නවක නළු දසුන් සමුදෙන්න කළින් යාළුවෙකුට කියපු කතාව.(photo)

නව පරපුරේ නළුවෙකු වන දසුන් නිෂාන් ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිම් කාමරය තුල ඔහු සියදිවි හානිකරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

වාර්තා වන අන්දමට දසුන් සියදිවි නසාගැනීමට පෙරදිත් ඔහුගේ මිතුරෙකු සමග සමාජ ජාලයක චැට් කර තිබෙනවා.

ඊයේ ඔහු මිතුරක් සමග චැට් කරපු අවස්ථාවක් පහතින්,

“අම්මට ලහිරුවා…. උඹ ආවේ නැහැ නේ. මම ඉන්න ටිකේ ඒ පැත්තට. සෙට් වෙන්න අපරාදේ. අයියේ ආවාම සෙට් වෙමු බං. ගුට් නයිට් බ්‍රෝ තෑන්ක්ස්.”

පන්නිපිටියේ පිහිටි තමන්ගේ බෝඩිමකදී තමයි දසුන් මෙලෙස සිය දිවි හානිකර ගෙන තිබෙන්නේ.

දසුන් නිෂාන් ද සිල්වා සිරස රූපවාහිනියේ මේ දිනවල විකාශය වන රතු පිච්ච ටෙලි නාට්‍යයේ මෙන්ම හිරු ටීවී ඔස්සේ විකාශය වන කවුරුන්ද නුඹ මගේ ටෙලි නාට්‍යයට ද රංගනයෙන් දායකවී තිබෙනවා. දසුන්ගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

ඔහු මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ.
දසුන් සහාය නළුවෙකු ලෙස ඔහු රගපෑ මංගල චිත්‍රපටය වන “දේදුණු ආකාසේ” ලබන මාසයේ රිදී තිරයේ තිරගතවීමට නියමිතවයි.

දසුන් නිශාන්ගේ ෆේස්බුක් පිටුවේද ඔහු මියගිය බවට ඔහුගේ මිතුරෙක් විසින් පල කර තිබූ පුවත.

දසුන් නිෂාන් පසුගිය අගෝස්තු 26 වන දින ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබූ දේ.

“දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹරට,
ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට……
RIP

ඔහු රගපෑ මංගල චිත්‍රපටය වන “දේදුණු ආකාසේ”  චිත්‍රපටයේ ගීතයකට දසුන් රංගනයෙන් දායකත්වය ලබාදෙන ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.

 

Facebook Comments

more recommended stories

%d bloggers like this: