මීළඟ සංගා – මහේල වෙන්නේ ධනංජය සමඟින් කුසල්ද..? (VDIEO)

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා වුනත් ශ්‍රී ලංකාව මේ තරගයේදී ඉහලටම ඔසවා තබමින් කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා. කුසල් ලකුණු 196ක් සහ ධනංජය ලකණු 173ක් රැස් කිරීමට සමත්වුණා.

මේ දෙදෙනා දෙවන කඩුල්ලට ගොඩනැගු සබඳතාව ලකුණු 308ක්.

මේ සුපිරි ඉනිම් ගැන ඔවුන් බංග්ලාදේශයේ චිතගොං නුවරදී අදහස් පලකලා. ධනංජය සිය සුපිරි ඉනිම ගැන අදහස් පළකරමින් කණගාටුව පලකලේ ද්විත්ව ශතකය අහිමිවීම ගැනයි.

කුසල් මෙන්ඩිස් සිය සුපිරි ඉනිම ගැන මෙලස අදහස් පලකලා.

“නැවතත් බංග්ලාදේශයට ලකුණු 196ක් ගැහුවා. ගොඩක් සපෝර්ට් කලා ධනංජය අයියා. ටීම් එකෙන් එළියේ ඉඳලා ඇතුලට ආපු පළමු තරගය. එයා මට ගොඩක් කිව්වා ස්වීප් එක ගහන්න එපා කියලා. ඒගොල්ලෝ ලෙග් එකට තමා ඒ වෙලාවේ ඇට්ටෑක් කලේ.”

ඔවුන් දෙදෙනා දැක්වූ අදහස් පහත විඩියෝවෙන්,

Facebook Comments

more recommended stories

%d bloggers like this: