දිල්ශාන්,මහේල,මාලිංග විශිෂ්ඨයන් අයිස් ක‍්‍රිකට් තරගාවලිය සදහා නැවත පිටියට..!

ස්විස්ටර්ලන්තයේ පැවත්වෙන අයිස් ක‍්‍රිකට් තරගාවලිය සදහා එක්වීමට ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට තුන්ඉරියව් පිතිකරුවකු වූ තිලකරත්න දිල්ශාන්ද කැමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි.

මීට පෙර මෙම තරගාවලියට සදහා ශ‍්‍රී ලංකාවේ සුපිරි ක‍්‍රීඩකයින් දෙදෙනෙකු වන ලසිත් මාලිංග හා මහේල ජයවර්ධන කැමැත්ත පළ කර තිබිණි

මෙහිදී හිම මත කෘතිමව ඉදිකරන තණතිල්ලක් මත තරඟ පැවැත්වෙන අතර තරඟ සඳහා සහභාගී වන ක්‍රීඩකයන් අදාළ තත්වයන්ට ගැලපෙන ලෙස ඇඳුම් සහ පාවහන් පැළඳ පැවැත්වෙන මෙම තරඟාවලියේ ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය සමඟ මාද්‍ය වලද වැඩි අවධානයක් යොමු වනු ඇත.

මෙම තරඟාවලිය මෙම පෙබරවාරි මස 08 සහ 09 වැනිදා ස්විස්ටර්ලන්තයේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රීකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයර්ධන හා සුපිරි වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග මෙම තරඟාවලියට සහභාගී වීමට කැමැත්ත පළ කර ඇති බව පසුගිය වසර අවසානයේ වාර්තා වූ අතර අලුතෙන්ම මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට කැමැත්ත පලකල ක්‍රීඩකයන් තිදෙනා ලෙස ඉන්දියාවේ අජිත් අගාකාර්,නවසීලන්තයේ නේදන් මැකලම් සහ ශ්‍රී ලංකාවේ තිලකරත්න ඩිල්ශාන්ගේ නම් මේ වනවිට තරඟ සංවිධායකයන් ප්‍රකාශයට පත් කර ඇත.

T20 ලෙස ක‍්‍රියාත්මක කිරීම සූදානම් කර ඇති මෙම තරගාවලිය දින දෙක තුල කණ්ඩායම් දෙක අතර තරඟ දෙකක් පැවැත්වීමට නියමිතව ඇත.

Facebook Comments

more recommended stories

%d bloggers like this: