Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

විරෝධාර රණවිරුවන් වෙනුවෙන් නව නිවාස හිමිකම් පත් ජනපති අතින්..!                 මත්ද්‍රව්‍ය මාෆියාව ගම්පහ ගිලගනී – පොලීසිය නිදි..!                 ජනපති මැදිහත්වීමෙන් වර්ජනය අවසන් – දින පහට දුම්රියට කෝටි 10ක පාඩුවක්‌..!                 අප්‍රිකානුවන් පරදා ලකුණු 178ක වාර්තාගත ජයක් අපේ සිංහ පැටව් ගත්තු හැටි මෙන්න..!                 යුදහමුදාවේ 100කට ඉන්දියාවේදී දුම්රිය රියදුරු පුහුණුවක්..!                 දිවියන් කෑ බව කී සමනලවත්තේ දරුවා පැහැරගත්තේ දරුවාගේ මාමාද..? පොලිසය කරුණු රැසක් අනාවරණය කරගනී..!                 සැකකරුවෙක් ඝාතනයට ඉඩක් නෑ – යුධ හමුදා මේජර්ට මරණ දඬුවම දෙමින් විනිසුරු ඉලංචේලියන් කියයි..!                 රිදෙන්නේ ජනතාවටයි – ආණ්ඩුවට නොවෙයි                

“ඇමසෝන් වනය රැකගත් සුර දූතයා – Chico Mendes

ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇමෙරිකා මහද්වීපයට ගොඩබසිනා තෙක් යුරෝපීයයන් රබර් ශාකය පිළිබඳව දැන සිටියේ නැත. තරමක් අමුතු ආකාරයේ ශ්‍රාවයක් වෑස්සෙන ගසක් දකුණු ඇමෙරිකාවේ වනගත ප්‍රදේශවල තිබෙන බවත් එහි කඳ පලූදු කොට එකී ශ්‍රාවය පිටතට ගලන්නට සලස්වා ඒවා එකතු කොට සාදා ගන්නා කුඩා ගුලිවලින් එකී ප‍්‍රදේශවල කුඩා ළමුන් සෙල්ලම් කරන බවත් කොලොම්බස් ලියා තැබීය. කොලොම්බස්ගේ මේ වදන් තවත් සියවස් කිහිපයක් යන තෙක් කිසිවකුටත් වැදගත් වූූයේ නැත. 1736 දී දකුණු ඇමෙරිකා රටවල සංචාරය කළ ප‍්‍රංශ ජාතිකයකු, එහි ගම්බද වැසියන් රබර් කිරිවලින් ලබා ගන්නා සුළු ප‍්‍රයෝජන පිළිබඳ වාර්තා කොට තිබුණු අතර විද්‍යාඥ න්‍දිැචය ඡුරසැිඑකහ රබර් ගුලි කොට, පැන්සල් මකනයක් ලෙස භාවිතයට ගත් බව කියැවේ. කෙසේ හෝ 1800 දශකයේ මුල් භාගය වන තෙක්ම යුරෝපය තුළ රබර් සඳහා ඉල්ලූමක් තිබුණේ නැත. 1803 දී රබර්වලින් සරල නිමවුම් සාදන කර්මාන්ත ශාලාවක් ප‍්‍රංශයේ පැරිස් නුවර ආරම්භ වුවත් එය පාරිභෝගික ද්‍රව්‍යක් ලෙස මහා පරිමාණයෙන් දියණු නොවුණේ විවිධාකාර උෂ්ණත්වයන් යටතේ රබර් දියවීම , අනවශ්‍ය පරිදි ඝන වීම වැනි ලක්ෂණ, තාක්ෂණය විසින් ඒ වන විටත් විසඳා නොතිබීම නිසාය. තාක්ෂණ ධනවාදයට රබර් ආගන්තුක වුවද ඇමසෝන් වනය අවට ගෝත‍්‍රික ජනයා සියවස් ගණනක් මුළුල්ලේ රබර් කිරෙන් විවිධ ප‍්‍රයෝජන ලැබීය. රබර් ශාකයෙන් රබර් කිරි නිස්සාරණය කිරීමේ සාම්ප‍්‍රදායික උපක‍්‍රම ගණනක්ද ඔවුහු පුරුදුපුහුණු කළෝය.

යුරෝපීයානුවන් “නව ලෝකය” සොයාගෙන ශතවර්ෂ කිහිපයක් ගතවනතෙක්ම ඇමසෝන් වනාන්තරයේ ඈත හුදකලා ප‍්‍රදේශවල සැලකිය යුතු වෙනසක් සිදු වුණේ නැත. දකුණු ඇමෙරිකානු මහාද්වීපයේ මුහුදුබඩ පළාත්වල නගර ගණනක් ඇතිවුවද වඩාත් දුෂ්කර ඇතුළත වනාන්තරවලට ඔවුනට අතපෙවීම අපහසු විය. නමුත් මේ තත්ත්වය වෙනස් වන්නේ 19 වන ශතවර්ෂයේ අගභාගයේදී කාර්මීකරණය අලූත් වටයකින් වේගවත් වීමෙන් අනතුරුවයි. රබර් අමුද්‍රව්‍යක් ලෙස යොදාගෙන සිදු කරනු ලබන නව නිෂ්පාදන ගණනාවක් එළිදුටු අතර නිශ්චිත රබර් අමුද්‍රව්‍ය සැපයුමක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව දැඩිව දැනෙන්නට විය. මේ වන විට රබර් නිෂ්පාදනය කළ හැකිව තිබුණේ දකුණු ඇමෙරිකාවේ ඇමසෝන් වනය අවට, එම ශාකය ස්වාභාවිකව වර්ධනය වූ කලාපයේ පමණි. අධික ලාභයක් ගෙන දෙන වගාවක් වූ රබර් කෙරෙහි අනාගතවාදී ආයෝජකයන් වැඩි වශයෙන් පෙලඹුණු අතර කෙටි කලකින් දකුණු ඇමෙරිකා ඇමසෝන් භූමියට ධනවාදී වෙළෙඳ වටිනාකමක් ආරෝපණය විය. 1879 සිට 1912 දක්වා කාල පරාසය මෙලෙස ඉතා අධික ලෙස රබර් ඉල්ලූම ඉහළ ගිය, එනිසාම වැඩි වශයෙන් රබර් වගා කිරීමට පෙලඹුණු වකවානුවකි. දකුණු ඇමෙරිකාවේ, විශේෂයෙන්ම බ‍්‍රසීලයේ වාණිජ වශයෙන් රබර් වගාව ව්‍යාප්ත වන්නේ මේ වකවානුවේදීය. උතුරු ඇමෙරිකාව හා යුරෝපය තුළ රබර්වලට ඉතා ඉහළ මිලක් නියම වූ අතර රබර් හිමිකාරීත්වය, කාර්මික තරගය තුළ තමන්ගේ ප‍්‍රාග්ධන පංගුකාරීත්වය තීරණය කරන්නා වූ ප‍්‍රධාන සාධකය විය. 1855 දී ඇමසෝන් කලාපයෙන් අපනයනය කෙරුණු රබර් ප‍්‍රමාණය ටොන් 2100 ක් වූ අතර 1879 වන විට මෙය ටොන් 10,000ක් දක්වා ඉහළ ගියේය. බ‍්‍රසීලයේ වනගත පෙදෙස්වල සීග‍්‍රයෙන් නගර ඉදි වූ අතර ක‍්‍රමක‍්‍රමයෙන් බටහිර ශිෂ්ටාචාරය වනය තුළ ගමන් කරන්නට විය. Manaus සහ Beleme යනු මෙලෙස අලූතින් ඉදි වූ නගර දෙකකි. මේ නගර දෙක කේන්ද්‍රීයව අලූත් ධනපති පන්තියක්ද ඔවුනට අවශ්‍ය ජීවන රටාවක්ද බිහි විය. යුරෝපීය පන්නයේ ගොඩනැගිලි, නර්තනශාලා, දේවස්ථාන, වෙළඳපොළවල් යනාදිය මේ අතර වූ අතර එකල මේ ප‍්‍රදේශවල සංසරණය වයේ බි‍්‍රතාන්‍ය මුදල් ඒකකය වූ ස්ටර්ලිං පවුම් යයි කියැවේ.

රබර් ශාකය වෙනම වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමේ හැකියාවක් මේ වන විටත් දියුණු වී නොතිබුණු අතර, රබර් කිරි කපා ගැනීමට සිදු වූයේ රබර් ගස් වැඩිවශයෙන් ඇති වනාන්තර ප‍්‍රදේශ තුළට ගොසිනි. මෙනිසා රබර් ගස් අධික ලෙස ඇති වනාන්තර ප‍්‍රදේශවල අයිතිය සඳහා අසල්වාසී රටවල් අතර ගැටුම් ඇති වූ අතර ඒවා විසඳීම සඳහා සම්මුති , එකඟතාවයන් ආදී දේශපාලන ක‍්‍රියාදාමයන් මාලාවක් පසු කිරීමටද මේ කලාපයට සිදු විය. අලූත් දුම්රිය මාර්ග ඉදි වූ අතර, රබර් කිරි කැපීමට දන්නා ස්වදේශිකයන් බලහත්කාරයෙන් සේවයේ යෙදවීම මුල්කොට ගත් වහල් සේවයක්ද හට ගැනින. දකුණ ඇමෙරිකා මහාද්වීපය ක්ෂණික වෙනසකට ලක්වන්නේ මෙම කාලය තුළ හට ගැණුණු රබර් වගාවේ ව්‍යාප්තිය නිසාය. මේ යුග පෙරළිය 1920 පමණ වනවිට ස්ථාවර තත්ත්වයකට පැමිණෙන අතර එතැන් පටන් බ‍්‍රසීලයේ ප‍්‍රධාන ආර්ථික භෝගය වන්නේ රබර්ය. රබර් කිරි කැපීම ස්වදේශිකයන්ගේ ශිල්පයකට සීමා නොවී අලූතින් පුහුණු වූ ශ‍්‍රමිකයන් පිරිසක් අතට මාරු වීමද මීට සමගාමීව සිදු වෙයි. මෙය පළමු ”රබර් උත්පාතය” Rubber Boom ලෙස හැඳින්වෙයි.

මෙයින් සුළු කාලෙකට පසුව බ‍්‍රසීලයේ රබර් ශාකයේ බීජ සාම්පලයක් බි‍්‍රතාන්‍ය ජාතික Henry Wickham විසින් සොරකම් කරගෙන ගොස් එවකට එරටේ යටත් විජිත වූ මැලේසියාව, ශ‍්‍රී ලංකාව සහ අප‍්‍රිකාවේ තෙත්කලාපය තුළ වගා කරනු ලැබෙයි. කෙටි කලෙකින් පැහැදිලි වන්නේ එම රටවල පාරිසරික හා මානව සාධක අනුව අඩු පිරිවැයකින් කාර්යක්ෂම නිෂ්පාදනයක් කළ හැකි ලෙස රබර් කර්මාන්තය එහි දියුණු කළ හැකි බවය. මෙයින් සිදු වන්නේ එතෙක් බ‍්‍රසීලයට හිමිව තිබු රබර් ඒකාධිකාරිය කෙමෙන් කෙමෙන් අඩු වීමයි. ඉන්පසු එහි රබර් වගාවද පියවරෙන් පියවර අභාවයට යයි.

මෙසේ වල් වැදුණු බ‍්‍රසීල රබර් වගාවට නැවත සරුකලක් උදා වන්නේ දෙවන ලෝක යුද්ධය සමයේය. බි‍්‍රතාන්‍යයන්ගේ ප‍්‍රධානතම රබර් මූලාශ‍්‍රය වූ මැලේසියාව ජපානයට යටවන අතර ලංකාවේ සහ අප‍්‍රිකාවේද රබර් නිෂ්පාදනය ඇන හිටී. මේ හේතුවෙන් ආසියානු රබර් නිෂ්පාදනයෙන් 97% ක් පමණම නැවතුනු බව කියැවේ. නැවත වතාවක් බටහිර ලෝකය බ‍්‍රසීලය දෙසට හැරුණු අතර විශේෂයෙන්ම ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් නැවත වතාවත් බ‍්‍රසීලයේ රබර් වගාව ස්ථාපනය වෙයි. රබර් වෙළෙඳාම සඳහා බ‍්‍රසීල රජය සහ ඇමෙරිකානු රජය අතර ගිවිසුමක් අත්සන් කෙරෙන අතර එයට අනුව එවකට වාර්ෂික නිෂ්පාදනය වූ ටොන් 18000ක ප‍්‍රමාණය ටොන් 35000 දක්වා වැඩි කළ යුතු විය.

මේ සඳහා අඩුම තරමේ ශ‍්‍රමිකයන් 100,000 ක් පමණවත් අවශ්‍ය වූ අතර එවකට රබර් වගාවන් ව්‍යාප්තව තිබු ප‍්‍රදේශවල ඉතිරිව සිටියේ සේවකයන් 35000 කට අඩු ප‍්‍රමාණයකි. මේ අඩුව පිරවීම් සඳහා රටේ උතුරු ප‍්‍රදේශ වලින් සේවකයන් සංක‍්‍රමණය කරවීමට ආණ්ඩුව තීරණය කරන අතර, ඒ පළාත්වල ඇතිව තිබූ දරුණු නියඟයද මේ කටයුතු ඉක්මන් කරවයි. මේ සමස්ත ක‍්‍රියාදාමය ” රබර් සංග‍්‍රාමය” යනුවෙන් නම් කරන ආණ්ඩුව රබර් වගාව අනිවාර්ය සේවයක්ද හඳුන්වා දෙයි. මෙය නූතන කාලය තුළ බ‍්‍රසීලය තුළ සිදු වූ දැවැන්තම සමාජ යුගපෙරළිය ලෙස හැඳින් වේ.

මෙසේ සංක‍්‍රමණය වූ ජනයාට අවශ්‍ය නගර, ජනාවාස ආදිය ඉදි කිරීමට අමතරව රබර් අස්වැන්න වරායන් වෙතට ප‍්‍රවාහනය කිරීමට අවශ්‍ය දුම්රිය මාර්ග පද්ධතියක්ද ඉදිකෙරේ. මෙය ලංකාවේ පනහ සහ හැටේ දශකවල සිදු වූ ජනපදකරණයට තරමක් සමාන ක‍්‍රියාවලියක් ලෙස හඳුනා ගත හැක.

රටේ උතුරු ප‍්‍රදේශයේ සිට, රබර් බහුල වශයෙන් වගා කෙරුණු Acre ප‍්‍රදේශයට මෙසේ සංක‍්‍රමණය වූ Francisco Mendes නම් රබර් කිරි කපන්නා දරුවන් දහඅට දෙනකු මෙලොවට බිහි කළ පියෙකි. මේ දරුවන් අතුරින් ළමා විය පසුකොට ජීවත් වීමට වාසනාව ලැබුනේ දරුවන් 6 දෙනකුට පමණක් වන අතර ඒ අතුරින් බාලම දරුවා Francisco Alves Mendes Filho නම්වූ අතර අපගේ කතා නායකයා වන ඔහුව පසුකාලීන ලෝකයා වඩාත් හොඳින් හැඳින්වේ Chico Mendes යනුවෙනි. වර්ෂ 1944 දෙසැම්බර් 15 වැනිදා උපත ලැබූ මේ දරුවාට වයස අවුරුදු නවයේදී තමන් ජීවත් වූ රබර් වත්තේ සේවයට යාමට සිදු විය. මෙකි රබර් වතු පාලනය වූයේ බ‍්‍රසීල ආණ්ඩුවෙන් සහ ඒ සමග ගිවිසුම්වලට එළඹී සිටි ඇමෙරිකානු සමාගම් කිහිපයක් මගින්. එකී නීති අනුව රබර් වතු පළාත්වල පාසල් තහනම් විය! මේ වතු හිමියකු වරක් ප‍්‍රකාශ කර තිබුණේ භාෂාව සහ ගණිතය රබර් වගාවට අහිතකර බවය. චිකෝ මෙන්ඬේස්ට අකුරු කියවීමේ හැකියාව ලබන්නට අවුරුදු 18 ක් වනතෙක් ඉන්නට සිදු විය.

රබර් වගාව හොඳින් හඳුණන ලංකාවේ අපේ අත්දැකීම නම් තෙත් කලාපයේ නිවර්තන වැසි වනාන්තර ප‍්‍රදේශ වල රබර් වගාව ව්‍යාප්ත වන විට, වනාන්තර එළිපෙහෙළි කරමින් අර්බුධකාරී ලෙස වගාවන් පැතිරවීමයි. මෙය අපට තිබෙන්නා වූ පාරිසරික ප‍්‍රශ්නයකි. නමුත් රබර් ගසේ නිජබිම වන බ‍්‍රසීලයේ තත්වය මීට වෙනස්ය. රබර් ගස යනු ඇමසෝන් වනාන්තරයේ බ‍්‍රසීලයට අයත් ප‍්‍රදේශයේ බහුතර කොටසක ස්වාභාවිකව වැවෙන පැළෑටියක් වන අතර බ‍්‍රසීලයේ සාම්ප‍්‍රදායික රබර් කිරි කැපීමේ ක‍්‍රමවේදය සහ එම කර්මාන්තයම පවතින්නේ, වනය තුළදීම, වනයට කිසිදු හානියක් නොකර සිදු කෙරෙන පරිසර හිතකාමී ක‍්‍රියාවලියක් ලෙසයි. මෙම රබර් , වෙළඳපළ තුළ හඳුන්වනු ලබන්නේ උසකා Rubber නැතහොත් ”වල් රබර්” ලෙසය. බ‍්‍රසීලය තුළ රබර් කර්මාන්තය රැුක ගැනීමට නම් වනාන්තරද රැුක ගතයුතු අතර එනිසාම රබර් කර්මාන්තයෙන් ජීවිකාව ගෙනයන්නවුන් නොවැළැක්විය හැකි ලෙසම වනාන්තරයේ ආරක්ෂකයන් බවටද පත්වෙයි. එක් රබර් කිරි කපන්නකු සැරිසරන වපරිසය සලකා බැලූවහොත්, හෙක්ටයාර් 300ක්, එනම් විශාල ප‍්‍රමාණයේ පාපන්දු පිට්ටනි තුනක ප‍්‍රමාණයක් ඔහු විසින් ආරක්ෂා කරනු ලබන බව පැවසේ. රබර් කර්මාන්තය බ‍්‍රසීලයේ වනාන්තරවලට කිසිදා අනතුරක් නොවූ අතර එක් ලෙසකින් වෙස්වළාගත් ආශීර්වාදයක් විය.

එහි වනාන්තරවලට එල්ලවූයේ වෙනත් ආකාරයේ තර්ජනය. දැව සඳහා කැලෑ එළි එළිපෙහෙළි කිරීම, නිකල් කොපර් ටින් යකඩ රත්ත‍්‍රන් සහ වෙනත් එවැනි වටිනා ලෝහ නිධි සඳහා වනාන්තරය එළිකිරීම, තෙල් නිධි සඳහා වනාන්තරය් එළිකිරීම හා වෙනත් විවිධ වගාවන් සඳහා වනය එළිකිරීම වැනි අනතුරු අතුරින් චිකෝ මෙන්ඬේස් ජීවත් වූ කාලයේ ඔවුනට එදිනෙදා මුහුණ දෙන්නට සිදු වූ ප‍්‍රබලතම අභියෝගය නම් දැවැන්ත ප‍්‍රමාණයේ ගවපට්ටි හිමියන් විසින් ඔවුන්ගේ ගොවිබිම් සඳහා වනය අත්පත් කරගැනීමයි. චිකෝ මෙන්ඬේස් ගේ උපන්ගම වූ ්ජරු ප‍්‍රදේශයේ ඞ්චමරස ගම්මානය රබර් වගාවට මෙන්ම ගවපට්ටි පාලනයටත් එක ලෙස ප‍්‍රසිද්ධියක් ඉසිලීය. ඔහුගේ ළමා කාලය ගෙවී ගැටවර විය එළඹෙන්නෙත්, එතනින් පසුව ඔහුගේ ක‍්‍රියාකාරී දිශානතිය තීන්දු වන්නේත් මේ ක‍්‍රියාදාමයන් දෙකෙහි ගැටුම මතින් ඇති වන සමාජ වටපිටාව තුළය. කර්මාන්ත හිමියන්ගේ සූරාකෑමටත්, ගවපට්ටි හිමියන්ගේ කෙනෙහිලිකම් සහ තර්ජනයන්ටත් ලක්වෙමින් ගෙවෙන ජීවිතය චිකෝ මෙන්ඬේස්ව යොමු කරනු ලබන්නේ අනවරත අරගලය වෙතටය. ඔහුගේ ජීවිතය නොවැළැක්විය හැකි ලෙසම අරගලයෙන් තෙත් වූ විමුක්ති සටනක් බවට පත්වෙයි. එහි ප‍්‍රධාන සංරචක දෙක වන පරිසර සංරක්ෂණය සහ මානව හිමිකම් යන්න ඔහු විසින් සිතාමතා සිදුකළ තෝරා ගැනීම් නොව ජීවන අභ්‍යාසය විසින් ඔහුව තල්ලූ කරදැමු අස්ථානයන් වෙයි.

බ‍්‍රසීල රබර් කිරි කපන්නන්ගේ සමාජයේ ඉදිරිපෙළ ක‍්‍රියාධරයන් අතරට ඒමට තරුණ මෙන්ඬේස්ට වැඩි කලක් ගත වූයේ නැත. 1975 දී විවිධාකාර කුඩා කණ්ඩායම් ගණනාවක් එක් කිරීමෙන් බ‍්‍රසීල රබර් කිරි කපන්නන්ගේ සංගමය පිහිටුවනු ලබන අතර මෙන්ඬේස් එහි ආරම්භක ලේකම් වශයෙන් පත් වෙයි. ඉහතදී සඳහන් කෙරුණු පරිදි ඔවුනට මුහුණ දීමට සිදුවූ දැවැන්තම අභියෝගය නම් විශාල සත්ත්ව පට්ටි ඇති කරන ව්‍යාපාරිකයන් ඔවුන්ගේ වනාන්තර ප‍්‍රදේශ ආක‍්‍රමණය කිරීමයි. මෙය වැළැක්වීම සඳහා මෙම සංගමය ෑපච්එැ නම් නව නිර්මාණශීලී ක‍්‍රමවේදයක් යොදා ගනු ලැබීය. මෙහිදී සිදු කෙරුණේ සූදානම් සහිත කණ්ඩායමක් වනය එළිපෙහෙළි කිරීමට පැමිණෙන කම්කරුවන් හමුවී විවිධාකාරයේ දැනුවත් කිරීම් සහ ඉල්ලීම් සිදුකොට කෙසේ හෝ තමන්ගේ ආයුධ බිම තැබීමට පෙලඹවීමයි. ඉන් පසුව එකී කම්කරුවන් ලැගුම්ගත් කඳවුරුද විනාශ කෙරුණු අතර නැවතත් ඔවුනට තමන්ගේ ගම්මානවලට යාමට බලකෙරිණි.

මෙය තරමක් අසීරු කරුණක් ලෙස පෙනී ගියද විශාල සාර්ථකත්වයක් හිමි කොටගත් ක‍්‍රමවේදයක් වුණු අතර එයට ප‍්‍රධාන සාධකය වූයේ මෙම කම්කරුවන් සාතිශය බහුතරයක් කලකට ඉහතදී රබර් කිරි කපන්නන්ව සිට තම ජීවිකාව අහිමි වූවන් බැවිනි. මේ ක‍්‍රියාදාමවලට හවුල් වූවන් නිරන්තරයෙන්ම හමුදාවෙන් සහ පොලිසියෙන් අත් අඩංගුවට ගැනින. ඔවුන්ගේ ප‍්‍රතිපත්තිය වුයේ කිසිදු විරෝධයක් නොමැතිව නීතියට භාර වීමයි. තමන්ට පහර දීමට පැමිණි නිලධරයන්ට ඔවුන් කරුණාවෙන් ආශීර්වාද කළ අතර , සිර ගෙවල් වලදී සියලූ දෙනාගේ යහපත ප‍්‍රාර්ථනා කරමින් යාතිකා ගැයුහ. ෑපච්එැ ක‍්‍රියාදාමයේ තවත් උපක‍්‍රමයක් වූයේ හැකිපමණ ක‍්‍රියාධරයන් ප‍්‍රමාණයක් එක වර අත්අඩංගුවට පත්වීමයි. මෙවිට හිරගෙවල්වල නිරන්තරයෙන් ඉඩකඩ ගැටලූ හා ආහාර හිඟතා ඇති වන අතර එනිසාම බොහෝ විට ඔවුනට නිදහස ලැබිණ. කලක් ගත වන විට මෙසේ හිරේ යෑම මේ ව්‍යාපාරයට සම්බන්ධ රබර් කිරි කපන්නන්ගේ වෘත්තියේ කොටසක් බවට පත් විය. මේ අතර තරුණ පිරිමි පමණක් නොව කාන්තාවන් හා කුඩා ළමුන්ද සිටියහ. සටන් පෙරමුණට බොහෝ විට ගියේද කාන්තාවන් හා ළමුන්ය. මෙය හමුදා සහ පොලිස් නිලදරුවන් අධෛර්යමත් කරන්නක් විය.

චෙකෝ මෙන්ඬේස් මේ ව්‍යාපාරයේ සිටි ආකර්ෂණීයම නායකයා සහ කථිකයා වූ අතර ඔහුගේ ඇතැම් දේශනා ඇසීමට මුළු බ‍්‍රසීලයෙන්ම රබර් කිරි කපන්නන් පැමිණි බව කියැවේ. වනගත ප‍්‍රදේශවල ජීවත් වූ මේ ගොවියන්ට වනාන්තරය් රැුක ගැනීමේ වැදගත්කම ප‍්‍රථම වරට අවධාරණය කෙරුනේ මෙන්ඬේස්ගේ දේශනවලිනි. සමස්ත රට ආවරණය වන මහා සංගමය පිහිටුවීමෙන් අනතුරුව ඔහුගේ අභිප‍්‍රාය වුයේ තම ගම් ප‍්‍රදේශය වූ ඞ්චමරස හි මේ ක‍්‍රියාකාරකම් සාර්ථකව ආරම්භ කිරීමය. 1977 වන විට ඒ කටයුත්තත් සාර්ථකව අවසන් කිරීමට මෙන්ඬේස් සමත් වන අතර මේ වන විට සැලකිය යුතු තරමේ ජනතා ආකර්ෂණයක් දිනාගෙන සිටි මෙන්ඬේස් නාගරික කවුන්සිලයේද සාමාජිකයකු විය. තම ජනතා ව්‍යාපාරයේ නායකත්වය වෙනත් අයට පැවරූ මෙන්ඬේස්, මේ අදහස් ප‍්‍රචලිත කිරීම සඳහා ඩ්ර්ාදමර් නම් සතිපතා පුවත්පතක් ආරම්භ කළ අතර එය එතැන් පටන් බ‍්‍රසීල පරිසර සටනේ බුද්ධිමය හදබිම විය. මෙතෙක් කලක් ගම්බද ගොවීන්ගේ පන්ති සටනක් පමණක් වූ මේ අරගලයට එතැන් සිට මානව හිතවාදී මධ්‍යම පාන්තිකයන්ගේද , විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේද වෙනත් විද්වතුන්ගේද නොමද අවධානය යොමු වෙන්නට විය. එතකින් නොනැවතුණු එය ලොවපුරා සිටි පරිසරවේදීන්ගේ කුළුණු සිත උත්තේජනය කරන්නක් විය. බ‍්‍රසීල ගොවියන් පිරිසක් තමන්ගේ අවම ජීවන අයිතීන් වෙනුවෙන් අරඹන ලද සටනට අන්තර්ජාතික අවධානය යොමු වුණේ මෙලෙසය.

1979 දී මෙන්ඬේස්ගේ ප‍්‍රධානත්වයෙන් යුතුව රබර් වතු පළාත්වල පාසල් සහ සමුපකාර ආරම්භ විය. බොහෝ ගොවීන් ජීවිතයේ ප‍්‍රථම වරට අකුරු උගත්තෙත්, බැංකු ගනුදෙනු වලට යොමු වුයේත් මෙවිටය. මුලදීවැඩිහිටියන් ඉලක්ක කරගෙන ආරම්භ කෙරුනද ඉතා කෙටි කලෙකින් මේ වෙත කුඩා දරුවන්ද ආකර්ෂණය විය. පරිසර සංරක්ෂණය , මෙම පාසල් වල උගැන්වූ ප‍්‍රධාන විෂයයක් විය. කලක් යන විට මෙවැනි පාසල් ලොව පුර සිටින ස්වේච්ඡුා සේවකයන්ගේ හා පරිසර විද්‍යාඥයන්ගේ තෝතැනි වූ අතර නොසිතු ප‍්‍රමාණයක අරමුදල්ද මේවාට ගලා එන්නට විය.

පරිසර ව්‍යාපාරය කරුණාවෙන් , පරිත්‍යාගශීලීත්වයෙන් සහ ස්වේච්ඡුාවෙන් මෙහෙයවෙන විට ඊට එරෙහිව තිබු සත්ත්ව ගොවිතැන පෙරමුණට ඇදුනේ ප‍්‍රචණ්ඩත්වයෙන් , දේශපාලන අගතියෙන් සහ ධනයෙනි. 1980 වසරේ මුල් භාගයේදී මෙන්ඬේස් ලේකම් ලෙස සිටි සංගමයේ සභාපති වූ Wison Pinheiro ව ඝාතනය කෙරෙන අතර මෙයින් පසුව නොනවතින ඝාතන රැුල්ලක් ඇති වෙයි. 1985 වසරේදී සත්ත්ව පට්ටිකරුවන්ද ඔවුන්ගේ සංගමයක් ආරම්භ කරන අතර Democratic Ruralist Union – UDR වෙඩික්කරුවන් විශාල ප‍්‍රමාණයක්ද කුලියට ගනිති. මොවුන්ගේ වෙඩි උණ්ඩයට මෙන්ඬේස්ගේ ව්‍යාපාරයේ නායකයන් ගණනාවක් බිලි වන අතර ජීවිතය බේරා ගැනීමට බොහෝ නායකයන්ට වනගත වීමටද සැඟවී සිටීමටද සිදුවේ. මෙසේ ඝාතනය වූ නායකයන් ගණන විසිගණනක් බව කියැවේ.

ඉන් පසුව ඉතිරි වූ ප‍්‍රධාන පෙළේ නායකයන් එක් කොට මෙන්ඬේස් විසින් 1985 දී රබර් කිරි කපන්නන්ගේ ජාතික කවුන්සිලය National Council of Rubber Tappers – CNS බිහි කෙරෙන අතර මෙය දැවැන්ත ජාත්‍යන්තර අවධානයක් දිනා ගැනීමට සමත් වෙයි. රටේ පැවති භීෂණකාරී වාතාවරණය යටතේ මෙම සංවිධානයට රබර් කිරි කපන්නන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නොව මුළුමහත් රටවැසියාගේම මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නට සිදුවේ. මේ වසරේම අග භාගයේදී රබර් කිරි කපන්නන්ගේ ප‍්‍රථම ජාතික කොන්ග‍්‍රසය පැවැත්වෙන අතර මෙහිදී අතිශය වැදගත් යෝජනාවක් වූ වනාන්තර ප‍්‍රදේශ ආශ‍්‍රයේ සාම්ප‍්‍රදායිකව ජීවත් වන, වනයෙන් ජීවත් වන ගැමියන්ට එහි අයිතියත් වනය රැුක ගැනීමේ වගකීමත් පැවරෙන නව පනතක් යෝජනා කෙරෙයි. මෙය වනාන්තර රැුකගැනීමේ ආර්ථික වාසිය පැහැදිලි කළ විශිෂ්ට ගණයේ යෝජනාවක් විය. අද දවසේ බහුල වශයෙන් කතා කෙරෙන චිරස්ථායි ආර්ථික රටාවක් සහ වනාශ‍්‍රිත කෘෂිකර්මය වැනි සංකල්ප ඉතා ප‍්‍රායෝගික ලෙස ස්පර්ශ කළ මෙකි යෝජනාවේ වැදගත් කම වන්නේ එය ඇකඩමික් උගතුන් විසින් නොව තමන්ගේ ජීවිතය වනය තුළ ගෙනයන සාක්ෂරතාවය පවා හරිහැටි නැති ගොවියන් පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලද්දක් වීමයි. ඔවුන් විසින් යෝජනා කළ ආකෘතිය පසුකාලීන පරිසර විද්‍යා මතිමතාන්තර රාශියකට ආලෝකයක් ලබා දුන්නේ යැයි කියැවේ.

මෙන්ඬේස් මීළඟට කළේ ඇමසෝන් වාසී ආදිවාසී ගෝත‍්‍ර සමග අත්වැල් බැඳ ගැනීමය. අධිරාජ්‍යවාදීන් රබර් වගාව ප‍්‍රචලිත කිරීමට බොහෝ කලකට පෙර සිට ආදී වාසීන් රබර් ප‍්‍රයෝජනයට ගත් අතර මුල්කාලීන රබර් කර්මාන්තය තුළ ශ‍්‍රමය වැගිරුවේද මෙකී ගෝත‍්‍රිකයන් යයි කියැවේ. එක්දහස් අටසිය ගණන්වල මුල් භාගයේදී ඔවුන්ව බලහත්කාරයෙන් සේවයේ යොදවන වහල් ක‍්‍රමයක්ද තිබී ඇත. කෙසේ වෙතත් කර්මාන්තයක් ලෙස රබර් කිරි කැපීම ප‍්‍රචලිත වූ පසුව වනාන්තර ප‍්‍රදේශ බෙදා ගැනීම සඳහා ගෝත‍්‍රික ඉන්දියානුවන් සහ ග‍්‍රාමීය බ‍්‍රසීලියානුවන් අතර යම් යම් ගැටුම්ද ඇති වී තිබේ. මේ කියන කාලය වන විට මේ දෙකොට්ඨාසයම එක ලෙස පීඩාවට පත්වී සිටි පිරිසක් වූ අතර මෙන්ඬේස්ගේ අභිප‍්‍රාය වූයේ මේ විරසක දුරුකොට ඔවුහු එක් රැුහැනකට ගෙන ඒමයි. මන්දයත් මේ දෙපිරිසම වනාන්තරයෙන් ජීවත් වන, එය රැුකගැනීම අත්‍යාවශ්‍ය ප‍්‍රජාවන් දෙකක් බැවිනි. මේ උත්සාහය සාර්ථක විය. මෙය නූතන බ‍්‍රසීලයේ කුමන හෝ සමාජ කණ්ඩායමක් ආදී වාසීන් සමග සම්මුතියකට ගිය ප‍්‍රථම වතාවයි. එතෙක් කලක් ජාවාරම්කරුවන්ගේ සහ කැලෑ පාළුවන්ගේ වෙඩි උණ්ඩයට මුහුණදුන් ඔවුන් අලූත් වටයකින් ශක්තිමත් වී තමන්ගේ භූමිය වෙනුවෙන් සටනට ඉදිරිපත් වූහ. මේ ක‍්‍රියාකාරකම් සහ සමාජ බලපෑම අගය කිරීමක් ලෙස චිකෝ මෙන්ඬේස් හට එම වසරේදී Ted Turner’s Better World Society Prize iy United Nations Global 500 Environmental Prize යන ත්‍යාග හිමි විය.

1988 වසරේදී Empates ව්‍යාපාරය නැවත වතාවක් පණගසා නැගිටි අතර බ‍්‍රසීල රජයට අක්කර 61000ක භූමියක් රබර් කිරි කපන්නන්ගේ රක්ෂිතයක් ලෙස නම් කිරීමට සිදු විය. මෙය අලූත් ඝාතන රැුල්ලක් ආරම්භ වීමටද හේතු වූ අතර නොනවත්වා පැමිණෙන මරණ තර්ජන පිළිබඳ මෙන්ඬේස් විසින් රජයට පැමිණිලි කරන ලැබීය. දිගින් දිගටම මේ අනතුරු හැඟවීම් රජය මගින් නොතකා හැරුණු අතර අවසානයේදී ඔහුගේ ආරක්ෂාවට පොලිස් භටයන් දෙදෙනෙක් සපයන ලදී. 1988 දෙසැම්බර් 22 වැනිදා මේ භටයන් දෙදෙනාම නිවස තුළ සිටියදීම මෙන්ඬේස්ට වෙඩි ප‍්‍රහාර එල්ල වූ අතර මද වෙලාවකින් ඔහුගේ ප‍්‍රාණය නිරුද්ධ විය. මේ සඳහා චෝදනා ලැබුයේ ප‍්‍රදේශයේ ගවපට්ටි හිමි ධනවතුන් දෙදෙනකු වන සිල්වා සහෝදරයන්ය. මෙන්ඬේස් මිය යාමට කලෙකට පෙර සිට ඔහු තමන්ගේ ඝාතනය පුරෝකථනය කොට තිබිණ. තමන් ඝාතනය වීම කාලය පිළිබඳ ගැටලූවක් පමණක් බවත් , එයට කලින් සිදු කළයුතු අනිවාර්ය වැඩ කහිපයක් අවසන් කලයුතු බවත් ඔහු නිතර මතුරමින් සිටි බව කියැවේ. මියයන විට ඔහුගේ වයස 44කි. දෙදරු පියෙකි. ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා පසු කලෙක නිදහස් වන්නේ ඇසින් දුටු සාක්ෂි ප‍්‍රමාණවත් නොවන බව කියවෙමිනි. ඔහු ඝාතනය වන මොහොතේ එහි සිට ඇත්තේ ඔහුගේ බිරිඳයි.නීතියේ සහ රජයේ තීන්දුව වූයේ ඇය මුසා පවසන බවකි.

