දයා ගමගේ ගහපු මිලියන 3639 ගැහිල්ල මෙන්න..! (PHOTO)

යහපාලන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය දයා ගමගේ යනු කුප්‍රකට ව්‍යාපාරිකයෙකි. ප්‍රේමදාසගේ ආණ්ඩු කාලයේ සිට දේශපාලඥයින් සමග ඩීල් දමා කෝටි ගණන් කප්පම් ගෙවීමෙන් ධනය උපයා ගත් දයා ගැන මේ වන තෙක් කිසිදු කොමිසමක් නැත.

යහපාලන ආණ්ඩුව යටතේද කප්පම්දී ඉදිකිරීම් ව්‍යාපෘති ලබාගන්නා දයා ගමගේ ගැන කෙරෙන පළවෙනි හෙලිදරව්වය මෙය.

1977 තම සොහොයුරා වූ ගාමිණී ගමගේ සමග අම්පාරට දයා ගමගේ යන්නේ රුපියල් 70ක් පමණක් අතේ තබාගෙනය. ඊට පෙර කල්මුණේ ප්‍රදේශයේ බේකරියක් පවත්වාගෙන ගිය දයාගේ තාත්තාගේ දැන හැදුන්ම්කම් නිසා ණයට පිටි මුට්ටයක් සමූපකාරයෙන් ඉල්ලා ගන්නා දයා ඔහුගේ සොහොයුරා සමග පාන් සහ කේක් හදන්න පටන් කල්මුණේදී තම පියාට තිබූ වෙළද නාමය යටතේයි. ක්‍රම ක්‍රමයෙන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් හා සමීප වන දයා එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස සමග සමීප සම්බන්ධතාවය්ක් ගොඩ නගා ගන්නේ අම්පාර ප්‍රදේශයේ ඇති නිදන් මංකොල්ල කෑමට ප්‍රේමදාසට අවශ්‍ය මිනිස් සම්පත් හා උපකරණ සපයා දීමෙනි.

එයට කෘතගුණ සැලකූ ප්‍රේමදාස අම්පාර කොළඹ මාර්ගයේ කිලෝමීටර 55ක් ඉදිකිරීම දයා ගමගේට ලබාදෙන්නේ ඒ සදහාම ඔහු අළුතෙන් අටවා ගත් දයා කන්ස්ට්‍රක්ෂන් නැමැති සමාගමටයි. මෙම ව්‍යාපෘතියෙන් පසු ඉදිකිරීම් ව්‍යාපෘති කෙරෙහි රහ වැටුන දයා දේශපාලඥයින්ගේ සියළු අවශ්‍යතා ඉටුකරමින් තමන්ගේ ආයතනයට ඉදිකිරීම් ව්‍යාපෘති ලබා ගැනීමට කටයුතු කරන්නට විය.

ප්‍රේමදාසගේ ආණ්ඩුව මෙන්ම චන්ද්‍රිකාගේ ආණ්ඩුව දයාට විශාල ව්‍යාපෘති ගණනාවක්ම ලබා දෙන්නේ දයා ලබාදෙන කොමිස් මුදල විශාල වීම නිසා මිස ඔහුගේ ආයතනයේ ඇති විශේෂඥ දැනුම නිසා හෝ පළපුරුද්ද නිසා නොවේ.

නමුත් දයා ගමගේ වැඩිපුර මුදල් හම්බ කරන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදීය. ඒ ගෝඨාභය රාජපක්ෂගේ නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාදුන් ව්‍යාපෘති හරහායි. ඒ සදහා නාගරික සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීව සිටි මේජර් ජයසුන්දර දයාට විශාල සහයක් ලබාදෙන්නේ අනෙකුත් ඉදිකිරීම් සමාගම් වලට සාපේක්ෂව දයා ලබාදෙන කොමිස් මුදල නිසාවෙනි. එජාපය ඒ කාලය තුල සිරිකොතේ සේවකයින්ට වැටුප් ලබාදීමට පවා නොහැකි තත්වයකට වැටී තිබෙනු දුටු දයා සිරිකොතේ කිහිප දෙනෙකුට වැටුප් ලබාදෙමින් එජාප නායක රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු වීමට සමත් වන්නේ පක්ෂයට ඇති ආදරය හෝ කරුණාව නිසා නොව තමාගේ ව්‍යාපාරික අවශ්‍යතා හේතුවෙනි.

එසේ දූෂිත කොන්ත්‍රාත් සමාගමක් හිමිකරුවෙකු වන දයා ගමගේ යහපාලන ආණ්ඩුව යටතේද සුද්දවන්තෙයෙකු ලෙස රග දක්වමින් සිදුකරන්නේ පෙර කල මජර වැඩම වීමත් ඒ දෙස රට පාලනය කරන යහපාලකයින් ඇස් කන් පියාන බලා සිටීමත් විමතිය දනවන්නකි. මේ දයා යහපාලන රජයේ අමාත්‍යධූරයක් දරන සමයේ සිදුකල ටෙන්ඩර් මගඩියකි.

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් කැබිනට් මණ්ඩලය නොග යවා දයා ගමගේ විසින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේද සහාය ඇතිව ලබාගන්නේ ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම වෙතය. මෙහිදී මහාමාර්ග සංවර්ධන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට පවසන්නේ මෙම ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් සමාගම ඉන්දීයා රාණි කන්ස්ට්‍රක්ෂන් සමාගමේ ඒකාබද්ධ සමාගමක් වන බවයි. නමුත් එය සත්‍ය වශයෙන්ම කැබිනට් මණ්ඩලය මුලාකිරීමක් වන අතර එමගින් දයා ගමගේ වංචණිකව ලබා ගත් ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන 3639කි.

දයා කන්ස්ට්‍රක්ෂන් නමින් මෙපමණ කලක් පවත්වාගෙන ආ සමාගම ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ලෙස නම් වෙනස් කරනු ලැබූයේ 2015 නව රජය බලයට පත්වීමෙන් පසුවය. මෙම ව්‍යාපෘතිය සදහා වැට් නොගෙවීමේ පහසුකමද දයාට ලැබී තිබුණු අතර එමගින් ශුද්ධ ලාභයක් දයාගේ පවුලේ සාමාජිකයින් උපයනු ලැබිණ. මෙවැණි ව්‍යාපෘතීන් 18ක් දැනටමත් දයා ගමගේ විසින් ලබාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා දක්වන නිහඩතාවය පුදුමය දනවන්නකි.

වංචනික ලෙස මිලියන 3639ක් රජයේ ව්‍යාපෘතියක් ලබා ගැනීමේ කැබින් පත්‍රිකාව ඉහතින් දක්වා ඇති අතර ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නංවන බව පවසමින් සුදු ඇදුම් ඇද සිටින දයාගේ තවත් මෙවැනි වංචාවන් සම්බන්ධයෙන් හෙළිදරව්වක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන්න.

 

(voice of ceylon)

Facebook Comments

more recommended stories

%d bloggers like this: