Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට ප්‍රථම වරට අපේ රට එක්වෙමින් ජනාධිපති ලොවට කියු දේ..!                 මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා (PHOTOS)                

පුද්ගලයෙකුගේ සැළකිලිමත් බව නිසා ගංඉවුරේ තිබූ කිඹුල් බිත්තර රැසක් සොයා ගත් හැටි…! (PHOTO)

මාතර පිටබැද්දර පීරිස් වත්ත ප්‍රදේශයේ තිබී කිඹුල් බිත්තර තොගයක් සොයා ගෙන තිබෙනවා. ඊයේ (03) එම ප්‍රදේශයේ ගඟ ආසන්නයේ තිබූ කොස් ගසකින් කොස් කැඩීමට ගිය පුද්ගලයෙකු ප්‍රථමයෙන්ම මෙම කිඹුල් බිත්තර දැක ඇති බවයි සඳහන් වන්නේ.පසුව ඔහු ඒ පිළිබඳව පිටබැද්දර පොලීසියට දැනුම් දී තිබෙනවා.

අනතුරුව පොලීසිය විසින් මිරිස්ස වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලය වෙත මේ පිළිබඳ දැනුම් දී අද (04) දිනයේදී මිරිස්ස වන ජීවී කාර්යාලයේ නිලධාරීන් සහ පිටබැද්දර පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබෙනවා.

ඔවුන් අදාල ස්ථානයට යන විටත්  කිඹුලා බිත්තර අසලට වී සිටින අකාරය නිරීක්ෂණය වී ඇති අතර  නිලධාරීන් එම ස්ථානයට ලංවෙත්ම කිඹුලා  ගඟට පැන තිබෙනවා.

පසුව එම ස්ථානයේ තිබී කිඹුල් බිත්තර 48 ක් පමණ සොයාගෙන ඇති අතර එයින්  44 ක් පමණ හොඳ තත්ත්වයෙන් තිබු බවයි වාර්තා වුනේ. කෙසේ වෙතත් තවත් සතියක් පමණ යන තුරු කිඹුල් බිත්තර තිබු ස්ථානය ජනතාවට පැමිණීම අනතුරු දායක බවට වන ජීවී නිලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.