මියගිය මෙන්ඬේස් ජීවත් වූ මෙන්ඬේස්ටත් වඩා බොහෝ සෙයින් බලගතු බව ඔහුව ඝාතනය කළ ජාවාරම්කරුවන්ටත් , එයට නිහඬව උඩගෙඩි දුන් ¥ෂිත ආණ්ඩුවටත් වැටහුනේ ඒ වසරේදීම රබර් කිරි කපන්නන්ගේ වාර්ෂික සමුළුව පැවත්වීමෙන් පසුවය. පෙර නොවූ විරු ජනකායක්ද, පරිසරවේදීන් වෘත්තීයවේදීන් , මානවහිමිකම් ක‍්‍රියාධරයන් ආදී විශාල පරාසයක බුද්ධිමතුන් පිරිසක්ද මෙයට සහභාගී වූ අතර රජයට ප‍්‍රතික්ෂේප කල නොහැකි ලෙස ප‍්‍රධාන යෝජනා 28 කින් සමන්විත පත‍්‍රිකාවක් ඉදිරිපත් කෙරිණ. මේ සියල්ලක්ම යොමු වී තිබුනේ පාරිසරික හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙතටය. මෙයින් පසු වකවානුවේදී මෙන්ඬේස්ගේ සටන් සගයන් කිහිප දෙනෙක්ම වැදගත් රාජ්‍ය තනතුරු වලට පත් වූ අතර පරිසර හිතකාමී මානවාදී යෝජනා ප‍්‍රතිසංස්කරණ ගණනාවක් ගෙන ඒමට ඔවුන් සමත් විය. අනුව දශකයේදී ඇමසෝන් වනන්තරයේ ආරක්ෂාව පිණිස නීති රෙගුලාසි ගණනාවක් ගෙන එනු ලැබූ අතර මේ සියල්ලේ ආරම්භක ආවේගය ලැබුනේ මෙන්ඬේස්ගේ ක‍්‍රියාකාරීත්වයෙනි. ඔහු විසින් යෝජනා කළ රක්ෂිත විශේෂය අද වන විට වර්ග කිලෝ මීටර් 31000ක් දක්වා වර්ධනය වී තිබේ.

මෙන්ඬේස්ගේ මතකය වෙනුවෙන් ගීත ගණනාවක් නිර්මාණය විය. වාර්තා චිත‍්‍රපට ගණනාවක් තැනුණි. කෘතීන්ද ලියවිණි. බ‍්‍රසීලියානු පරිසර අමාත්‍යංශය යටතේ ඇති ජෛව විවිධත්ව සංරක්ෂණ ආයතනය ඔහුගේ නමින් නම් කෙරුණු අතර 2013 වර්ෂයේදී ඇමසෝන් වනයෙන් අලූතෙන් සොයාගත් පක්ෂි විශේෂයක් Chicozs tyrannulet Zimmerius chicomendesi නමින් නම් කෙරිණි.

අවසානයේදී මේ ජීවන වෘතාන්තයෙන් අප ලැබිය යුතු ආදර්ශය කුමක්ද? අපේ පහතරට තෙත් කලාපයේ ඈත ගමක ගමියකුත් මෙහි කියැවෙන චෙකෝ මෙන්ඬේස් අතරත් වැඩි වෙනසක් නැත. මෙන්ඬේස් සටන් කළ අසූව දශකයේ ඇමසෝන් වනාන්තරයත් මේ මොහොතේ අපට ඉතිරිව ඇති ස්වල්ප වනාන්තර කුට්ටියත් අතරද ප‍්‍රමාණයේ හැර වෙනත් වෙනසක් නැත. පරිසරයටත් මනුෂ්‍යත්වයටත් එරෙහිව සිටින බලවේග වලද වෙනසක් නැත. ඉතා කනගාටුදායක ලෙස, එවකට බ‍්‍රසීලයේ දූෂිත රාජ්‍ය තන්ත‍්‍රයත් සමකාලීන ලාංකික රාජ්‍යයේත් වෙනසක් ඇත්තේ නැත.

අපේ ජීවන අත්දැකීම නම් සල්ලිවලට  ඕනෑම දෙයක් කළහැකි බවයි. මහවනය එළිකරන්නටත්, මුළු අනාගත පරපුරක උරුමය එක පහරට කොල්ල කන්නටත් මේ අපරාධ කරුවන්ගේ සල්ලිවලට හැකිය. මෙන්ඬේස් සටනට පිවිසියේ එය අනිවාර්ය එකම තේරීම නිසාය. ලංකාවේ පරිසරය සම්බන්ධයෙන්ද සත්‍ය මෙයම වේ. අරගලය හැර වෙනත් මගක් නැත. එය අද, නැතහොත් හෙට උදෑසන පටන් ගත යුතුමය.

“මුලදී මා සිතුවේ මා රබර් වගාව ආරක්ෂා කිරීමට සටන් වදිනවා යන්නයි. පසුව මට සිතුනේ මා සටන් කළේ ඇමසෝන් වනාන්තරය ආරක්ෂා කිරීමට බවයි. නමුත් අවසානයේදී මට අවබෝධ වූයේ මා සටන් කොට ඇත්තේ මනුෂ්‍යත්වය පිණිස බවයි….”

දිනෙත් මල්ලිකාරච්චි
dineth’[email protected]

Chico Mendes se tornou símbolo da luta pela manutenção da floresta e da cultura do seu povo