දිසානායක මහතා සිරගත කල අවස්ථාවේදී ඔහු නිදහස් කර ගැනීම පිණිස තමන් විශාල මෙහෙයුමක් දියත් කල බවත් සඳහන් කලේය.

වසර 10ක් පුරා පැවති රාජපක්ෂ පලනය පෙරලා දමා යහපාලන ආණ්ඩුවක් ගෙන ඒම පිටුපස සේනා සංවිධානය කරනු ලැබුවේ පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයත්, පූජ්‍ය අතුරලියේ රතන සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රි චතුර සේනාරත්න මහතාගේ පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරය බවත් මෙහිදී මතක් කරනු ලැබුවේය.

මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීමේ වීඩියෝවේ කොටසක් පහතින්,