අපේ රට පුරා රැල්ලට ගිය කමියුනිකේෂන් හොරකම් ගැන මිනිස්සු කියපු කථා..! (video)

කඩේකට බඩුවක් ගන්න ගියාම හැමදේම ගණන් ගිහින් කියලා මිනිස්සු කියන මේ කාලේ සමහර අවස්ථාවලදි ඕනි කරන දේවල් ගන්න ඔවුන් දැන් දැන් හොරකම් කරන්නත් පුරුදු වෙලා ඉන්නවා. මේ ගැන දිනපතා ඔබටත් ප්‍රවෘත්ති ඔස්සේ අහන්න දකින්න ලැබිලා ඇති.

ඔය විදියට සිද්ධවුණු සොරකම් කිහිපයක CCTVදර්ශන කිහිපයක් පසුගිය දවසක අන්තර්ජාලයේ හුවමාරු වෙනවා ඔබත් දකින්න ඇති. මුලින්ම විජේරාමෙන් පටන් ගත්ත මේ සෙල්ලම හොමාගමට ගියා. පස්සේ යාපනය ප්‍රදේශයේ වෙළඳ සැලකත් මේ විදියේ සමානම හොරකමක් සිද්ධ වුණා. එක රැල්ලට සිද්ධවුණු මේ සොරකම් ටික සංවිධානාත්මකව සිද්ධ වුණා කියලා තමයි මේ වෙද්දි අපිට දැගන්න ලැබෙන්නේ. මොකද මේ කමියුනිකේෂන් වලට පැනපු හොරු එතන තිබ්බ වටිනා කියන බඩු මඟ ඇරලා අරන් ගිහින් තිබ්බේ පොඩි දේවල් ටිකක් විතරයි.

මේ ගැන කඩේ මුදලාලිලා පවා පුදුම වෙලා තිබුණා. ඔවුන් කියන විදියට තරුණ වයසේ අය තමයි මේ හොරකම කරන්න පෙළඹිලා තිබුණේ. ඔය අතරේ කඩේට පැනපු සමහර හොරු කඩේ තිබ්බ තාක්ෂණික උපකරණ අත්හදා බලන හැටිත් අපිට දැකගන්න පුලුවන් වුණා. එයින් පෙනී ගොස් තිබුණේ මේ හොරු ගොඩ දෙනෙක් නව තාක්ෂණයක් එක්ක මුහු වෙච්ච පිරිසක් කියලා.

ඒ සාධකත් එක්ක බලද්දි මුදල් හොරකම් කරනවට වඩා වෙනත් සැලැස්මක් පිට තමයි මොවුන් ඒ විදියට කමියුනිකේෂන් වලට පැන්නේ කියලා අපිට නිගමනය කරන්න පුලුවන්. මොකද සේප්පුවේ තියෙන සල්ලි හොරකම් කරන්න අවස්ථාව හොඳටම තිබිලත් කඩේ තිබ්බ පුංචි දෙයක් අරගෙන සල්ලි තියලා යන්න ඇත්තේ හොරකමට නෙවෙයි මොකක් හරි විශේෂ අවශ්‍යතාවයට වෙන්න ඇති කියලා CCTV දර්ශන හොදින් නීරක්ෂණය කරපු කිහිප දෙනෙක්ම කියලා තිබුණා.

කොහොම වුණත් මේ සිද්ධියේ ඇත්ත නැත්ත මොකක්ද, මහ රෑ කඩවල්වලට පැනලා මේ අය අරන් ගියේ මොනවද කියලා හොයන්න මේ වෙද්දි පරීක්ෂණ ආරම්භ වෙලා තියෙනවා. ළඟදිම දවසක මේ රැල්ලට ගිය කමියුනිකේෂන්වලට පැනිල්ලේ ඇත්ත නැත්ත එළිවෙවි.

ඔය අතරේ හොරකමේ CCTV නරඹපු කිහිප දෙනෙක් මේ සිද්ධිය ගැන අදහස් දක්වලා තිබුනේ මෙන්න මේ විදියට….

Facebook Comments

more recommended stories

%d bloggers like this: