Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

ධනංජයගේ පියාගේ ඝාතකයෝ පැන යයි – ගොනාකෝවිලේ අංජුගේ කල්ලියේ වැඩක්‌..!

ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩක ධනංජයද සිල්වාගේ පියා වූ දෙහිවල – ගල්කිස්‌ස නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පාතාල සාමාජිකයන් සියලු දෙනා හඳුනාගෙන ඇති බවත්, ඔවුන් මේ වනවිට පදිංචි ස්‌ථාන අතහැර දුර බැහැර ප්‍රදේශවලට පලාගොස්‌ ඇති බවත්, පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු බව කියන ගොනාකෝවිලේ අංජු නමැත්තාගේ කල්ලියේ සාමාජිකයන් පිරිසක්‌ විසින් බව පොලිසිය මෙතෙක්‌ කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

“ගොනාකෝවිලේ අංජු” නමැත්තා මේ වනවිට විදේශගතව සිටින අතර ඔහු එහි සිට සිය පාතාල කල්ලිය මෙහෙයවන බව ද වාර්තාවේ.

“ගොනාකෝවිලේ අංජු” නමැත්තා සහ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් අතර කාලයක පටන් ආරවුල් පැවැති බවත් එම ආරවුල්වල ප්‍රතිඵලයක්‌ ලෙස මෙම ඝාතනය සිදුවන්නට ඇති බවත් පොලිසිය සැක කරයි.

රන්ජන්ද සිල්වා මහතා ඝාතනය කළ පාතාල සාමාජිකයන් සැඟවී සිටින බවට තොරතුරු ලැබුණු ස්‌ථාන කීපයක්‌ පොලිසිය විසින් පරීක්‍ෂා කළද ඔවුන් එම ස්‌ථාන හැර ගොස්‌ සිටි බව පොලිස්‌ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

– divaina